Skip to main content

මට අවශ්‍ය ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න


2018-07-25-ent-13
කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කළ බුද්ධි චන්ද්‍රසිරි මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙස කටයුතු කරමින් සිටියි. වසර කිහිපයක් තිස්සේ නොයෙකුත් කලා නිර්මාණවලට දායක වෙමින් නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඇති ඇය නිරූපිකාවක් ලෙස වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය ගැන දැක්වූ අදහස් කිහිපයක් මේ.

ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම?2018-07-25-ent-12
මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 2014 වසරේදී. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අංශයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතුත් එක්ක මම බොහෝම ළඟින් වැඩ කළා. විශේෂයෙන්ම නර්තන, නිරූපණ ඡායරූපගත කිරීම් වගේ දේවල්වලට. ඒවත් එක්ක තමයි මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ.

කලා කටයුතුවලට ඔබ දුන් දායකත්වය?
මුලින්ම කියන්න අවශ්‍යයි නිරූපණ ක්ෂේත්‍රයේ මම නියැලුණේ පුර්ණකාලීනව නෙවෙයි. ඒ කියන්නේ මම වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් විදිහට නෙවෙයි වැඩ කළේ. මම ඉගෙන ගන්න ගමන් ‘හොබී’ එකක් විදිහට නිරූපණ වැඩ කරපු කෙනෙක්. හැබැයි මම අලෙවිකරණ අංශයේ ඉගෙන ගත්ත නිසා මේ ක්ෂේත්‍රයේ වෙනම පැත්තකට මාව අද වනවිට යොමු වෙලා තියෙනවා. මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ වගේම චමිල් විජේනායක අයියාගේ ‘ආදරේ කියන්නකෝ’ ගීත රූප රචනාවට සම්බන්ධ වුණා. ඒ ගීත රූප රචනාව හරහා තමයි මාව ගොඩ දෙනෙක් අඳුනගත්තේ. ටෙලි නාට්‍යය තුන හතරකට හා චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණත් කුමන හෝ හේතුවක් මට මට ඒවාට සම්බන්ධ වෙන්න බැරිවුණා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරනවා නම් මම දැනට වෘත්තිය මට්ටමේ නිරූපිකාවෝ කිහිප දෙනෙක් දකිනවා. දක්ෂ නිරූපිකාව අද ගොඩක් අඩුයි මේ ක්ෂේත්‍රය තුළ. ඒ වගේම කියන්න ඕනා අලුතින් මේ ක්ෂේත්‍රයට එන ගොඩක් නිරූපිකාවෝ ඉන්නවා. ඒ අයව ජාත්‍යන්තර මට්ටම ගේන්න මීට වඩා සහයෝගයක් කාගෙන් හරි ලැබුණා නම් ගොඩක් වටිනවා. ඒ අතරේ නිරූපණ ක්ෂේත්‍රයේ විනාශ කරන පිරිසකුත් ඉන්නවා. මම එයාලා ගැන විවේචනය කරනවා නෙවෙයි. ඒ අය මොනවා කළත් මම නම් හිතන්නේ එයලා එයාලාවම හොඳට ජනප්‍රිය කරගන්නවා කියලා.

කලාව පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
මම හිතන්නේ මගෙන් මේ ප්‍රශ්නයට උත්තරේ ටිකක් අඩුවෙන් හම්බ වුණොත් ඇති. මොකද, දැනටමත් මගේ පාර වෙනස් වෙලා ඉවරයි. කලාව පැත්තට යොමු නොවුණත් මගේ එකම බලාපොරොත්තුව උණේ කවදහරි හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. මම දැන් ඒ පැත්තට යොමු වෙලා ඉවර නිසා අනෙක් දේවල් ගැන හිතන්නේ හරි අඩුවෙන්.

මොනවද ඉලක්ක?
මම කලින් කිව්වා වගේ මගේ ඉලක්කය දැන් වෙනස් පැත්තකට යොමු වෙලා තියෙන්නේ. මම මෑතක් වෙනකස් සන්නාම කලමණාකාරිණියක් විදිහට සේවය කළා. දැන් මගේම කියලා ව්‍යාපාරයකට අතගහලා තියෙන්නේ. ORO MEDIA නමින් ඇඩ්වර්ඩයිසින් එජන්සියක් පටන් ගත්තා. මම නිරූපණ ක්ෂේත්‍රයේ ලබාගත්තු අත්දැකිම් සහ මම ඉගෙන ගත්තු දේවල් වලින් මේ ක්ෂේත්‍රයට හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අයේමත් නිරූපණයට යොමු වෙන්න අදහසකුත් තියෙනවා මට.

කවුද උදව් කළේ?
මම දැන් ඉන්න තත්ත්වය ගැන කතා කළොත් මම ස්තුතිවන්ත වෙන්න ඕනා ගයාන් කරුණාරත්නට. ඔහු මගේ පෙම්වතා වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක්. මේ වැඩවලදී ගොඩක් උදව් කරන්නේ ඔහු. ඊට අමතරව මගේ පවුලේ අය, මගේ සමිපතම මිතුරු, මිතුරියන්වත් මේ අවස්ථාවේදී මතක් කරනවා.

බුද්ධික සේනාධීර

2018-07-25-ent-102018-07-25-ent-11 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.