Skip to main content

ඩොලරය ඉතිහාසයේ ඉහළම තැනට නඟී


ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 150 සීමාව පසු කළා.
දිනය අවසානයේදී එහි විකුණුම් මිල සටහන් වූයේ 150.54 ක් ලෙසයි. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 146.52 ක් ලෙසටයි.

රජය මගින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමත් සමඟ මෙලෙස රුපියලේ අගය පිරිහෙමින් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ.