Skip to main content

පුවත්පත් කියවීමේදී වචන පැටලුණු අවස්ථා තිඛෙනවා -මධුරංගි නාරායන

සෑම උදෑසනක පෙ.ව 6 සිට 7. 30 දක්වා ඔබ චැනල් අයි නාළිකාව නරඹන ප්‍රේක්ෂකයකු නම් ඉන් එක් උදැසනක ඇගේ රුව ඔබ නෙත ගැටී ඇතී සේම ඒ හඬ ට සවන් දී ඇති බවද නොඅනුමානයි. ඒ, ඍසිැ ්බා ීයසබැ වැඩසටහන මෙහෙයවන්නිය ලෙස පුවත් පත් තොරතුරු ඇතුළු දෙස් විදෙස් තොරතුරු රැසක් සමගින් ඔබේ ආලින්දයට ඇය පැමිණෙන නිසාවෙනි. ඉතින් ඒ රුව හා හඬ සේම මධුරංගි නාරායන යන ඒ නමද ඔබට ළෙන්ගතුය. මෙවර අපට හමු වූ පත්තරේ මිතුරිය ඇයයි.
ඍසිැ ්බා ීයසබැ වැඩසටහනට මධුරංගිගේ එක්වීමෙන් අපේ කතා බහ අරඹමු?


මම පාර්ට් ටයිම් ප්‍ර‍සන්ට කෙනෙක් විදිහට මේ ගමන පටන් අරන් තවම බොහොම ටික කාලයයි. නිවේදිකාවක් වීමේ කැමැත්තක් මා තුළ තිබු නිසාම චැනල් අයි නාළිකාවේ නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණයකට අයදුම් කරන්න පෙලඹුණා. ඉන් සමත්ව නිවේදිකාවක් ලෙස මට මුලින්ම මෙහෙයවන්න ලැබුණේ ඍසිැ ්බා ීයසබැ වැඩසටහනයි.

ඔබේ පළමු වැඩසටහනේ මතකය අවදි කළහොත්?

පසු ගිය වසරේ ඔක්තෝබර් 28 වෙනිදා තමයි මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කළේ. ඇත්තටම වැඩසටහන ඉදිරිපත් කරන්න ඉවසිල්ලක් නැතිව හිටියේ. ඉවර වෙලා එළියට එද්දි දැනුණු සතුට කියලා නිම කරන්න බැහැ.

පළමු නිවේදනයට ලැබුණු පළමු ප්‍ර‍තිචාරය ?






මගේ පවුලේ අයගෙන්. හොඳ ප්‍ර‍තිචාර තමයි ලැබුණේ. නමුත් ඒ එක්කම මට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලත් ඔවුන් මතක් කර දුන්නා. මට එවැනි ප්‍ර‍තිචාර ලබන්න හැකි වුණේ වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය සුනන්දා හෙට්ටිආරච්චි, නිෂ්පාදකවරුන් වන දුලංක තෙන්නකෝන්, සුභාෂණ ගමගේ සහ අචල සොලමන්ස් යන මහත්ම මහත්මීන්ගෙන් ලැබුණු සහය සහ මග පෙන්වීම නිසයි. ඒ වගේම මේ ගමනට මා උනන්දු කළ රෝහණ සිරිවර්ධන ගෞරවයෙන් මතක් කළ යුතුයි.

ඉදිරිපත් කිරීම් අතරතුර වැරැදුණු අවස්ථා තිබුණාද?

පුවත් පත් තොරතුරු කියවීමේදී ඒ කියන තොරතුරු වැරැදිලා නම් නැහැ. නමුත් වචන පැටලුණු අවස්ථා තිඛෙනවා.

එදිනෙදා පුවත් තෝරා ගැනීමේ ක්‍ර‍මවේදයක් තිඛෙනවාද?

විශේෂිත ක්‍ර‍මවේදයක් නැහැ. මේ වැඩසටහන ඉදිරිපත් කරන්න දෙදෙනෙක් එකතු වෙනවා. ඉතින් අපි දෙදෙනාම තමයි කියවන්න අවශ්‍ය පුවත් තෝරා ගන්නේ. එහිදී මෙරට, ජාත්‍යන්තර සහ ක්‍රිඩා පුවත් වෙත අවධානය යොමු වෙනවා. ඉන් සමාජයට අතිශයින් වැදගත් වේවි යැයි සිතන පුවත් තෝරා ගැනෙන අතරම එදිනෙදා ලෝ වටා නව සිදුවීම්, නව නිර්මාණ සහ නිපැයුම් වගේ තොරතුරු රැසක්ද අපි ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා.

එකම පුවත විවිධ පුවත්පත්වල විවිධ ලෙස වාර්තා කළ අවස්ථා තිඛෙනවා. එවිට නිවැරැදි තොරතුරු තෝරා ගන්නේ කෙසේද?

මම කලින් කිව්වානේ දෙදෙනෙක් මේ වැඩසටහන කරනවා කියලා ඉතින් එවැනි ප්‍ර‍වෘත්තියක් තිබුණොත් අනිත් කෙනා ඒ තොරතුරු කියෙවුවාට පසු ඒ පුවත් පතෙහි නැති තොරතුරක් අනිත් පුවත් පතෙහි වාර්තා කර තිඛෙනවා නම් මම ඒ නැති තොරතුරු ටිකත් කියවනවා. අපි එසේ කරන්නේ නිවැරැදි තොරතුරු සියල්ල ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්නයි.

තෝරා ගත් පුවතක් වැඩසටහන අතර තුර මග හැරුණු අවස්ථා තිඛෙනවාද?

ඇතැම් වෙලාවට මගහැරිලා තියෙනවා. ඒ කාල වේලාවේ ගැටලුව නිසා.

සාමාන්‍ය ජීවිතයේදී පුවත් පත් කියවීමට රුචියක් දක්වනවාද?

ඔව්. හැකි සෑම විටෙකම වාගේ මම කියවනවා.

කියවීමට වඩාත් ප්‍රියකරන පුවත් පත්?

සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ මැගසින් එක කියවන්න බොහොම කැමැතියි. ඒ වගේම අපේ ගෙදරට සරසවිය පුවත් පත අනිවාර්යෙන් ගැනෙනවා. ඒ නිසා සරසවියත් වැඩිපුර කියවන පුවත් පතක්.

වෘත්තීමය නිවේදිකාවක් වීමේ බලාපොරොත්තුව තිඛෙනවාද?

ඔව්. ඇත්තටම නිවේදනය මගේ ආසාවට පටන් ගත් දෙයක් වුණත් මගේ ප්‍ර‍තිරූපයක් හදා ගෙන මේ ක්ෂේත්‍රයේ ‍ඉදිරියටම යන්න කැමැතියි. නමුත් මට හදාරන්න බොහොමයක් දේවල් තියෙනවා. ඉදිරියේදී හොඳ අධ්‍යයනයක් වගේම පුහුණුවක් ලබමින් මගේම අනන්‍යතාවක් ගොඩ නඟා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

උදෑසන වැඩසටහන හැරුණු විට ඔබ ඉදිරිපත් කරන තවත් වැඩසටහන් මොනවාද?

රූපවාහිනි නාළිකාවේ ‘රටා‘ නමින් අලුත් වැඩසටහනක් පටිගත කළා. ඉදිරියේදී එය විකාශය වීමට නියමිතයි.

සිළුමිණ ඇසුරෙන

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.