Skip to main content

අභිරහස් සිදුවීමකින් හංවැල්ලේ ගමක් හොඳටම කැළඹිලා – අහසින් ගලුත් වැටිලා

 



අපේ වට පිටාවේ සිදුවන සමහරක් කඩාකප්පල්කාරි ක්‍රියාවන් මිනිස්සු කරනවද ? භූතයෝ කරනවද කියලා හිතා ගන්න බැහැ…
ඒ වගේම සිදුවීමක් තමයි හංවැල්ලේ වැලිකන්න ඇල්ලකන්ද ගම්මානයට වෙලා තියෙන්නේ.
ඇල්ලකන්ද පැත්තේ ගෙවල් වලට අභිහරස් විදිහට උදේ රැයක් නැතුව ගල් වදිනවා.
මේ ගමේ පවුල් 180ක් විතර ජීවත් වෙනවා.
ඒ අතර සිංහල පවුල් වගේම දෙමළ පවුල් ද ජීවත් වෙනවා. හැබැයි මෙයාලා කිසිදු ආගම් ජාති භේදයකින් තොරව හරිම සමගියෙන් තමයි ජීවත් වෙන්නේ.
පහුගිය පළවැනිදා ඉදන් තමයි අභිරහස් විදිහට මේ ගමේ ගෙවල් වලට ගල් ප්‍රහාර එල්ල වෙන්නේ.
ගමේ එකත පැත්තක කන්දක් වගේම ඒ හරියේ සොහොනකුත් තියෙනවා.
උදේ ඉදන් මහ රෑ වෙනකන්ම එල්ලවන මේ ගල් ප්‍රහාර නිසා ගමේ මිනිස්සු විදින්නේ පුදුම දුකක්.
මේ ගැන ඉවසගෙන ඉන්න බැරිම තැන ගම්වැසියන් හංවැල්ල පොලීසියට ගිහින් සිද්ධිය ගැන දැනුවත් කරලා තියෙනවා.
ඒ අනුව මේ ගමට ආපු පොලීසියටත් ගල් ප්‍රහාර එල්ල වෙලා. පොලිස් කොස්තාපල්වරයෙක්ගේ තොප්පියට උඩින් ද ගල් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.
ඊට පස්සේ ඉතිං මේ පොලිස් නිලධාරීන් කියලා තියෙන්නේ “ඔයාලට ගල්ගහන පුද්ගලයන්ව අල්ලලා පොලීසියට ගෙනත් භාරදෙන්න” කියලා.
ඒත් ගම්වැසියන් නම් කියන්නේ එයාලාට ගල් ගහන මේ පුද්ගලයින්ව අල්ල ගත්තොත් නම් හොදටම සලකනවා කියලයි.
මේ අභිරහස් ගල් ප්‍රහාරය ගැන ගමේ සමහරක් නම් කියන්නේ මේක භූතයෙක්ගේ වැඩක් කියලයි.
අපි බලමු ඇත්තටම මේ වැඩේ කරන්නේ භූතයෙක් ද ? නැත්නම් කකුල් දෙකේ මනුස්සයෙක් ද කියලා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.