Skip to main content

'Gala Ski Resort' ගොස් හිමෙහි ආස්වාදය විඳිමු

2016-07-27-ent-43
2016-07-27-ent-61හිමේ යන්න ආසයිද? එහෙනම් හිම තියෙන ප්‍ර‘දේශයක පැලඳිය යුතු සපත්තු එහෙම පැලඳ ගන්න. තව හිම කබා එහෙමත් ලැහැස්ති කර ගන්න, හැබැයි ඒ විතරක් මදි, පීනස වගේ තියෙන අය, නැත්තම් සීතල ටිකක් ඔරොත්තු නොදෙන අය මුහුණු ආවරණය කරගැනීමේ ආවරණත් ළඟ තබාගන්න. හරි එමෙනම් දැන් ඔක්කොම හරිනෙ? එහෙනම් අපි යමු "ගාල ස්කි රිසෝට්" වෙත. මේ හිම කඳු යාය තියෙන්නේ ලංකාවේ නොවන වග අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලෝකයේ විවිධ තැන්හි සංචාරයට ප්‍රිය ඕනෑම කෙනෙක් ජපානයට යනවා නම්, අනිවාර්යයෙන්ම මෙතැනට යනවාමයි. අපි මුලින්ම මෙතැනට යන්නෙ කොහොමද කියලා බලමු. නරීටා ගුවත් තොටුපළ අසල සිට, නැතිනම් චිබා දිස්ත්‍රික්ක කලාපයේ සිට සයිත්මා, ගුන්මා හරහා කිලෝමීටර් 262 ක් පමණ දුරක් යා යුතුය. මහා මාර්ගයේ රථයකින් ගමන් ගන්නේ නම් පැයකුත් විනාඩි 30 ක් පමණ ගත කිරීමට සිදුවෙනවා.
මියාමිඉයෝනුමා දිස්ත්‍රික්කයේ යුසාවාවලට තමයි මෙතැන අයත් වන්නෙ. ටෝකියෝවේ සිට "ගාල ස්කි රිසෝට්" වෙත විදුලි වේගයෙන් ධාවනය වන අධිවේගී විදුලි දුම්රියෙන් පැමිණෙනවා නම් විනාඩි 75 ක් වගේ කාලයක් විතරයි ගත වන්නෙ. හරියටම කිව්වොත් මේ හිම ක්‍රීඩාවල යෙදෙමින් සිතූ සේ සතුටු විය හැකි කලාපය තියෙන්නේ නීගතා කියන ප්‍රාන්තයේයි. දැන් එහෙම නම් අපි නීගතාවලට ගියා කියමුකො. ඒ යන මගදී බොහොම සුන්දර නිම්න, තැනිතලා, කඳු එහෙමත් දැකගන්න පුළුවන්. ඒ දසුන් ඇත්තටම හරිම ලස්සනයි. මේ ගමනාන්තය බොහෝදෙනා හඳුන්වන්නේ සිහින ගමනාන්තයක් ලෙසයි.
කුඩා ළමුන්ට හිම මත රැඳී විවිධ හිම ක්‍රීඩාවල - ක්‍රියාවල යෙදිය හැකි වගේම, වැඩිහිටියන් මොහොතකට පොඩිහිටියන්ගේ ලෝකයට කැඳවාගෙන යන නිම්නයක් කියලත් හැඳින්වුවාට වරදක් නෑ. එහෙත් කාර්ය බහුලව ගත කළ ජීවිතයේ පීඩනය - බර සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා, නිදහසේ - සැහැල්ලුවෙන් කාලය ගත කළ හැකි මේ අපූරු නිම්නයට දැන් අපි ප්‍ර‘වේශ වුණා. ගාල හිමයායට නැත්තම් හිම මත ඇවිදින සපත්තු දාගෙන යා යුතු ස්කී රිසෝට් වෙත යාමට වැඩිහිටියන්ට සහ පොඩිහිටියන්ට ප්‍ර‘වේශ පත්‍ර ගත යුතු වනවා. විදේශීය සංචාරක ප්‍ර‘වේශ පත්‍ර වෙනම ලබාගත් පසු, මේ ප්‍ර‘වේශ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ඇති ස්ථානට ගොස් තමුන්ගේ ඇඳුම් ආයිත්තම් මාරු කරගෙන, ඒවා තමුන්ට ලබාදුන් කබඩ් එකේ දමා හිමේ යාමට සුදුසු ඇඳුමින් හැඩවීම වඩා හොඳය. හිමමත ඇවිදීමට සුදුසු සපත්තු තම තමන්ගේ පා ප්‍රමාණයට එතැනදී ලබා ගැනීම කළ හැකිවනවා.
ඒ විදියට සියල්ල වෙතින් ලක ලැහැස්ති වූ පසු, ඈත හිම කඳු යායට අප රැගෙන යන්නේ කේබල් රථවලිනි. ඒවා ටිකෙන් ටික ඉහළට ඇදෙන විට පහත බලන එක නම් බය හිතෙන අයට ඇති කරවන්නේ දැඩි බියක්. නමුත් පහළ නොබලා වටපිට බලන්නේ නම් සත්තකින්ම ඒ සුන්දරත්වය නම් වචනයෙන් කියා නිමකළ හැකි නොහැකි දෙයක්. කේබල් රථ ඔස්සේ ඉහළට ඇදෙනවිට නගරය පෙනෙන්නේ සුන්දර චිත්‍රයක් ලෙසිනි. අවට කඳු පෙළ එකිනෙකට වෙනස් පැහැයෙන් හැඩයෙන් මවන චිත්‍රය චිත්‍රශීල්පියෙකුට වගේම ඡායාරූප පිපාසයෙන් පෙළෙන රසවතුන්ට රසවත්ම තෝතැන්නක්.
කේබල් රථයෙන් ඉහළට ගිය පසු කඳු මුදුනට කලාපයට ප්‍ර‘වේශ වෙන්න පුළුවන්. කේබල් රථයෙන් එද්දී දුටු සුන්දරත්වය මොකද්ද? නියම සුන්දරත්වය තියෙන්නෙ මෙතැන නේද? කියා හැමෝගෙම හිත්වලට දැනෙනවා නොඅනුමානයි. වෙනමම ලෝකයකට ගියාක් මෙන් වූ හැඟීමක් තමයි ඇත්තටම එතැනදී ඇති වන්නෙ. මේ හිම කඳු මුදුනත සිට සිතූ සේ හිම ක්‍රීඩාවල යෙදී, නැවත පහතට ඒමට පෙර, ඒ පරිශ්‍ර‘යේ ඇති අවන්හලට කවුරුත් යන්නේ හීතල - ඊතල වගේ ‘ගතට වැදී ඇති කළ බඩගින්න නිසායි. ම්ම්...ම්.. උණු - උණු කෑම වේලකින් සප්පායම් වීමට එතැනදී පුළුවන්. අප සාමාන්‍ය‘යෙන් ආහාරයට ගන්නා බත් පිඟානක ප්‍රමාණයට වඩා ලොකු බත් පිඟානක්, ඒක කොරහක් වගේ කිව්වොත් නිවැරදියි. එතැනදී ලැබෙනවා. හැබැයි සල්ලි ගෙවන්න ඕනැ. නැත්තම් නිකන් නම් නෙවෙයි.
මේ අපූරු හිම නිම්නයේ සිට නැවත පහළට පැමිණීමේදී නම් ඇති වන්නේ පුදුමාකාර දුකක්. මොකද කවුරුත් හීනවලට ආසා නිසා. ඒ GALA SKI නිම්නයේ හීනය එතරම්ම සුන්දරයි. ඒත් හීනයක වෙලී සිටිය නොහැකියි. පියවි ලෝකයට ආ යුතුමයි. මේ හීනය නින්දට ගිය පසු දකින හීනවලට වඩා වෙනස් වන්නෙ, එය සජීවීව අත්දුටු නිසාවෙනි. ඉතින් එය සිහිනෙන් ගෑ සුවඳක් සේ නොවී හැමදාම මතකය අවදි කරවන සුන්දර සිහිනයක්ම වේවි. මේ සිහින අත්දැකීම ලබාදුන් "NI-CEY INTERNATIONAL" ආයතනයට විශේෂ ස්තුතිය පුදන්නට ඕනෑ. ජපානයේ සංචාරයක් යනවා නම් ගන්නා මුදලට වඩා විශිෂ්ඨ සේවයක් ලබාදෙන සංචාරක ආයතනයක් ලෙස අගයා එයට මල් මිටක් දීම ඇත්තටම යුතුකමක්’ සංචාරයක ආස්වාදය විඳින්න ඕනෑ නම් 2869986 දුරකථනය හරහා ඔවුන් දැනුවත් කරන්න.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
 Source-Saaravita

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :