Skip to main content

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවතලන රට

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවත දමන රට බවට සවුදි අරාබියාව පත්ව ඇති බව වාර්තා වේ.

දිනකට සවුදි රියාල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් ඉවත දැමීම සිදු කෙරෙන බවට ගණන් බලා ඇත. මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වේ. මේ අන්දමින් විනාශකර දමන ආහාර ප්‍රමාණය සවුදි අරාබියාවේ රියාද් නුවර ජනතාවට ප්‍රමාණවත් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබේ.

මේ අතර සවුදි අරාබියාවේ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ආහාර වේල් මිලියන 20ක් දිනකට ඉවත දැමීම වළක්වාලීමට සැලසුම්කර තිබේ. එය පුද්ගලයින් 30,000කගේ පමණ පරිභෝජන අවශ්‍යතාවක් ලෙස ද ගණන් බලා ඇතැයි සදහන් ය.

කැනඩාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යවන බවට ගණන් බලා ඇත.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.