Skip to main content

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

2019-02-06-ent-86
නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-02-06-ent-88
මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා.

නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද?
ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ.

මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ?
බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්?
ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙලත් නැහැ.

වෙළඳ දැන්වීම් පැත්ත ගැන කිව්වොත්?
වැඩියෙන්ම කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් තමයි. මැලිබන්, බාබ්‍යු, බයෝවිටා, ඩයලොග්, කීල්ස් සොසේජස්, කීල්ස් සුපර්මාර්කට්, හෙලන්කා ෂූස්, යහපෝෂ වගේ ගොඩක් වෙළඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා.

අද වෙද්දි නිරූපණ ශිල්පිනියක් දිහා සමාජය බලන්නේ වැරදි ඇහැකින්. ඒකට හේතුව මොකද්ද?
ෆීල්ඩ් එකේ ඉන්න සමහර අයගේ වැරදි නිසා තමයි ඒ තත්වය උදා වෙලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ කිසි වැරැද්දක් නැහැ. තමන් දැනගන්න ඕනේ හරි විදිහට ගමන යන්න.

නිරුවත් සහ අඩ නිරුවත් නිර්මාණවලට දායක වෙන ශිල්පිනියන්ට තමයි වැඩියෙන්ම මේ ප්‍රශ්නේ බලපාන්නේ. ඒකට හේතුව නිර්මාණයද?
නිරුවත් හෝ අඩනිරුවත් නිර්මාණ තවම ලංකාවට සුදුසු නැහැ. නිර්මාණයේ වැරැද්දක්වත්, නිරූපිකාවගේ වැරැද්දක්වත් නෙවෙයි ඒක. අද සමාජය මට්ටම දිහා බලන විදිහ තමයි ඒකට බලපාන්නේ.

නිරූපිකාවකට වැදගත්ම දේ රූපයද?
නිරූපණ ශිල්පිනියකට අනිවාර්යෙන්ම රූපය තියෙන්න ඕනේ. නමුත් රූපය කියන්නේ එක් අංගයක් විතරයි. ඇයට නිරූපණය පිළිබඳව හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. මොකද අද වෙද්දි ගොඩාක් අය නිරූපණයේ යෙදෙන නිසා හොඳ නිරූපිකාවක් වෙන්න නම් දක්ෂතාවයත්, අධ්‍යාපනයත් වැදගත් වෙනවා.

නවක නිරූපිකාවට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය මොනවගේද?
සමහර ප්‍රවීණ අයගෙන් නම් කැපිලි කෙටිලි තිබෙනවා. ඒ වගේම තව සමහර අය උදව් කරනවා.

ඔබට ක්ෂේත්‍රයේ කවුරුහරි සමග තරඟයක් තිබෙනවාද?
මට එහෙම කවුරු සමගවත් තරඟයක් නැහැ. මට පුළුවන් උපරිම දුර යන්න තමයි මට ඕනේ.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මම තවම ඉගෙනගන්නවා. ඉතින් අධ්‍යාපන කටයුතු කරන ගමන් නිරූපණ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ඔබේ වැඩකටයුතුවලට උදව් කළ පිරිස් ගැන කිව්වොත්?
මගේ අම්මායි තාත්තයි තමයි මගේ හැමදේකටම පස්සෙන් ඉන්නේ. එතකොට මගේ නෑදෑ පිරිස සහ මගේ ගුරුවරුන්ව ආදරයෙන් මතක් කරනවා.

සටහන - කැළුම් දේවින්ද

2019-02-06-ent-842019-02-06-ent-85 2019-02-06-ent-87

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :