Skip to main content

අලුත් ගීතය නටන්න පුළුවන් එකක්

ගීතයේ වෙනස්ම ශෛලයක් හොවා දක්වමින්, වේග රිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනවූ ඇය බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. ඇය නමින් සුරේනි ද මෙල් වන අතර, ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.
"මේ දවස්වල මම සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවා. ඉස්සරහට සිංහල අවුරුදු නිසා දැනට ගොඩක් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ප්‍රසංග සඳහා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේවල් කරන ගමන් අලුත් Track එකක් කරලා තියෙනවා. ඒ Track එකත් ලැබෙනකන් වැඩි විස්තරයක් කියන්නේ නැහැ. මොකද Track එක හරියට අතට ආවට පස්සෙ මගේ රසිකයන්ව ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒකට වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නටන්න පුළුවන් වේග රිද්ම ගීතයක් වේවි. ඊට අමතරව වසන්ත දුක්ගන්නාරාළගේ ලොකු ප්‍රසංගයක් පැවැත්වෙනවා දෙවැනිදා ඉතිං ඒ සඳහා සහභාගී වෙන්න තියෙනවා. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉවර වෙච්ච Track එකත් එක්ක තවත් Track එකක් කරන්න සැලසුම් කරගෙන යනවා."

ඡායාරූප සුරේනි ද මෙල්ගේ ෆේස්බුක් ගිණුමෙන්



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.