Skip to main content

ඒ කොල්ලා මගෙම වෙනවනම් කියලා මට හිතුණා..



දැන් අපිට කරන්න තියෙන්නෙ බොහොම ලස්සන සීන් එකක්. මේක බොහොම හැඟු‍ම්බර විදිහට, කෝල විදිහට රඟපාන්න  ඕනෙ. සසිපබා ළඟට සාලිය ඇවිත් සසිපබාගෙ මූණ බලලා ආදරේ ප‍්‍රකාශ කරන්න  ඕනෙ. හරි හොඳයි අපි රිහර්සල් එකක් ගනිමු.”

අධ්‍යක්ෂ සනත් අබේසේකර, දර්ශනයේ ස්වභාවය මදක් පැහැදිලි කර දුන්නේය.
අධ්‍යක්ෂ කැමරා කාචයෙන්, මේ නළු නිළි යුවළ දෙස බලා සිටියේය.
සසිපබා ළඟට ආ සාලිය, ඇය දෙස බලා සිටියි.
සසිපබා, මගෙ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ඉපදිලා තියෙනවා. සාලිය පැවසුවේය. එහෙත් ඔහුගේ කටහඬ වෙව්ලයි. ඔහුගේ හැඟීම්ද හොඳටම සසලය. සසිපබා මේ දර්ශනයට මුහුණ දෙන්නේ ද සජීවී ලෙසින් නොවේ.

හරි නෑ හරි නෑ.. සසිපබායි සාලියයි දෙන්නම ආදරේ ප‍්‍රකාශ කරන්න දන්නෙ නෑ. සාලිය ඔයා මීට කලින් කිසිම කෙල්ලකුට ආදරේ ප‍්‍රකාශ කරල නැද්ද?
අධ්‍යක්ෂ ඇසුවේය. ”තව රිහර්සල් එකක් කරන්නත්‍ව. ඔය සීන් එක ඔයිට වැඩියෙ සජීවී වෙන්න  ඕනෙ මට පේන්නේ සාලියයි සසිපබායි දෙන්නම බයවෙලා වගේ.. සසිපබාගෙ අම්මා ඉන්න එකද ප‍්‍රශ්නෙ..”

ආදරය ප‍්‍රකාශ කරන දර්ශනයෙ නැවත වතාවක් ගන්නට සූදානම්ය. සාලිය සසිපබා ළඟට ආවත් එතැනින් පසු ඔහු සසිපබාට ආදරය ප‍්‍රකාශ කරන ආදරයේ සජීවී ගතියක් නොමැත.

”නෑ නෑ නෑ ඔහොම නෙමෙයි.. දෙන්නම අරහෙට ගිහින් පුළුවන් තරම් මේ සීන් එක පුරුදු වෙලා එන්න.. එතකං අපි ඊළඟ සීන් එකකට යමු.”

අධ්‍යක්ෂ තම සහාය අධ්‍යක්ෂවරයාට කීවේය. සසිපබා අම්මා ළඟට දිවගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය. සාලිය ද මුහුණ රතු කරගෙන සසිපබා ළඟට ගියේය.

”ඔයාලා බයවෙලා පුතේ.”

සසිපබාගේ තනි නොතනියට පැමිණ සිටි ඇගේ අම්මා පැවසුවාය.

තොල්වල මතුවුණ දහදිය පිසගත් නළු නිළි යුවළම වතුර උගුරු කිහිපයක් බැගින් ද පානය කරිරිලැක්ස්’ වන්නට උත්සාහ ගත්හ.

අනතුරුව ඔවුහු නැවත වරක් ආදරය ප‍්‍රකාශ කරන භාරධූර රංගනය පුරුදු පුහුණු වූහ.

සඳවතක සේයා නම් වූ ටෙලි නාට්‍යය සඳහා සාලිය සහ සසිපබා ලෙස පෙනී සිටියේ සාරංග සහ උමාලි නම් නළු නිළි යුවළයි.

ඇත්තටම එදා ඒ සීන් එක රඟපාන්න ගිහින් මොකද වුණේ සාරංග..

මම සාරංග දිසාසේකරගේ මුහුණට එබී බලමි.

ඔහුගේ දෙතොල මන්දස්මිතයකින් නැහැවී ගියේ ය.
”මට හිතෙන්නෙම ඒ වෙලාවෙ උමාලි ගැන ලොකු ආදරයක් මගෙ හිතේ පිරිල තිබුණාත්‍ව ඒ නිසා ඒක ඇත්තටම කියන දෙබසක් කියලා මට හිතෙන්න ඇති.... බැරි වෙලාවත් උමාලි බෑ කිව්වොත් කියන බය මගෙ යටිහිතේ තියෙන්න ඇති..”

ඔයාටත් එහෙමද උමාලි?
”ඔව්.. සාරංගව දැකපු ගමන්ම මටත් හිත ගියාත්‍ව ඒ ලස්සන කොල්ලා හැමදාම මගෙ වෙනව නම් කියලා මට හිතුණාත්‍ව”

අර සීන් එක කරද්දි ඔයාටත් බය හිතුණා ද ඉතින්ත්‍ව.
ඔව් අම්මත් බලන් හිටියනෙත්‍ව.

සාරංගත් උමාලිත් දෙදෙනාම සිනාසෙති. හිත මොන තරම් ආදරයකින් පිරුණත් ඒ ආදර හැඟීම වචනවලට පෙරලීම මොනතරම් අමාරු කටයුත්තක් ද?

සිවිල් ඉංජිනේරුවකු ලෙස ගමට පාලමක් හදාදෙන්නට පැමිණි සාලිය අවසානයේ සසිපබාට සාර්ථක ලෙස ආදරය ප‍්‍රකාශ කළේය. මේ ටෙලිනාට්‍යය අවසන් වන්නට කලින් දිනෙක සාරංග නැවත වරක් ඔහුට රඟපාන්නට අපහසු වූ දර්ශනය සාර්ථක ලෙස රඟපෑවේය.

”උමාලි එදා මට හරියට කියාගන්න බැරිවුණ දෙබස් ටික, මට ආයෙමත් හරි විදිහටම ඔයාට කියාගන්න  ඕනෙ.”

සාරංග කීවේය.

උමාලිගේ හදවතේ විදුලියක් ඉපදී මුලූ‍ සිරුර පුරාම පැතිර ගියේය.

ඇත්තවශයෙන්ම ඇය ද බලාසිටියේ මේ ආදරණීය දර්ශනය සාලියටත් සසිපබාටත් පමණක් සීමා නොකර සිටීමටය. උමාලි යාම්තමට සිනාසී සාරංග දෙස බැලූ‍වාය.

”උමා ඇත්තටම මම ඔයාට ආදරෙයිත්‍ව මට හිතෙනවා අපි දෙන්නා ලස්සන කපල් එකක් වෙයි කියලාත්‍ව.”

සාරංග කීවේය.

උමාලි වහාම සාරංගගේ අත අල්ලාගත්තාය.

සාරංග එදාම ගෙදර ගිය විගස අම්මාට මේ ආදර කතාව පැවසුවේය. උමාලි ද තම මවට සාරංග ගැන කීවාය.

හැමෝම කැමති වුණාද? ඉතිං

මම මනමාලයා දෙස යටැසින් බලමි.



”අම්මල දෙන්නනම් අවුලක් වුණේ නෑ. ඒත් උමාලිගෙ තාත්තා නම් කැමැත්තක් පෙන්නුවෙම නෑ. එයා ඉක්මනටම උමාලිව මගෙන් ඈත්කරල ජපානෙට යැව්වා.”

නාට්‍යෝචිත අවස්ථාවකි. මේ කතාවත් ටෙලි නාට්‍යයක එන සිදුවීමක් දැයි මට මොහොතකට සිතිණි.

ඊට පස්සෙ?

මම සාරංගගේ මුහුණ බලමි.

”උමාලි ජපානෙට ගියා. ඒ යන්න කලින් මට කියලා ගියේ එයා ජපන් යන්නෙ ඉගෙන ගන්න කියලයි. කොහෙ හිටියත් හිත තියෙන්නෙ මගෙ ළඟ කියලා කිව්වා. මං හිත හදාගත්තා. උමාලිගෙ අම්මා වුණත් මගෙ හිත හැදුවාත්‍ව”

තාත්තා විතරයි උදැල්ල දැම්මෙ?

”ඔව්”

ජපානෙ ජීවිතේ කොයිවගේද උමාලි?

මම උමාලි දෙස බලමි
මම ජපානෙදි සිංදුවක් කිව්වා. ඒක සාරංග වෙනුවෙන් ඒවගේම මගේ තනිකම ගැන.


මේ තරම් මල් ඇයි හිනාවෙන්නේ
මේ තරම් හැඟු‍මන් කොහෙන් එන්නේ
කිසිම දවසක නුදුටු නුපුරුදු
සොඳුරු මිහිරෙන් හිත පිරීයන්නේ
වසන්තය මල් අරන් ඇවිදින්
තුරුණු හිත ළඟ හැඟු‍ම් පුබුදන්නේ

ඔය සිංදුව කියලා මම සාරංගට ඊමේල් කළාත්‍ව

”ඔය කාලෙදි වැලන්ටයින් දවස් එහෙමත් එන්න ඇතිත්‍ව ආවා.. ආවාත්‍ව.”

සාරංගත් උමාලිත් උත්තර දෙන්නේ එකටමය.

වැලන්ටයින් දවසට මම කළේ ජපානෙ සමාගමකට සල්ලි යවලා රෝස මල් චොකලට් වගේ දේවල් සමාගම හරහා උමාලිට යවන එක. උමාලිත් එයාගෙ යාලූ‍වො හරහා එදාට මට තෑගි එව්වා. ඒත් ඒ තෑගිවලට වැඩියෙ මට වටිනාකමක් දැනුණෙ වැලන්ටයින් දවසට උමාලි මට ලියල එවන පුංචි පුංචි කවිවලට.
සාරංග උත්තර දුන්නේය.

”එක වැලන්ටයින් දවසක සාරංග මට තෑගි දුන්නෙ ටෙඩියෙක්ත්‍ව මම ඒ ටෙඩියට හරිම ආදරෙයි. සමහර වෙලාවට තනියම රට යනකොටත් මම ඒ ටෙඩියව අරන් යනවා.”

උමාලි ඇගේ මතක පොත පෙරලූ‍වාය.

උමාලි ජපානයේය.

සාරංග ලංකාවේය.

එහෙත් ඔහු ලංකාවේ අතිශය කාර්යබහුල පෙම්වතෙක් විය. උමාලි ජපානයේ තනිව සිටිය දී සාරංග ලංකාවේ තවත් කෙල්ලන් සමග පෙම් ජවනිකා රගපෑවේය.

”ඒක මගෙ රස්සාව.”

සාරංග තමන්ගේ පෙම් සබඳතා සාධාරණීකරණය කළේය.

”මම නළුවෙක් විදිහට පෙම්වතාගේ චරිතය රඟපෑවෙ..”

”උමාලිට අප්සෙට් නැද්ද ඉතින්. තමන්ගෙ කොල්ලා වෙනින් කෙල්ලො එක්ක පෙම් රැුඟු‍ම් රඟනවාටත්‍ව”

”මුලින් මුලින් දුක හිතුණා. ඒත් ඉතින් මං යථාර්ථය තේරුම් ගත්තා. සාරංග හැබෑ ජීවිතේ දී ආදරේ මට විතරක් බව මං දන්නවනෙ”

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ
ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ
හීනයෙන් පවා
ඒ හීනගත්ත ? හීන සේ
නෙතුගාව නැවතිලා පායා
මනමාල හැඟු‍මන් අපේ හිත පාරලා
තුරුලට වෙන්නම් ඔය හිතමත්තේ
ජීවිතේ ළඟ නිහඬව ඉන්නම්
ඔය නෙතුමානේ ආදරේ නිසා
ලස්සන දුන් ඔබ ඔය කඳුළු සේයා
දුර ඈත ඔබ යනවා සඟවා
හැඩකාර හැඟු‍මෙන් අපේ ළඟ පෑහිලා

මොකක්ද මේ සිංදුව?

උමාලිත් සාරංගත් කියන මේ ගීතය ගැන මම අසමි

”උමාලි නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක කරපු සිංදුවක්.”

මේ පෙම්වත්තු පසු දවසක විවාහ වූහ. ඒවනවිටත් උමාලිගේ ජපන් රටේ අධ්‍යාපනය අවසන්ව තිබුණේ නැත.

තාත්තගෙ උදැල්ල ඔයාලගෙ විවාහයට අවුලක් වුණේ නෑ..

මම සාරංග ගෙන් රහසින් අසමි.





නෑ තාත්තා බොරුවට අකමැත්ත පෙන්නල තියෙන්නෙ. පස්සෙ දවසක තාත්තා මට කිව්වෙ තාත්තා දුෂ්ටයෙක් වගෙ හිටියෙ නැත්නම් මේ පේ‍්‍රම කතාව ලස්සන වෙන්නෙ නෑ කියලයි.  ඕනෑම පේ‍්‍රමයක් ලස්සන වෙන්නෙ බාධක තිබුණ තරමට බව තාත්තත් දන්නවලූ‍.”

සාරංගත් උමාලිත් සමග මමත් හඬනගා සිනාසුනෙමු.

ඉනික්බිති ඔවුන්ගේ විවාහය සිදුවිය. එදා මේ පෙම් යුවළ ගායක යුවළක් බවට ද පත්වූහ.

ආදරේ කතන්දරේ
රහසේ පිටුවක පෙරලූ‍නා
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරලූ‍නා
දෙහදක් යාකළ හදවත සේයා
ඔබ මා තුරුලේ නැවතුනා

සිත්විලේ පිරුණු ආදරේ
උතුරා දෙනෙතේ හැංගුනා
හිරුදිනී පායා හදේ
මදුමල් සිහිනේ යාවුනා
හසරැුල් මුවගේ පීදුනා
රන්හුයෙන් බැඳුණු පේ‍්‍රමයේ
මිහිරියි ඔබ හා කල්පනා
ඔබ මගේ සොඳුරී හදේ
ආදරේ වර්ෂා වෑහුනා
දෙහදේ පැතුමන් ඉටුවුණාත්‍ව

විවාහ වූ ඔවුහු ජපානයට ගියහ.

කොහොමද සාරංග ඒ දවසේ

මම අසමි

”අපි මාස එකහමාරක් විතරම ජපානෙ හිටියා. ඒකාලෙ කියාතෝ පැත්තට ගිහින් පරණ විහාරාරාමවල නටබුන් එහෙම බලාගත්තා. පූජි කන්දට එහෙමත් නැග්ගා. ඒ ගමන හරිම සුන්දර මතකයක් හිතේ ඉතිරි කළේ.”

උමාලි අද සාරංගගේ පියඹයි. උයා පිහා ඔහුට කන්නට දෙන්නේ ද ඇයයි.

”උමාලි නිර්මාංශයි. නමුත් ඇය හරිම රසවත් විදිහට ජපන් කෑම වර්ග හදනවා. විවිධ නූඕල්ස්, සුප්, තෙම්පුරා වගේ කෑම. එළවලූ‍ වුණත් උමාලි උයන්නේ වෙනස් වෙනස් ක‍්‍රමවලට.

සාරංග, උමාලි දෙස හොරෙන් බලයි.

කන්න පුලූ‍වන්ද ඉතිං

මම උමාලි දෙස හොරෙන් බලමින් අසමි.

”මොකද කන්න බැරි සාරංග ඒ කෑම කන්නෙ පෙරේතයා වගේ.”

උමාලි ඇගේ කෑම ගැන කියන්නේ සිනා සිසීය.

ඔවුන්ගේ කැදැල්ල හෙට දවසේ වඩාත් සුන්දර වනු ඇත. නළු නිළි යුවළක් පමණක් නොව ගායක ගායිකා යුවළක් ද වන මේ තුරුණු අඹු සැමි යුවළ ආදරයෙන් බැඳී ආදරයේ මිහිර ලොවට කියාදෙමින් සිටිති.

”මේ වැලන්ටයින් එකටත් අපි දෙන්නා අලූ‍ත්ම සිංදුවක් රිලීස් කරනවා.”

උමාලි සාරංගට අමතක වූ කාරණාවක් සිහිපත් කළාය.

ඒ මොකක්ද? මම අසමි.

මේ තරම් සෙනෙහසින් ළංවෙලා සැමදා
සීතලේ උණුහුමෙන් පෙම් කළා ? පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා
නොහඬා ඉන්න මං
හැමදා එන්න ඔබ
රැුඳිලා ඉන්න දිවියේ

සාරංගත් උමාලිත් තාලයට ගයන්නට පටන්ගත්හ.

සැබැවින්ම මේ අඹුසැමියන්ගේ ආදරණීය ප‍්‍රාර්ථනාවයි.












Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල