Skip to main content

සිතට සුව ගෙනෙන තාපසාරාමය ADISHAM

2017-01-13-ent-46
"තරුණයා" හි චාරිකාවකට වෙන්වෙන පිටුව බොහෝවිට විනෝදාස්වාදයට මුල්තැනක් ලබාදෙන ගමනක් බව මෙතෙක් කල් මෙම පිටුව හා රැඳී සිටි ඔබට පැහැදිලිවනු ඇත. එහෙත් මෙවර අපි ඔබව ඉන් මුදවා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නට සිතුවෙමු. එනම්, ඒ තාපසාරාමයක් වෙතය. තංගමලේ රක්ෂිතයට යන ගමන් මාර්ගයේ තොටුපොළ කන්ද, නමුනුකුල සහ පිදුරුතලාගල කඳු වළල්ලට මැදිව දිදුලන ඇඩිෂම් බංගලාව, බදුල්ල හෝ හපුතලේ ප්‍රදේශයට විනෝද චාරිකාවක් යන බොහෝ දෙනෙකු අනිවාර්යෙන්ම ගොඩවදින ස්ථානයක් වන්නේ එහි ඇති පෞරාණිකත්වය ගැබ්වූ ආකර්ෂණයත්, කදිමට විඳින්නට හැකි සුවදායී පරිසරයත්, එහි ඇති අධ්‍යාපනික වටිනාකමත් නිසාවෙනි. මත්පැනට තිත තබා ඇති මෙම පරිශ්‍රය පුරා ඉන්එහා විඳිය හැකි සුන්දරත්වයක් ඇති අතර, එහි නවාතැන් පහසුකම්ද ඇත. එමෙන්ම මේ දිනවල සාර්ථකව තිරගතවන %සරිගම^ චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය ලෙස යොදාගෙන තිබෙන්නේද මෙම බංගලාවය.

ගමන් මාර්ගය
2017-01-13-ent-35කොළඹ, බදුල්ල (A4) ප්‍රධාන මාර්ගයේ, කොළඹ සිට බදුල්ල දෙසට ගමන් කරන්නෙකුට කිලෝමීටර් 186 පමණ ගමන් කළ පසු හපුතලේ නගරය හමුවේ. හපුතලේ නගරයට ඔබ්බෙන් පිහිටි හපුතලේ නගරයේ සිට වැලිමඩ දෙසට (හපුතලේ පොලිස් ස්ථානය පිහිටි මාර්ගයේ) දිවෙන බොරලන්ද මාර්ගයේ කිලෝමීටර් 04ක් පමණ ගමන් කළ පසු සිත් වසඟ කරන මෙම ඉසව්වට ළඟාවිය හැකිය. කොළඹ සිට බස් රථයකින් හෝ පුද්ගලික වාහනයකින් ගමන්කරන්නේ නම් පැය 05.30ක් පමණ කාලයක් තුළදී මෙම ස්ථානයට ළඟා විය හැකිය.
හපුතලේ නගරයේ පවතින ශීත දේශගුණය නිසා ඇවිදීමට ප්‍රිය කරන සංචාරකයන් හට අපහසුවකින් තොරව මෙම ඉසව්ව වෙත ළඟාවීමට හැකියාව ලැබේ. එම ගමන අතරවාරයේදී බෙලිමල් වතුර පොදකින්, කඳුකරයේ නිෂ්පාදනය වන සාරවත් තේ කොළවලින් සුසැදි කහට කෝප්පයක රස බැලීමට අතරමගදී හමුවන එම මාර්ගයේ පිහිටා තිබෙන කුඩා කඩමණ්ඩිවලින් හැකියාව ලැබේ. ඌව පළාත් සභාව මගින් මෙම තාපසාරාමය වෙත වැටී තිබෙන මාර්ගය නිසි ලෙස නඩත්තු කරන බැවින් බර වාහන හැර වෙනත් ඕනෑම වාහනයකට පහසුවෙන් ගමන් කිරීමට හැකිය. හපුතලේ නගරයේ සිට ත්‍රි‘රෝද රථයකින් ගමන් කරන්නේ නම් ඒ සඳහා රු.350-600ත් අතර මුදලක් අය කෙරේ. සංචාරක ආකර්ෂණය බහුලව තිබෙන ප්‍ර‘දේශයක් බැවින් එහි වෙසෙන ත්‍රී‘රෝද රථ රියදුෙරා් හිතුමනාපෙට මුදල් අය කරති.

ඇඩිෂම් බංගලාවේ නිර්මාතෘවරයා
මෙය මනරම් ගොඩනැගිල්ලේ නිර්මාපකයා ලෙස සර් තෝමස් ලිස්ටර් විලියස්ගේ නම ඉතිහාසයේ පිටු අතර සටහන් වී ඇත. එතුමා 1869 වර්ෂයේ එංගලන්තයේ කෙන්ට්හි ඇඩිෂම් ග්‍රාම‘යේ උපත ලැබූවෙකි. මොහු අධ්‍යාපන කටයුතුවලින් පසුව සිය වෘත්තීය වශයෙන් වතු පරිපාලනය තෝරාගෙන මුල්ම රැකියාව වශයෙන් ශ්‍රී ලංකාවේ බොගවන්තලාව ඇල්බැද්ද වතුයායේ වතුපාලකයෙකු ලෙස 1887 වර්ෂයේදී එක් වී ඇත.
ඒ අන්දමට සේවයේ නියුතුව සිටියදී ඔහුට සමකාලීන වැවිලිකරුවෙකු වූ ඩබ්.එම්.වෝකර් මහතා හමුවෙයි. ඒ ඔස්සේ ගොඩනැගෙන සබඳතාවයකින් පසුව වෝකර් මහතාගේ දියණිය වූ එමලින් සමග සර් තෝමස් ලිස්ටර් මහතා විවාහ ගිවිස ගෙන තිබේ.
විවාහයෙන් පසුව මොවුන්ට පුතුන් දෙදෙනෙකුගේ දරු සුරතල් ලැබීමට වාසනාව උදාවේ. ඒ අතරින් 1897 වර්ෂයේදී උපත ලබන කුලුඳුල් දරුවා හෙන්රි විස්ටර්ස් නම් වූ අතර, ඔහු පසු කලෙක එංගලන්තයේ රාජකීය හමුදාවට බැඳී ලුතිනන් තනතුර දක්වා උසස්වීම් ලබාගනියි. එහෙත් දෙවන ලෝක යුද්ධයේදී ඔහු 1917 වර්ෂයේදී ජීවිතක්ෂයට පත්ෙවයි. එම යුවළට දාව උපන් දෙවන පුත්‍රයා වූ තෝමස් හයිඩ් විලියර්ස් තම සහෝදරයාගේ අඩිපාරේ යමින් අණදෙන නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්විය. ඔහුද 1955 වර්ෂයේදී ජීවිතක්ෂයට පත්විය.
1900 වර්ෂයේදී විලියර්ස් මහතා ඔහුගේ සහෝදරයා සමග එක්වී දික්ඔය වතුයාය මිලට ගනිමින් ඔහු වතුහිමි වැවිලිකරුවෙකු බවට පත්විය. එසේ වැවිලි ක්ෂේත්‍ර‘යේ දිනෙන් දිනම දියුණු වූ ඔහු 1905 දී සුප්‍රසිද්ධ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සමග සම්බන්ධ වේ.
එම සමාගම සමග සම්බන්ධ වී වසරක් වැනි කෙටිකාලයක් තුළදී ඔහු එම සමාගමෙහි කොටස්කරුවෙකු බවට පත්වේ. 1906 වර්ෂයේ සිට දීර්ඝ කාලයක් ඔහු එම සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙසත්, එහි සභාපතිවරයා ලෙසත්, එම ආයතනයෙහි රැකියාවේ නිරත වී තිබේ.
දේශපාලනය වෙනුවෙන්ද දක්වන උනන්දුව නිසාම එතුමා කොළඹ මහ නගර සභාවේ සාමාජිකත්වය මෙන්ම ප්‍රථම ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වය දරන්නට තරම් පන්නරය ලබාගෙන තිබේ. නිරෝගී ජනතාව රටක ජීවනාලිය බැව් පිළිගත් ඔහු දේශපාලන ජීවිතය තුළින් ඉස්මතු වුණ ප්‍රතිපත්ති සුබසාධනය වෙනුවෙන් යොමුකර තිබේ.
ඒ වනවිට පැවැති මන්දපෝෂණය පිටුදැකීම සඳහා කිරි, බිත්තර රජයෙන් මිලදී ගැනීම නවතා එම පෝෂණිය ආහාර ගමේ ප්‍රජාවගේ කටයුතු වෙනුවෙන් ලබාදෙන්නට කටයුතු කර තිබේ. මෙරට උසස් අධ්‍යාපනයේ සංධිස්ථානයක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කළ යුත්තේ කොළඹද, නුවරද යන්න ගැටලුවක් පැනනැගී තිබියදී, ඒ සඳහා පේරාදෙණිය වතුයාය සුදුසුයැයි යෝජනා කරනු ලබන්නේද විලියර්ස් මහතා බව අතීතය පිළිබඳ ලියැවුණු පුස්තකයන් හි සඳහන් වෙයි. දැනුමෙන් පරිණතව ස්වදේශිකයන් වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ මෙතුමා ඔහුගේ සිහින මන්දිරය ගොඩනැගීමට ආරම්භ කර ඇත්තේ 1929 වර්ෂයේදීය.

පිහිටීම
සර් විලියර්ස්ගේ හිතේ ඉපදුණු සිහිනය වූයේ ඔහු උපන් ගමේ, බාල විය ගෙවන ලද මන්දිරය සිහිපත්වීම පිණිස මෙරට තුළ එවැනි මන්දිරයක් ඉදිකිරීමය. ඒ සඳහා ඔහු තෝරාගන්නා ලද්දේ හපුතලේ තංගමලේ ප්‍ර‘දේශයයි. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසින් යුක්ත වේ. මෙම බංගලාවට බදුලු පුරවරය වටකරගෙන තිබෙන නමුනුකුල, පිදුරුතලාගල සහ තොටුපොළ කන්ද මනාවට දිස්වේ.

ගෘහ නිර්මාණ ශිල්පය සහ නිර්මාණාත්මක දෑ
මෙම මන්දිරය තැනීම සඳහා ඉංජිනේරුවන් ගෙන්වා ඇත්තේ එංගලන්තයෙනි. කම්කරුවන් ගෙන්වා ඇත්තේ උතුරු ඉන්දියාවෙනි. එමෙන්ම මන්දිරයට යොදා තිබෙන ඔපමට්ටම් කළ කළුගල් ගෙන්වා තිබෙන්නෙත් එංගලන්තයෙනි. මෙම මන්දිරයේ වහලය තනා ඇත්තේ බුරුම තේක්ක ලීවලින් සාදපු විශේෂිත උලු වර්ගයකිනි. මෙහි පියගැටපෙළ නිර්මාණය කර ඇත්තේ එංගලන්තයේ බකිම් හැම් පැලස් හි පියගැට පෙළ ආකාරයටය. මන්දිරයට අවශ්‍ය කරන බුමුතුරුණු ගෙන්වා තිබෙනුයේ පර්සියාවෙනි. මෙහි තිබෙන්නාවූ අැතැම් සෝෆා (පුටු) සාදා ඇත්තේ ඔටු හමෙනි. මෙහි පිහිටි සුළං කවුලු තුළින් හමන සුළඟ විශේෂිත නල මගින් ගමන් කරවා ඒවා ගිනි උඳුන තුළට යවා ඒ වායු ධාරා මගින් කාමර උණුසුම් කරන දියුණු ක්‍රම‘වේදය විස්මය ජනකය.
මෙම මන්දිරයේ තිබෙන තවත් සුවිශේෂි ස්ථානයක් වන්නේ බොයිලේරුව පිහිටි කාමරයයි. ඉහළ කඳු මුදුනේ සිට නළ මාර්ග මගින් පොම්ප කරන ජලය ඉහළ මාලයට පවා පොම්ප කිරීමට හැකි පරිදි එය නිර්මාණය කොට තිබේ. ස්නානය සඳහා අවශ්‍ය කරන උණු ජලය හදාගෙන තිබෙනුයේ ස්වභාවික ක්‍රමයකටය.
බංගලාවේ තිබෙන ප්‍රධානතම අංගය වන්නේ තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රයයි. ඩේවිඩ් පේන්ටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා එම සිතුවම් චිත්‍රයට නගා තිබෙන්නේ මෝනාලිසාගේ චිත්‍රයට සමානවය. මොනාලිසාගේ චිත්‍ර‘යේ ඇස් අප කෙහේසිට ලැබුවත් අපදෙස බලා සිටිනවා සේ පෙනෙන ආකාරයටත් මෙම චිත්‍ර‘ය අප යන අතට හැරෙනවා සේ පෙනෙන ආකාරයටත් සිතුවම් කර ඇත.

සුන්දරත්වය
විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ තංගමලේ රක්ෂිතය මැදින් ගමන්කොට, මනාව සකසන ලද මල් වත්තෙන් හා පලතුරු ගස් අතරින් ඇදී එන සංචාරකයන්ට මනස්කාන්ත කඳුවැටිවලින් ආවරණය වී තිබෙන තේජාන්විත බලකොටුව දර්ශනය වේ. ඒ තුළ සත්ත්ව පාලන ගොවිපොළක්ද ඔවුන් විසින් පවත්වාගෙන යයි. ශීතල දේශගුණයක් පවතින හපුතලේ පුරවරයේ නිහඬ පරිසරයක පිහිටා තිබෙන මෙම මන්දිරය නැරඹීමට යන ඕනෑම අයෙකුගේ ගතත් සිතත් එකසේ පිනවාගැනීමට හැකිවනු අැත.

නවාතැන් පහසුකම්
නිදහසේ නිස්කලංකව සිටීමට කැමති සංචාරකයන් සඳහා මේ තුළ නවාතැන් පහසුකම්ද සපයා ගැනීමට හැකිය. තරුපහේ හෝටලයකින් ලබාගැනීමට හැකි සැපපහසුව එතුළින් ලබාගත නොහැකි වුණත්, අවශ්‍ය කරන සෑම දෙයක්ම (උණු වතුර, ශීතපොරෝන, ඇඳ ඇතිරිලි, තුවා) ඔවුන් විසින් ලබාදෙනු ලබයි.
මෙහි නවාතැන් පහසුකම් ලබාගන්නා වැඩිහිටියෙකුගෙන් රු.3000ක් අයකෙරෙන අතර, කුඩා එක් ළමයෙක් සඳහා රු.1500ක් අයකෙරේ. එම අයකිරීම සඳහා ආහාරපාන ඇතුළත් වේ. මෙහි නවාතැන් ගන්නේ නම් සති 03කට පෙර අත්තිකාරම් මුදල් ගෙවා වෙන්කරවා ගත යුතුය. ඒ සඳහා 057-2268030 ඇමතීමෙන් හෝ info@adisham.org යන විද්‍යුත් ලිපිනයට ලිපියක් යැවීමෙන් අවස්ථාව සලසාගත හැකිය. එමෙන්ම www.adisham.org/reservation යන ලිපිනයෙන් අන්තර්ජාලය හරහා Online වෙන්කරවා ගැනීමද සිදුකළ හැක.

සැලකිලිමත් බව
වර්තාමනයේ ඇඩිෂම් බංගලාව පවත්වාගෙන යන්නේ බ්‍රිතාන්‍ය පූජකවරුන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙසිනි. එම නිසා නිශ්ශබ්දතාවය හැකි පමණින්, හැකි සෑම විටම ආරක්ෂා කරගත යුතුය. එමෙන්ම සංචාරයකදී නවාතැන් ලබාගන්නා වෙනත් ස්ථානයකදී මෙන් මෙහි ගීත ගායනා කරමින් විනෝදවන්නට, මත්පැන් හා දුම්වැටි භාවිතයට අවසර නොලැබෙන්නේය.
මෙහි නවාතැන් පහසුකම් ලබාගැනීමට වඩාත් සුදුසු වන්නේ නිස්කලංකව ගත, සිත පුබුදුවා ගැනීමට සංචාරයේ නියැළෙන සංචාරකයන්ට පමණි.
සටහන/ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/සුපුන් සම්පත්


2017-01-13-ent-56
2017-01-13-ent-55
2017-01-13-ent-54
2017-01-13-ent-53
2017-01-13-ent-52
2017-01-13-ent-51
2017-01-13-ent-50
2017-01-13-ent-49
2017-01-13-ent-48
2017-01-13-ent-47
2017-01-13-ent-45
2017-01-13-ent-44
2017-01-13-ent-43
2017-01-13-ent-42
2017-01-13-ent-41
2017-01-13-ent-40
2017-01-13-ent-39
2017-01-13-ent-38
2017-01-13-ent-37
2017-01-13-ent-36

source Saravita

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල