Skip to main content

Posts

Showing posts from November, 2017

අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා ෂේප් එකේ උයනවා

සමහරු හිතන්නේ තේ හදන්න, උයන්න පුළුවන් ගැහැනු අයට විතරයි කියලනේ. ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද...? ඒත්... ඉතින්... ලෝකයේ ප්‍රධාන පෙළේ හෝටල්වල වැඩිපුරම ඉන්නේ කෝකිවරැන්. ලංකාවෙත් එහෙමයිනේ. ඒත්... අපේ කලාකරැවන්ට තේ හදන්න... උයන්න... එහෙම පුළුවන්ද? අපි අහලා බැලුවා... ඔයාලා කියවලා බලන්නකෝ.... අකිල ධනුද්දර කිව්වේ මෙහෙමයි... මම හිතනවා මට එහෙම ෂේප් එකේ උයන්න පුළුවන් කියලා. ඔය අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා මම ෂේප් එකේ එහෙම කෑම ටිකක් හදනවා. හැබැයි වැඩේ කියන්නේ අපේ අම්මට හරි රසට කෑම හදන්න පුළුවන්. ඉතින් අම්මා හදන කෑම නොකන මම හදන අර රහක් නැති කෑම කනඑක එච්චර තේරැමක් නැහැනේ. ඒ නිසා අම්මා තමයි අපේ කෑම හදන්නේ. ඉතින්... ඒකට හොඳ කෑම හදන්නෙත් අම්මා තමයි. ඒ නිසා මම හදන කෑම කාලා මොකටද නිකම් ලෙඩ වෙන්නේ නේද...? තේ එකක් වුණත් මට තනියම හදාගන්න පුළුවන්. හැබැයි ගෙදරදී එහෙම තනියම තේ එකක් හදාගන්න නම් අවස්ථාව ලැබනෙවා හරිම අඩුයි.

යෝගා කියන්නේම ආට් එකක්

Vindy Madapatha is a teacher by profession in a reputed British school located in Dubai and she’s specialized in drama and music. She is a budding vocalist as well as skilled in several music instruments and she shares a deep passion in music. Also she is a Yoga instructor as well as a Zumba instructor for kids. Last but not least she’s a businesswoman who owns a hotel in Kandy. I am a well fit woman හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්නකොට ඒකෙන් අපේ ආකල්ප සුබවාදී වෙනවා, අපේ අදහස් යහපත් අතට උත්ප්‍රේරණය වෙනවා. ඊට අමතරව ඉතින් හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙන එක අනිවාර්යයෙන්ම සියේට සීයක් පුද්ගලිකව වාසිදායකයි. පෙනුම විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යය පවා යහපත් වෙනවා ඒකෙන්. ඒක හරියට ටයිම් මැෂින් එකක් තියෙනවා වගේ තමයි. වයසට යන වේගය හිතාගන්න බැරි විදියට අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි වටේ ඉන්න අපි ආදරේ කරන මිනිස්සුන්ට, යාලුවන්ට, පවුලේ අයට වුනත් එක හොඳ පෙළඹවීමක්. හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙනකොට අපිට දැනෙනවා අපි හරහා අපි වටේ ඉන්න අයටත් සුබවාදී සිතුවිලි ගමන් කරනවා කියන එක. අනික හැමෝම ජීවන රටාවක් විදි

නංගි නිසා වත්සලාට පාඩුයි

අක්කා ෆීල්ඩ් එකේ නමක් දිනාගන්න කොට නංගි ෆීල්ඩ් එකට ඇවිල්ලත් නෑ.කොහොමහරි අක්කගේ විවාහ ජීවිතයත් එක්ක ෆීල්ඩ් එකට තාවකාලිකව සමුදෙනවනේ. ඊට පස්සේ හරි හරියට නංගි ෆීල්ඩ් එකේ වැඩ කරනවා. ආයෙත් අක්කා ෆීල්ඩ් එකට එනකොට නංගිත් ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වත්සලයි බුවනියි රූපෙන් ගත්තත් එක වගේ. කටහඬත් එහෙමයි. ඒ නිසා මේ අක්කා නගෝ ගනුදෙනුව නිසා හැම වෙලේම එක්කෙනෙක්ට පාඩුයි. මෙතනදි වැඩියෙන් පාඩු වුණේ වත්සලාට. මොකද වත්සලා මේ ෆීල්ඩ් එක අතහැරලම යනවානේ. ඇය එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන්.  නංගි නිසා යම් පාඩුවක් සිදු වුණත් අක්කලා නංගිලානේ කියලා ඒ ගැන අබමල් රේණුවක හිත් තැවුලක් ඇතිකර නොගන්න වත්සලා දන්නවා. එකම වගේ සහෝදරියක් හිටියාම ඉතිං මෙහෙම වෙන එක අහන්නත් දෙයක් ද? වත්සලයි බුවීනියි කියන්නේ හරිම ආදරෙන් ඉන්න සහෝදරියන් දෙන්නෙක්. කාට මොන වැඩේ ගියත් මේ නිසා ගැටලුවක් නැහැ. වත්සලාට කොහොමත් ඕනවට වඩා කාර්‍යබහුල වෙන්න අපහසුයි. ඒ ඇය දැන් අම්මා කෙනෙක් නිසා. කොහොම වුණත් වත්සලා ඒ වෙද්දිත් ටෙලිනාට්‍යයක් සහ වෙළඳ දැන්වීම් නිසා තරමක් කාර්‍යබහුල වෙලා හිටියේ.

ලෝක ප්‍රසිද්ධ ඇලන්ගේ වැඩසටහනට ආ පොඩ්ඩා මහනුවරට කීව දේ

The Ellen DeGeneres Show යනු ඇමරිකා එක්සත් ජනපදයේ විකාශය වන ඉතා ජනප්‍රිය  රූපවාහිනි වැඩසටහනක්. එම වැඩසටහන සදහා පැමිණි ඇමරිකානු ජාතික කුඩා දරුවකුට  වැඩසටහන මෙහෙයවන  Ellen  විසින්  නගර වල සිතියම් පෙන්වමින් එවා හදුනා ගන්නා ලෙස කියා සිටිනවා. පළමු සිතියමේ දැක්වෙන ලොස් ඇන්ජලීස් හදුනා ගන්නා එම දරුවා දෙවන වරට පෙන්වන සිතියම ශ්‍රී ලංකාවේ මහනුවර නගරය ලෙස හදුනා ගන්නවා. ඒ සමඟම ඔහු "ඒ නගරය නිකන් යට ඇදුමක් වගේ" යනුවෙන් කල ප්‍රකාශය ප්‍රේක්ෂකයින්ට මහත් හාස්‍යක් ගෙන දෙනවා.  ලොව පුරා කුඩා දරුවන් පවා දන්නා මහනුවර නගරය ගැන අපට ආඩම්බර විය හැකියි. එම අවස්ථාවේ විඩියෝව පහතින් දැක්වේ. 

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවතලන රට

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවත දමන රට බවට සවුදි අරාබියාව පත්ව ඇති බව වාර්තා වේ. දිනකට සවුදි රියාල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් ඉවත දැමීම සිදු කෙරෙන බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වේ. මේ අන්දමින් විනාශකර දමන ආහාර ප්‍රමාණය සවුදි අරාබියාවේ රියාද් නුවර ජනතාවට ප්‍රමාණවත් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබේ. මේ අතර සවුදි අරාබියාවේ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ආහාර වේල් මිලියන 20ක් දිනකට ඉවත දැමීම වළක්වාලීමට සැලසුම්කර තිබේ. එය පුද්ගලයින් 30,000කගේ පමණ පරිභෝජන අවශ්‍යතාවක් ලෙස ද ගණන් බලා ඇතැයි සදහන් ය. කැනඩාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යවන බවට ගණන් බලා ඇත.

රාණි මුකර්ජීගේ පුංචි සුරංගනාවි

බොලිවුඩයේ සුපිරි තරුවලට ඔබ ගොඩාක් ආදරය කරනව. එලෙස ඔබේ ආදරය දිනාගත් බොලවුඩ් තාරකාවියක් තමයි රාණි මුකර්ජි කියන්නේ. මුළු මහත් ලොක්යේම ඉන්න සිනමාලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම සුරූපී තාරකාවිය විවාහ වී සිටිනේ අදිත්‍ය චොප්රා සමගයි. එමෙන්ම මේ වනවිට ආදරණිය දියණියකගේ මවක් වූ රාණී සිය සුරත් දියණිය හා ගෙවන ජීවිතයේ අපූරු ඡායාරූප පෙළක් අපට හුමු වුණා.  එම ඡායාරූප පහතින්

යුද පුහුණුව ලැබූ රුසියාවේ මාධ්‍ය ප්‍රකාශිකාව

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස 26 හැවිරිදි මාධ්‍යවේදිනියක්‌ තෝරා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  රොයියානා මාර්කොමිස්‌කයා (Rossiyana Markovskaya) නම් වන ඇය රුසියානු රූපවාහිනී නාලිකාවක හිටපු වාර්තාකාරිනියක්‌ වනවා. ඇය යුද පුහුණුවද ලබා ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ඇයට විශාල ප්‍රසිද්ධියක්‌ ලබා දී ඇති අතර, ඇය මේ වනවිට රොසියානා ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගුංග් මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරනු ලබනවා.   ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්. .

විශ්ව රූ රැජින තරඟයේ 16 දෙනා අතරට තේරී පත් වුන ලංකාවේ සුරූපී තරුණිය

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන 66 වන විශ්ව රූ රැජින 2017 තරගාවලියේ අවසන් 16 දෙනා අතරට තෙරී පත් වීමට ශ්‍රී ලංකාවේ christina peiris සමත් වී තිබෙනවා . ක්‍රිස්ටියානා 23 හැවැරිදි වියේ පසුවන්නීය. දැනට ජීවත් වන්නේ Abu Dhabi අගනුවර වන අතර ඇගේ උපන් ගම රත්මලාන වේ. ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය. එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන්ද යොදවයි. ඇයගේ මව මෙන්ම ආච්චි හා සීයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේද පිළිකා හේතුවෙනි. මීට පෙර 1955 වසරේ පැවති විශ්ව රූ රැජින තරගයෙන් Maureen Hingert අවසන් දෙදෙනා අතරට තේරි පත්විය . 1955 වර්ෂයන් පසුව ශ්‍රී ලාංකික තරුණියක් අවසන් 16 දෙනා අතරට තෙරි පත් වූ මුල්ම අවස්තාව මෙය වේ .

එංගලන්ත රජ පවුලට මංගල සීනු - හැරී කුමරුගේ අත ගන්න වාසනාවන්තියගේ විස්තර එළියට

බ්‍රිතාන්‍යයේ හැරි කුමරු (33) සහ ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළියක් වන Meghan Markle (36) අද දිනයේ විවාහ ගිවිසගත් බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ. විවාහයට රැජිනගේ අවසරය හිමිව තිබෙන අතර දෙපලගේ විවාහය ලබන වසරේ මුල භාගයේදී සිදුවිමට නියමිතය. Meghan Markle මීට පෙර විවාහා වී සිටියේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Trevor Engelson සමගයි. බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මිට පෙර බ්‍රිතාන්‍යය නිළියක වන Cressida Bonas සමග සහ Chelsy Davy සමග සම්බන්ධතා පැවැත්විය.

වරුන් නිසා දිවි නසා ගන්න යන තරුණිය

ජනප්‍රිය නළු, වරුන් ධාවාන් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ තමන් පසුපස එන තරුණියකගෙන් එල්ල වන තර්ජනයක් ගැනයි. වරුන්ට පළමුවෙන් ම මේ තර්ජනය එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේයි. තවමත් 21 වැනි වියෙහි පසුවන පාසල් ශිෂ්‍යාවක් යැයි පැවසෙන මේ යුවතිය වරුන්ට කියා ඇත්තේ ඔහු, තමන්ව මුණ නොගැසුණොත් දිවි නසා ගන්නා බවයි. ඇය වරුන්ව එලෙස අපහසුතාවට පත් කර ඇත්තේ එක් වතාවක් නොවෙයි‍. ඉන් පසුව ඇය ‘WhatsApp’ මාධ්‍යය ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ද තර්ජනය කර තිබෙනවා. තවත් විටෙකදී වරුන්ගේ දුරකතනයට නාඳුනන අංකයකින් කතා කළ ඇය පවසා ඇත්තේ තමන් විසින් එවන ලද WhatsApp පණිවුඩවලට පිළිතුරු නොඑවුවහොත් තමා දිවි නසා ගන්නා බවයි. මේ නිසා වරුන් ධාවාන් මේ යුවතිය ඇමතූ අංකවලට බාධක යෙදීමට කටයුතු කළා. වරුන් මේ යුවතියගේ තර්ජනාත්මක පණිවුඩ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළේ Santa Cruz පොලිසියේ සයිබර් අපරාධ කටයුතු පිළිබඳ අංශයටයි. “අපිට වරුන් ධාවාන් ගෙන් මේ ගැන පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපි ඒ ගැන පරීක්ෂණ සිදු කරනවා.” එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවා.

මගෙ කොල්ලා එයා නෙමෙයි…මෙන්න මෙයා

ජැක්සන් ඇන්තනීගේ ලොකුදුව මාධවී ඇන්තනී සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වුණා. ඒ නාමල් රාජපක්ෂ සමග දැමූ ඡායාරූපයක් නිසා ඒ අතර නැවතත් මාධවී විසින් ඡාරූපයක් සමාජ මාධ්‍යට නිකුත් කිරීමත් සමග නැවතත් එම කතාබහ අලුත්වී තිබෙනවා. ඒ සිය පියා වන ජැක්සන් ඇන්තනී සමගයි. එහි ඇය සටහන් කර තිබුණේ “මගේ කොල්ලා එයා නෙවෙයි මෙන්න මෙයා” කියලායි’ මේ එම ඡායාරූපයයි.

අපේ රටේ සංස්කෘතිය නවසීලන්ත වැසියන්ට පෙන්න විදි පුරා ගමන් කරපු හැටි

Farmers Santa Parade Auckland 2017 සැණකෙළිය වර්ණවත් කරමින් ප්‍රථම වරට අපේ රටේ සංස්කෘතික අංගයන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී දැකබලාගන්න පුළුවන් වුණා.. මෙම සැණකෙළියේදී අපේ රටේ සංස්කෘතිය නවසීලන්ත වැසියන්ට දැකබලාගන්න පුළුවන් වුණේ නදීකා ප්‍රියදර්ශනී ඇතුළු Dancing Angels නර්ථන කණ්ඩායමේ පිරිස නිසයි.. Dancing Angels යනු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදනම් වුනු ශ්‍රී ලාංකික නර්තන දක්ශතා වලින් පිරි නර්තන කණ්ඩායමක්ද වනවා. පසුගිය 26 වන ඉරිදා දින පැවැත්වුණු මෙම සැණකෙළිය දැක බලාගැනීමට නවසීලන්ත වැසියන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් පැමිණ තිබෙනවා.