Skip to main content

සාරංග දිසාසේකරට මැර ප්‍රහාරයක් ?

සාරංග දිසාසේකරව මැරයන් කිහිප දෙනෙකු විසින් අත් අඩංගුවට අරගෙන. ඊට පසුව ඔහුව පාළු තිප්පළකට ගෙනිහින් කකුල් දෙකෙන් එල්ලලා තබලා. සෑහෙන වෙලාවක් යනකම් සාරංග එහෙම එල්ලි එල්ලි ඉඳලා. මෙහෙම දෙයක් වෙනවා කියලා උමාලි කලින් දැනගෙන ඉඳලා. නමුත් ඇය චුට්ටක්වත් කලබල වුණේ නැතිලූ‍. තමන්ගේ ස්වාමියාව එල්ලා සිටියදී ඒ ගැන කිසිදු ගාණක්වත් නැතුව හිටපු එකම බිරිය උමාලි වෙන්න ඇති.

සාරංගව එහෙම එල්ලූ‍වේ හංස පිහාටු නාට්‍යය වෙනුවෙන්. එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඇතුළු පිරිස තමයි ඊට වගකිව යුතු වෙන්නේ. ඇත්තටම එදා සාරංගව එල්ලලා කිසිම ආධාරකයක්වත් තිබිලා නැහැ. කැමරා ප්‍රයෝගවලින් ඒ දර්ශනය ගන්න තිබුණා. නමුත් සාරංග ඒවා නැතුව එල්ලිලාම ඒ දර්ශනය කරලා. එයා කියනවා මෑතකාලීනව එයා රඟපෑව දර්ශනවලින් අමතකම නොවන දර්ශනය ඒකලූ‍.

ජනපි‍්‍රය නළුවා ලෙස නැවතවරක් සාරංග කිරුළු පැලැඳුවා. ඒ පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලීස් හීදී.

කොහොමද සාරංග මේ දිනවල වැඩ කටයුතු?

මේ දවස්වල ඔය හංස පිහාටු සහ වස්සානෙ ප්‍රේමය යන නාට්‍යවල වැඩ. ඊට අමතරව මං ඉන්න වේදිකා නාට්‍ය දෙකක් රට වටා පෙන්වනවා. ඒ මාර හොරු සහ සිල්ගත් කොක්කු. ඒ වගේම පසුගිදා නිමාව දුටු රයිගම් ටෙලීස්හි ජනප්‍රිය නළුවා වුණේ මම. මේ නාට්‍ය ද්විත්වයේ රංගනය උදෙසා එලෙස මා හට වැඩිපුර ප්‍රේක්ෂක මනාපය හිමි වෙන්න ඇති.

හංස පිහාටු හි ඔබ කළු චරිතයක් රඟපාන්නේ?

ඔව්. ඒ චරියේ නම මෝර ඇලේ කිත්තා. වෙනස්ම රිද්මයක් තියෙන මැර චරිතයක්. පහුගිය කාලෙ ප්‍රේක්ෂකයන් එක දිගට මාව දැක්කේ අවිහිංසක පෙම්වතාගේ චරිතයෙන්. නමුත් මේක එහෙම නැහැ.

ඇයි ඔබට නිතර අහිංසක පෙම්වතාගේ චරිතය ලැබුණේ. අනෙක් චරිත ඔබ ප්‍රතික්ෂේප කළාද?

නැහැ. මමවත් දන්නේ නැහැ ඇයි ඒ චරිතයටම මාව කොටුකර තබන්න හදන්නේ ඇයි ද කියලා. එක්කො අධ්‍යක්ෂවරන්ගේ දුර්වලකම. නැතිනම් මා වැනි අයකුට වෙනස් චරිතයක් දීලා අවධානමක් ගන්න බැරිකම. නමුත් එක්තරා චරිතයක් නිසයි ඒ ගමන් මඟ වෙනස් වුණේ.

මං හිතන විදිහිට ඒක තමයි මුතුපලස නාට්‍යයේ ඔබ කළ චරිතය?

හරියට හරි. සිවගුරුනාදන් මහත්මයා තමයි එයට මට කතා කළේ. ඔහු ඇසුවා ප්‍රතිවාදී චරිතයක් කරන්නට කැමැතිද කියලා. මම හා කිව්වා. අන්න එතැනින් තමයි මගේ රංගන ජීවිතය තරමක් හෝ වෙනස් වුණේ.

ඔබ කියන තත්ත්වය මත ඔබේ පරපුරේ අයට හැකියාව පෙන්වන්න තියෙන අවස්ථා අඩුයිනෙ?

ඒක තමයි. ඒකට ඇතැම් නිර්මාණකරුවෝ වගකියන්න ඕනෑ. නළුවා හෝ නිළියට බැනලා වැඩක් නැහැ. එකම චරිතය තමයි වෙන වෙන නම්වලින් රඟපාන්න ලැඛෙන්නේ. එතකොට කොහොද නළුවෙක් හෝ නිළියක් වෙනස් වෙවී රඟපාන්නේ. මා ඇතුළුව අපේ පරපුරේ ගොඩක් අයට වෙලා තියෙන අකරතැබ්බයක් ඕක. නාට්‍ය බලන ප්‍රේක්ෂකයා හිතනවා අලූ‍ත් නළු නිළියෝ එකම විදිහට රඟපාන්නේ කියලා.

කොහොමද ඔබේ නිවේදන කටයුතු?

රයිගම් සම්මාන උලෙළ වගේ ඉවෙන්ට්වලට මට නිතරම ආරාධනා ලැඛෙනවා. ඒවාට ඉතින් සහභාගි වෙනවා. මේ ළඟදී නිවේදකයකු විදිහට චරිතයකුත් රඟපෑවා. ඒ ආදරŒය කතාවක් චිත්‍රපටයේ.

සාරංග දිගටම මෙගා නාට්‍යවල හිටපු නිසා මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ දිනවල ඇතැම් නාට්‍ය කිහිපයක නළු නිළියන්ට මුදල් ගෙවන්නේ නැහැ කියලා. ඇත්තද ඒක? ඔබත් ඔය තත්ත්වයට මුහුණ දීලා තියෙනවාද?

නැහැ. මට සල්ලි ගන්න අමාරු වෙලා නැහැ. එක අතකින් එහෙම වෙලා තියෙන්නේ මං ප්‍රධාන චරත නිරූපණය කරන නිසා වෙන්න ඇති. මට ගෙවීම් කරනවා. නමුත් මට කනින් කොනින් ආරංචි වුණු විදිහට ඔවැනි තත්ත්වයක් තියෙනවලූ‍.

පිළියමක් නැතිද?

ඔය තත්ත්වය නැති වෙන්නට නම් රජය මැදිහත් වෙන්නම ඕනෑ. මැදිහත් වෙලා ටෙලි නාට්‍ය කර්මාන්තයක් වශයෙන් ඉදිරියට ගෙන යාමට නිසි ක්‍රමවේදයක් හැදිය යුතුමයි. නැතුව බැහැ. එතකොට නීතිරීතිවලට යටත් වෙලා හරි වැඩ කරයිනේ.

උමාලි මොකෝ සද්ද නැත්තේ?

මං කොහොමත් වැඩිය සද්ද නැහැනෙ. සාරංග කියන එක අහගෙන හිටියා.

කොහොමද උමාලිගේ කලා කටයුතු එහෙම?

මේ දවස්වල බොහිමියානුවා ටෙලි නාට්‍යයේ රඟපානවා. ඒක තමයි.

දෙන්නා ගෙදර ඉන්න දවස් හරිම අඩුයි නේද?

ඒකනෙ. සමහර දිනවල සාරංග පාන්දර ෂූටිං ගියාම එන්නේ ගොඩක් රෑ වෙලා. එයා කොළඹින් පිට ඉන්න දවස් එහෙමත් වැඩියි. ඒ හින්දා දෙන්නා එකට ඉන්න දවසක් සෙට් වුණොත් පන්සල් එහෙම යනවා. අපේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් අපි විදෙස් සංචාරයකත් නියැළුණා.

පහසුවක්ද එකම ක්ෂේත්‍රයේ දෙන්නම ඉන්න එක?

ඔව්. ඇත්තටම පහසුවක්. දෙන්නට දෙන්නා ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ එකම ක්ෂේත්‍රයේ නිසා. අනික ක්ෂේත්‍රයේ අය අපි දෙන්නගෙම යාළුවොනෙ.

සාරංග ඔය දෙන්නා ගැයූ ගීතයක් රසික රසිකාවන් ආදරයෙන් වැළඳ ගත්තා. ආයෙත් ගීතයක් කරන්න අදහසක් නැතිද?

පෙර ගීතවල රසික ජනප්‍රසාදය විඳිමින් අපි කල් ගෙවන්නේ. තව ගීතයක් කියන්න කියලා ගොඩක් දෙනෙක් කියනවා. නමුත් කාල වේලාවේ ප්‍රශ්නත් එක්ක ඒ වැඩේ එන්න එන්න කල් යනවා.

සාරංග - උමාලි පුංචි පවුලට තෙවැන්නෙකු එකතු කරගන්න අදහසක් නැතිද තවම?

මොකද නැත්තේ. නේද උමාලි?

සාරංග උමාලි දෙසට හැරුණේ ඇයගෙන්ම පිළිතුරක් බලාපොරොත්තුවෙන් වගේ. උමාලි ඊට පිළිතුරු සැපයුවා.

පුංචි ආදරŒය බලාපොරොත්තුවක් තියෙනවා තෙවැන්කුගේ. ඒ විස්තර දැන්ම කියන්නට බැහැ. ඉදිරියේදී ඒ සුබ ආරංචිය කියන්නම්කෝ.

සාරංග උමාලි දෙස ආදරŒයව බැලූ‍වේ ඒ අදහස අනුමත කරන්නට වගේ.

සටහන - ප්‍රසාද් සමරතුංග

SOURCE - Gossip99

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල