Skip to main content

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?





එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්.

අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා.
ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හැකි අහිතකර බලපෑම්කාරී තත්ත්වයන් මොනවාද යන්න හඳුනා ගැනීම මෙහිදී අතිශය වැදගත්.

දැරියක් වැඩිවියට පත්වීම යනුවෙන් අදහස් කරන්නේ මූලික වශයෙන් ශරීරයේ වෙනස්කම් කිහිපයක්ම ඇතිවීමයි. ප‍්‍රථම මාසික ඔසප් වීම, කෙස්, පියයුරු ආදිය වර්ධනය වී මුහුණට නව එළියක් එකතු වේ. එදා අපේ සමාජයේ වැඩිහිටියන් කල වයස පැමිණියාට පසු දියණියන්ගේ මල්වර දිනයට කල්තියාම සූදානම් වුණා. ඒතරම් ඔවුන් එය උතුම් ලෙස සැලකුවා. තමන් අතින් වන අතපසුවීමක් දියණියගේ ජීවිතයට අනිසි බලපෑමක් කරයිදෝ යන සැකයෙන් වැඩිහිටියෝ පසුවුණා. ඒ නිසයි ඇය වෙනුවෙන් කළ යුතු දෑ අකුරටම සිද්ධ කළේ.

සාමාන්‍යයෙන් දැරියක් මල්වර වූ දා සිට සුබ නැකතට ස්නානය කරවන තෙක් ඉටුකරන චාරිත‍්‍ර වාරිත‍්‍ර කෙරෙහි අවධානය යොමු කරමු.

-මුලින්ම මල්වර වූ දියණිය ආරක්‍ෂිත කුටියක / කාමරයක රැුඳවීම සිදු කරයි.

-එහිදී කිසිම විටෙක දැරිය තනි කරන්නේ නැත. වැඩිහිටියෙක් හෝ හිතවතියක් ඇයගේ තනියට රැුඳවීම සිදුකරයි. (දැරිය තනිවූ විට අමනුෂ්‍ය, පේ‍්‍රත හා භූත දෝෂ ඇති වෙයි*.

-ඊළග චාරිත‍්‍රය වන්නේ නැකැත්කරුවකු වෙතගොස් මල්වර නැකැත සාදා ගැනීමයි.

මෙහිදී පුරාණ චාරිත‍්‍රානුකූලව බුලත් අතක් සහ පඬුරු සමÛ හඳහන රැුගෙන යයි. මෙහිදී දැරියගේ මව තම ඥාති කාන්තාවක හෝ හිතවන්තියක සමග නැකැත්කරු හමුවට යයි. කිසිම විටෙක මේ ගමනට තිදෙනකු සහභාගි කර ගන්නේ නැත. එමෙන්ම පිරිමින්ද සහභාගි කර නොගනී. මල්වරවීම ජීවිතේ වටිනාම මංගල අවස්ථාව ලෙස සලකා එය චාරිත‍්‍රානුකූල සිදුකිරීමට ඔවුන් කටයුතු කළා.

නැකැත්කරු මල්වර නැකැත ලෙස සුබ කාලය තීරණය කරයි. එය දැරිය නෑවීම සඳහා සුදුසු වේලාවයි. මීට අමතරව නැකැත්කරු,

- දැරිය උදෑසන ඇඳගෙන සිටි ඇඳුමේ වර්ණය ප‍්‍රකාශ කරයි.
- ඇයගේ ගතිගුණ ප‍්‍රකාශ කරයි.
- අනාගතයේ විවාහ ජීවිතය සම්බන්ධ කරුණු පිළිබඳ අදහස් දක්වයි.
- මීට අමතරව අධ්‍යාපනික තත්ත්වය ප‍්‍රකාශ කරයි.
- තෙල් වළං ළිප තැබීම චාරිත‍්‍රය ඉටු කරන්නේ දැරියගේ කිලි පාකිරීමටය.

මෙහිදී පිරිසුදු මැටි බිඳුනක් ගෙන දැරිය භාවිත කළ කිලිටි ඇඳුම් පැලඳුම් එම බඳුනේ දමා නෑඹිලියකින් වසයි. (මල්වර වූ දිනයේ සිට නැකැතට නහවන දිනය දක්වා අඳින ඇඳුම්* මෙහිදී නැකැත්කරු ලබාදෙන සුබ නැකතට පෙර (මේ වෙලාව පාන්දර 4 සිට 5.30 දක්වා වඩාත් සුබය.* තෙල් වළං ළිප තැබීමේ නැකැත ඉටුකරයි. මෙහිදී කිලිටි රෙදි බඳුන රෙදි නැන්දා විසින් දියේ පාකරයි. (ගලායන දියක* මෙලෙස කරන්නේ දැරියගේ දෝෂ සහ නිවෙසට ඇතිවිය හැකි දෝෂ මගහරවා ගැනීමටය.



- මෙලෙසම කුඩා කළ දෙකක් ගෙන එයට ජලය පුරවා පොල්මල් දෙකක් තබන්නේද දැරිය මල්වර වූ දිනයේය.

දැරිය නැකැතට නෑවීමේදී පොල් මල් ගෙඩි හොඳින් පීදී ඇත්නම් විවාහය සාර්ථක වේ. ආර්ථික තත්ත්වය. එමෙන්ම දරුඵල තිබෙන බවද මෙයින් පෙන්නුම් කරයි.

දැරිය මල්වර වූ තැන සිට සුබ නැකැතට පිවිසෙන අවස්ථාව දක්වා පිරිමි මුලිච්චි වීම අයහපත්ය. මෙහිදී පිරිමි පාර්ශ්වයට අහිතකර බලපෑම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ඇතැම් පාපකාරී ග‍්‍රහයන්ගේ බලපෑමෙන් හා මල්වර කිල්ලට හසුවීමෙන්

- පියාට මරණය අත්කර දීම
- සහෝදරයන් හදිසි අනතුරුවලට ලක්වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

නැකැත්කරු විසින් ලබාදෙන සුබ නැකැත් එයාකාරයෙන්ම ඉටුකළ යුතුය. විශේෂයෙන් දැරිය සුබ වෙලාවට නෑවීමට නොහැකි වුවහොත්

- තනිකම් දෝෂ (කළුකුමාර දෝෂ*
- හිසේ කැක්කුම්
- මාස් ශුද්ධියේ අවහිරතා
- ඇග උණුකර යෑම
- කෙට්ටු වීම
- අමනුෂ්‍ය බලපෑම්වලට නතුවීම

වැනි දෝෂවලට මුහුණ දීමට සිදුවේ. එහිදී දැරිය නෑවීමට පෙර සුදු රෙද්දකින් වැසීමටත් කිරි ගසක් මුලිච්චි කිරීමෙන් අනතුරුව දිය නෑම සිදුකිරීමත් අතිශය වැදගත්ය. දිය නෑමෙන් පසුවද ඇය රැුගෙන යා යුත්තේ සුදු රෙදි කැබල්ලකින් වසාගෙනය. මෙයාකාර චාරිත‍්‍ර නිවැරැුදිව ඉටුනොකිරීමෙන් දැරියට පමණක් නොව මුළු පවුලේ සාමාජිකයන්ටද හානි පමුණුවීමට ඉඩ ඇත. ඒ අතර ශාරීරික රෝග, ආර්ථික අපහසුතා වැදගත්වේ.

- දැරිය නෑවීමෙන් පසු සුදු රෙද්දකින් වසාගෙන සුදුසු වර්ණය (නැකැත් කරු පැවැසූ වර්ණය* යුතු ඇඳුමක් අන්දවා නිවසේ උළුවස්ස ළÛට රැුගෙන යයි. ඇයට පොල්ගෙඩියක් ප‍්‍රදර්ශනය කිරීමට සලස්වන්නේ ඉන් අනතුරුවයි. මුහුණ විවෘත නොකරම ඇය විසින් පොල් ගෙඩිය බිඳිය යුතුය. පොල් ගෙඩිය බිෙක්‍ෂන ස්වභාවය අනුව දැරියගේ අනාගත සිදුවීම් ඉදිරිපත් කරයි.

- පොල් ගෙඩිය දෙකට බෙදී ගියේ නම් දැරිය යහපත් ගතිගුණවලින් යුක්ත හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ජීවිතය සාර්ථකව රැුගෙන යයි.

- පිරිමි බෑය (එළියට* විසිවී ගැහැනු බෑය එම ස්ථානයේම රැුඳුණ විට විවාහය ප‍්‍රමාද වීම, විවාහ දෙකක් සිදුවීම, සැමියා අතහැර යෑම, නින්දා අපහාසවලට පත්වීම වැනි කාරණාවලට මුහුණ දීමට සිදුවේ.

- පොල්ගෙඩිය හරස් අතට බිඳීගියේ නම් මවුපියන්ගෙන් මංගල්‍යයට ආශීර්වාදය ලැබේ. සුදුසු විවාහ මංගල්‍යයක් ලැබි හැකි නමුත් විවාහ ජීවිතය කම්පනය සහිත එකක් වේ.

- පොල්ගෙඩිය දිග අතට වෙන්වුණේ නම් අසුබය. එහිදී ආර්ථික ගැටලූ, අධ්‍යාපනයට බාධා, රැුකියා ප‍්‍රශ්න, අපහාස හා පීඩාකාරී තත්ත්වය පමණක් නොව මෙවැනි අවස්ථාවක් ඇයගේ පියාට අසුභය.

මෙලෙස පොල්ගෙඩිය බිඳින්නේ සියලූ වස්‍දොස් දුරුවේවා යන සිතුවිල්ල පෙරටු කර ගෙනය. එම නිසා එහිදී යහපත් සිතුවිල්ලෙන් කටයුතු කිරීම අතිශය වැදගත්ය.

පොල්ගෙඩිය බිඳීමෙන් පසු දැරිය නාවන වැඩිහිටියා විසින් සුදු රෙද්ද ඉවත් කරනු ලබයි. අනතුරුව ගේ මැද පැදුරක් එළා පහන් 9ක් තැටියක තබා කිරිබත් පිගානක්, කැවුම්, කොකිස්, කෙසෙල් වට්ටි 2 බැගින් සහ එළවළු තුනපහේ කුඩු වට්ටියක්, බුලත් දුම්කොළ, මල් වට්ටියක් මේවා දරුවාගේ හිස වටා 7 වටයක් රැුගෙන යයි. ඇවිත් පහන් ආලෝකය නිවා රෙදි නැන්දා (එදා සමාජයට අනුව* ඒ සියල්ල පොට්ටනියක් සේ බැඳ ඒත් සමÛම ඇයට පඩුරු ආදිය ලබාදෙයි. පසුව ඇය කරන්නේ කිලිටි රෙදි දියේ පාකිරීමය.

මෙලෙස චාරිත‍්‍රානුකූලව මල්වර වූ දැරිය ආරක්‍ෂා කිරීම වැඩිහිටියන්ගේ මූලික කාර්යයක් වේ.

- දින 14 හතවන තෙක් බැදුම්, පුළුටු ආහාර නොදීම.
- තනි නොකිරීම.
- ඇගේ ශරීරයට යකඩ ඇණයක් හෝ යතුරක රැුඳවීම.
- කඩුල්ලකින් පැනීමට නොදීම.
- වේගයෙන් දුවන්නට හෝ බයිසිකල් පැදීම වැනි කටයුතුවලට අවස්ථාව නොදීම.
- දැරියට පිළිවෙළට ඇඳුම් අන්දවා වැඩිහිටි වියට පාතැබීම ගැන අවබෝධයක් ලබාදී ඇයව වඩාත් ආදරයෙන් රැුකබලා ගැනීම.
මෙවැනි තත්ත්වයන් මාස 3ක් වැනි කාලයක් ගතවන තෙක් සිදුකරයි. මීට අමතරව
- දියඇළිවලින් නෑමට අවස්ථාව නොදීම.
- පන්සලට රැුගෙන යෑමෙන් වැළැකීම.
(පළමු මාස 3 ට පෙර* විශේෂයෙන් සිදුකරයි.

මෙලෙස සියලූ චාරිත‍්‍ර ඉටුකරන්නේ ඇයගේ දෝෂ මÛහැරවීමටය. අද සමාජයේ නොදැනුවත්කමින් හෝ නොසැලකිල්ලෙන් හෝ නියමාකාරයෙන් චාරිත‍්‍ර ඉටු නොකරන්නේ නම් මල්වර වූ දියණියට අනාගතයේ මුහුණ දිය හැකි කරදර බොහෝය.

- ප‍්‍රධාන වශයෙන් ඇයගේ විවාහ ජීවිතයට බාධා පැමිණිය හැකිය. විවාහ ප‍්‍රමාදවීම් ඒ අතර වෙයි. අනෙක් අතට විවාහයක් සිදුකර ගත්තද එය සාර්ථකව ගත කිරීමට නොහැකිය.

- විශේෂයෙන් ගර්භාෂයේ බාධාකාරී තත්ත්වයක් ඇතිවී දරුපල හට නොගැනීමේ අවදානමක්ද පවතී. මේ සඳහා බලපෑම් කරන්නේ මාසික ඔසප් චක‍්‍රය නියමාකාරයෙන් සිදු නොවීමයි.

- කළුකුමාර දෝෂ ඇතිවීම ඇයට බලපාන ප‍්‍රබලතම ගැටලූවකි. මෙමගින්ද මල්වර වූ දියණියට දෝෂ ඇතිවිය හැකියි.

- දැරිය මල්වර වූ විගස පළමු දිනයේ කොකොඹ කොළ කොටා යුෂවලට තලතෙල් සහ බිත්තර දමා බීමට දීමත්, තවත් දිනක් කොහොඹ ඉස්ම තලතෙල් දමා සහ බත් පොට්ටනියක් සාදා පිට, තුනටිය තවන්නේත්, ඔසප් වීම නියමාකාරයෙන් සිදුවී දරුවන් නොලැබීමේ අවහිරතා මගහැරවීමටය.

මේ සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍ර මගින් මල්වර වූ දැරියගේ දෝෂ නැතිකිරීමත් ගෞරවාන්විත ප‍්‍රියමනාප චරිතයක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කරය.

Popular posts from this blog

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...