Skip to main content

LOCAL දෝෂ සහිත ටොයෝටා රථ දාහතර ලක්ෂයක් යළි කැඳවයි




මගී ආරක්ෂක වායු බැලූනවල දෝෂයක් හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදිත දාහතර ලක්ෂයකට අධික මෝටර් රථ සංඛ්‍යාවක් යළි කැඳවන බව ජපානයේ ටොයෝටා මෝටර් සමාගම පවසයි.


2008 වසරේ සිට 2012 වසර දක්වා නිෂ්පාදිත ප්‍රියස් (Prius) සහ ලේක්සස් (Lexus) මාදිලි ඊට අයත්.


උතුරු ඇමරිකාව තුළ අලවි කරන ලද එවැනි කාර් රථ 495,000 ක් , ජපානයේ තුළ වූ කාර් රථ 743,000 ක් නැවත කැඳවීමට නියමිතයි.


ඊට අමතරව යුරෝපය, චීනය සහ සෙසු කලාපවල අලවි කරන ලද කාර් රථ ද ඒ අතර වේ.


ඉහත කී මෝටර් රථ තුළ වූ ආරක්ෂක වායු බැලූනවලට සම්බන්ධ පොම්පයේ සුළු පැල්මක් තිබීමට ඉඩ ඇති බවත් එම පැල්ම තවදුරටත් පළල් විය හැකි බවත් ටොයෝටා සමාගම උතුරු ඇමරිකාව තුළ නිකුත් කළ නිවේදනයක සඳහන්.


එම දෝෂය හා සම්බන්ධ අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවත් ටොයෝටා සමාගම වැඩිදුරටත් පැවසීය.


Source - bbc.com

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.