Skip to main content

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න )

නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්....
පිරිමින් යනු කවුදැයි හඳුනගන්....
අම්මෙක් සහෝදරියක් ගැන හෝ
හැගීමක් නැති පරයන්...,
ගෞරවය යනු කුමක්දැයි පහදන්..

ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..

සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..

ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..

වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය.. ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත..

යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්‍යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස ප්‍රශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත.. එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි..

පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි.. කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..

කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිත්‍රපට අනුව සිතන පේජ් ඇඩ්මින්ලා ඇයගේ මංගල ඡායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනප්‍රියතාවය වැඩි කරගැනීමට තැනීමයි..

ඇයට වැරදුනි.. ඔව් සත්‍යයය.. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපසඟ දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කර.. ර්‍ණමේකිට හු/)ෆන්න තිබ්බනම්” ආදී වශයෙන් තෙපළා දැන් අවසානයේ ඇයගෙ මංගල ඡායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය…

ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡ මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න..

ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහින්සක කෙල්ලන්ව දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡායාරූපය සාක්ෂි දරනවා ඇත..

ශ්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය..

ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය..

පානදුර නංගී පතිකුළයට
සිල් බිදන ලෝකේ
සිල් රැක්ක සමහරැ
සීලේ රකිනා මිනිසුන්
යන්න පිටවී
මෙවන් ලොවකින්
අසමත්ජාති තිරිසනුන් .......

කුමරි ඹබසර
බිදුනු පමනින්
ප්‍රේමයේ නටඹුන් තුළින්
යන්න ඇහැකි
තවත් ලොවකට
පතිනියක වී
හරි හොදින්. .........

සුසුම් සිරවී
යහන් මත්තේ
සනාසී පෙම් කල පවින්
යන්න සිතුව
දිවිය තොර කර
නොඑන්නට යලි
ගිය ලෙසින් ........

යහනේ සැතපී
වතට බරවී
පෙම් කරපු පණ රත්තරං
නුඹයි මාගේ
උතුම් සදවත
මගේ හුස්ම තියනා
දුරින් ......

මලක් පරවී
පෙත හැලෙන විට
පොඩි කරත් මල දුර ගිහින්
මලේ සවදට
ආපු ඹබරා
කෙලස පියඹා
යයිද ඉතිං.....

-උපුටා ගැනීමකි-

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :