Skip to main content

පිරිමි සිතේ අනවශ්‍ය හැඟීමට කතක් දුන් හදවත නැවතුණු උත්තරයක්

පිළියන්දල දම්පේ පැත්තේ බොල්ගොඩ ගඟ කිට්ටුව නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවුණේ පහුගිය අප්‍රියෙල් 17 වෙනිදා. එයා ගාව තිබිලා යතුරු කැරැල්ලක් පොලිසියට හමුවුණත් එතනින් එහාට මේ මළ සිරුර ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා.
පසු ගිය 26 වෙනිදා ඒ පැත්තේ පොල් වත්තක හිමිකරුවෙකුගේ මල්ලි කෙනෙක් පොල් වත්තට ගියේ වත්තේ මුරකරුත් එක්ක කතා කරලා එන්න. ඒත් පිළියන්දල ආවාස පාරේ තියෙන මේ පොල් වත්තේ මුරකරු පේන්න හිටපු නැති නිසා පිළියන්දල පොලිසියට පැමිණිලි කරලා. එතැනදී තමා අභිරහසක් විදියට වැලලෙන්න තිබුණු මිනි මැරුමක තොරතුරු එකිනෙක එළිවෙන්න පටන් ගත්තේ.
මේ විදියට ඝාතනයට ලක් වුණේ 55 හැවිරිදි දයාසිරි අල්විස් නැමැති පුද්ගලයෙක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ රටේ කෙනෙකුට අයිති මේ පොල් වත්තේ මුරකාරයා විදියට තමා දයාසිරි වැඩ කළේ. ඒයා පිළියන්දල බටකැත්තර කාන්තාවක් එක්ක අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිහින්.
පහුගිය සිංහල අලුත් අවුරුද්දට පස්සේ දවසේ ඒ කියන්නේ 14 වෙනිදා දයාසිරි ඒ කාන්තාවට එන්න කියලා
කිව්වත් එයා ඇවිත් නැහැ. ඒ නිසා හොඳට මත්පැන් පානය කරපු දයාසිරි කාන්තාව හොයාගෙන එයාගේ බටකැත්තර ගෙදරට ගිය වෙලාවේ දෙන්නා අතරේ ආරවුලක් ඇති වෙලා. කතාව දුරදිග ගිහින් වත්තේ මුරකරු යකඩ පොල්ලකින් නිවසේ රුපවහිනියටටි යතුරු පැදියටයි පහරදීලා කාන්තාවටත් පහරදෙන්න හදද්දී යකඩ පොල්ල උදුරාගත්ත කාන්තාව දයාසිරිගේ ඔළුවට ගහලා එයා එතනම මිය ගිහින්.
මළ සිරුර වෙන තැනකට දාන්න මේ කාන්තාව තමන්ගේ සහෝදරයන්ගෙන් හා දරුවාගෙන් උදව් ඉල්ලුවත් එයාලා ඒ වැඩේට කැමති වෙලා නැහැ. පස්සේ මල්ලිව කොහොම හරි කැමති කරගත්ත ඒ කාන්තාව එයාගේ ත්‍රිවිල් එකෙන් තමා මේ මළ සිරුර බොල්ගොඩ ගඟ ගාවට ගෙනත් දාලා තියෙන්නේ.
සසුන් ගතවී සිටින දයාසිරිගේ එක පුතෙක්ගේ නමට එයා ෆෝන් එකක් අරන් තියෙනවා කියලා පොලිසිය පරීක්ෂණ වලදී හෙළිකර ගත්තා. ඒ පරීක්ෂණ වලට අනුව දයාසිරි ගාව තිබුණ ඒ දුරකතනයෙන් අන්තිමට ගත්ත ඇමතුමට අනුව තමයි කාන්තාව පොලිසියට කොටු වුණේ.
ඒ කාන්තාවගේ නිවස පිටුපස වීසිකර තිබු දයාසිරිගේ මේ දුරකතනය වගේම එයාව මරන්න පාවිච්චි කරපු යකඩ පොල්ලත් පොලිසියට හමුවුණා. ගේ පුරා විසිරුණු ලේ පාරවල් මැකෙන්න ඊට උඩින් සිමෙන්ති කුඩු දාලා තිබිලා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.