සල්මන් ඛාන් සහ ආමීර් ඛාන් තමා මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ කෝටි 500 ආදායම් වාර්තා තැබූ චිත්‍රපටි කළ නළුවන් දෙදෙනා. ආමීර් ඛාන්ගේ PK චිත්‍රපටියේ ආදායම කෝටි 735ක්. මෙය තමා ඉහළම අදායමක් තැබූ එකම බොලිවුඩ් නිර්මාණය.
මේ වසරේ තිරගත වූ තාමත් තිරගත වෙන සල්මන් ඛාන්ගේ සුල්තාන් චිත්‍රපටයේ මෙතෙක් ආදායම කෝටි 560ක්. මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මල්ලවපොර ශුරයෙක්ගේ ජිවිත කතාවක් වටා. හැබැයි මෙය මනංකල්පිත කතාවක්.
Dangal ලෙස නම් කර ඇති ආමීර් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් 23 දින ලොව පුරා තිරගත කිරීමට නියමිතයි. මේ චිත්‍රපටයෙත් කතා තේමාව මල්ලවපොර ශුරයෙක්ගේ ජීවිතය ගැනයි. හැබැයි මේක නම් සත්‍ය කතාවක්.
බොහෝ විචාරකයින් කියන්නේ සල්මන්ගේ සුල්තාන්ගේ වාර්තා ලේසියෙන්ම ආමීර් ඛාන් බිඳ දමන බවයි.