මිනිසුන් එකිනෙකාට වෙනස් වන්නේ රූපයෙන් පමණක් නොව, ක්‍රියාවන්වලින් සහ ආකල්පවලින්ද සැම විටම එකෙක් තවෙකෙකුට වෙනස් වනවා.
කල්කටාවේ සර්කස් කණ්ඩායමක සේවය කරන අහමඩ් ද එවන් අමුතුම ආකල්ප වලින් පිරිපුන් තරුණයෙක්. ඔහුගේ ආදර අන්දරය බොහෝ දෙනෙකුට හිතා ගැනීමටවත් නොහැකි එකක්.
එක් උදරයක් , අප්‍රාණික දෙපා යුගලයන් , හදවත් දෙකක් , හිස් දෙකක් ඇති මකුළු සොහොයුරියන් ලෙස ප්‍රසිද්ධියට පත් දෙදෙනෙකු ඔහුගේ පෙම්වතියන් වෙලා.
අහමඩ් පවසන්නේ ඔවුන් සමග තමා ඉතා සතුටින් කල් ගෙවන බවයි .
සංකීර්ණ සැත්කමකින් ඔවුන් දෙදෙනා වෙන් කල හැකි වුවද ඊට විශාල මුදලක් වැය වන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. කල්කටාවේ යමුනා ගං තීරයේ මුඩුක්කු නිවසක ජීවිතය ගත කරන ඔවුන්ට එය සිහිනයක් පමණයි.
ප්‍රීතිමත් ජීවිතයකට මනුස්සකම පමණක් තිබීම ප්‍රමාණවත් බවයි අහමඩ් පවසන්නේ.