Skip to main content

තරුවක් සමග වරුවක් ගෙවන භාෂිණී සමරසිංහ

කෙනෙකුට කුමන හෝ ක්ෂේත‍්‍රයකින් යම් දෙයක් කිරීමට සහජ හැකියාවක් යම්තාක් දුරට හෝ තිබිය යුතුයි. ඒ අතර මව්පිය උරුමයෙන් එන හැකියාවනුත් යම් චරිත රටේ ජනප‍්‍රියත්වයකට පත් කරලා තියෙනවා. එදා ගුවන් විදුලි නිෂ්පාදකවරයකු නිවේදකයකු වූ පාලිත සමරසිංහ සහ ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් වු රත්නා සමරසිංහ දෙපළගේ දයාබර දියණිය භාෂිණී සමරසිංහ අද නිවේදන ක්ෂේත‍්‍රයේ ඉහළටම ගිය චරිතයක් බවට පත් වී හමාරයි.
අද ගුවනේ තරු සමග ඇය එකතු කර ගත්තේ ඔබ ආදරය කරන තවත් වින්දනාත්මක හෝරාවක් ගැන කතා කරන්න. මේ භාෂිණී සමරසිංහයි.

”තරුවක් සමග වරුවක්” දැන් හරි ජනප‍්‍රියයි නේද?
අම්මෝ ඔව්.. ගොඩක් ජනප‍්‍රියයි. ශ්‍රී.එෆ්.එම්. එකේ ඉරිදා උදේ දහයේ ඉඳලා දොළහ වෙනකම් ලංකාවේ ජනප‍්‍රිය තරුවක් එක්ක ගත කරන හෝරාව හරිම සුන්දරයි. ඉරිදා උදේ දහයට අපි ගෙදරට එනකම් බලා ඉන්න පේ‍්‍රක්ෂකයෝ දවසින් දවස වැඩි වෙලා.

මේ තරු විදිහට එන්නේ ලංකාවේ මොන වෘත්තීන්වල අයද?
යම්කිසි විදිහකට විශේෂත්වයක් තියෙන සහ ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් මත, පේ‍්‍රක්ෂක මනාප මත ජනප‍්‍රිය වුණ අය කලාව විතරක් නෙමෙයි. දේශපාලනය, ක‍්‍රීඩාව වෙනත්  ඕනෑම ක්ෂේත‍්‍රයක නමත් එක්ක ජනප‍්‍රිය වුණ තරු තමයි අපි මේ වැඩ සටහනට සහභාගී කර ගත්තේ.
20170119Bashini-1
වැඩ සටහන ”තරුවක් සමග වරුවක්” කියලා නම් කරන්න හිතුවේ ඇයි?
මම පොඩි කාලේ මගේ ජීවිතේ ගොඩක් තැන් ගෙවුණේ ගුවන් විදුලියේ. ඒ කාලේ මගේ තාත්තා ගුවන් විදුලියේ කළා ”රේඩියෝ සඟරාව” කියලා කලා වැඩ සටහනක්. වෙළඳ සේවයේ බදාදා 8.30 ට ඒ දවස් වල ඒ වැඩ සටහනට ආවේ ජනප‍්‍රිය නළු නිළියෝ, දේශපාලඥයෝ, ක‍්‍රීඩකයෝ සහ ලංකාවේ ප‍්‍රසිද්ධ චරිත.
විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි රටේ ජනප‍්‍රිය චරිත මේ වැඩසටහනට ඇවිල්ලා එයාලගේ ජිවිතේ ගැන කියපු දේවල් මං පුංචි කාලේ ඇහුවා. තාත්තා කරපු දේවල් මම පුංචි කාලේ ඇහුවා. තාත්තා කරපු වැඩ සටහන් වලින් පුංචි කාලේ මම ආසම වැඩ සටහන වුණොත් මේ වැඩ සටහන. තාත්තා එහා පැත්තෙ වැඩ සටහන කරද්දී මම මෙහා පැත්තට වෙලා ඒ දේවල් දිහා ආසාවෙන් බලා හිටියා. ඒ දිහා බලා ඉඳලා මම ලොකු අද්දැකීමක් ලැබුවා. ඒත් මම ගුවන් විදුලි මාධ්‍යයට එනකොට මිනිසුන්ගේ ජීවන රටා. කතා වෙන විදිහ, කෑම බීම, මියුසික්, කලාව, මේ හැමදේම වෙනස් වෙලා. තරු බිහි වෙලා. එදා ජනප‍්‍රිය චරිත, අද තරු බවට පත් වෙලා. ඒ තරු වලට අදත් අසීමිතව පේ‍්‍රක්ෂකයෝ ආදරය කරනවා.
එදා තාත්තා කරපු ගුවන් විදුලි වැඩ සටහන මට ගොඩක් ආස හිතුණා. මටත් හිතුණා තාත්තගේ ආභාෂය අරගෙන ඒ වගේ වැඩ සටහනක් කරන්න.
ඒ සුන්දර හෝරාවට දැමිය යුතු හොඳම නම ”තරුවක් සමග වරුවක්” කියලා හිතුණා.

ලංකාවේ ජනප‍්‍රිය චරිත ගෙන්නලා මේ කරන්නෙත් ගොසිප් නිර්මාණය කරන එක නේද?
අපි හැමෝටම පොදු ජිවිතයක් තියනවා නේ. උදේ ඉඳන් ? වෙනකම් අපි ජීවත් වෙන්නේ යම් යම් කාර්යයන් එක්ක. අධ්‍යාපනය, පෞද්ගලික ජීවිතය, කරන වෘත්තිය ජීවිතය මේ හැම දෙයක් ඇතුළෙම අපිට තියෙනවා පෞද්ගලිකත්වය කියලා දෙයක්. එතකොට මේ චරිත කොහොමද ඒ තත්ත්වයට පත් වුණේ.
ඒ අතරෙදි එයාගේ ජීවිතේ රහස්, කුඩා කාලේ ගත වුණේ කොහොමද? ජීවිතේ කටු මාවත්, හැල හැප්පීම්, ජීවිතේ සතුට, මේ දේවල් එක්ක ඔවුන් ජීවිතයේ කාටවත් නොකියන නොකියපු දේවල් මට කියනවා.
රටේ සුන්දර චරිත එක්ක කතා කරද්දි ජීවිතේ අමතක නොවන රසවත් තැනුත් භාෂිණීට  ඕන තරම් ඇති.
ඇත්තටම වැඩ සටහන ප‍්‍රචාරය වන හැම දවසක්ම කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මොකද මෙතනට එන හැම චරිතයක්ම මට ගොඩක් විශේෂයි. මේ ජීවිත වල සිදු වුණ අමරණීය සිදුවීම් මැරෙන්න ගිය අවස්ථා, දුකට පත් වුණ අවස්ථා, ත‍්‍රාසජනක අවස්ථා, මේ සිදුවීම් සියල්ලම පිළිබඳව ඇත්ත කතා කරන හෝරාවක්.
ගොඩක් ජනප‍්‍රිය තරු තමන්ගේ ඇත්ත ජීවිතේ කතා කරනවා අඩුයි. තරුවක් සමග වරුවක් වැඩ සටහනේ විශේෂත්වය තමයි කලාකරුවො, දේශපාලනඥයො, ක‍්‍රීඩා ලෝකේ තරු අවංකව තමයි ජීවිතේ පිළිබඳ ප‍්‍රකාශ කරලා තියෙන්නේ. ඒවා විශාල ප‍්‍රශ්න බවට පත්වෙලා තියෙනවා. ගොසිප් නිර්මාණය වෙලා තියෙනවා.
දවසක් කලාකරුවෙක් ඇවිත් කිව්වා මට තවම ආදරේ කියන දේ ලැබිලා නැහැ කියලා. කලාකරුවගේ නම කියන්න බැහැ. කවුරු හරි ලැබුණොත් මම උපරිමයෙන් ආදරය කරනවා කියල එයාගෙ බිරිඳ අහගෙන ඉඳලා පත්තරේකට කියලා තියෙනවා මගේ මහත්තයා මෙහෙම වැඩ සටහනකදි කිව්වා එයාට තාම ආදරේ ලැබිලා නැහැ කියලා. එයාට ඒක නිවේදිකාවට කියන්න කලින් මට කියන්න තිබුණේ කියලා. ඒකට ලොකු ප‍්‍රශ්නයක් ඇති වුණා.
ඔවුන් මේ හැම දෙයක්ම ප‍්‍රකාශ කරන්නේ අවංකව. පේ‍්‍රමය ගැන ජීවිතය ගැන කතා කරනකොට සමහර වෙලාවට ඒ අයට අමතක වෙනවා  මම මේ ඉන්නේ වැඩ සටහනක මයික් එකක් ඉස්සරහ කියලා.
20170119Bashini-2
ලංකාවේ තරු විතරද මේ වරුවට ආවේ?
නැහැ. මනීෂා කොයිරාල, රන්වීර් කපූර්, උදිත් නාරායන්, ලංකාවට ආපු අවස්ථා වලදී වැඩ සටහනට අපි ගෙන්නුවා. මනීසා කොයිරාලට පිළිකාව වැළඳෙන්න කලින් එයා ලංකාවට ආවා. ෆිල්ම් එකකට ඒ අතරේ ඇය සමග සාකච්ඡුාවකට මට අවස්ථාව ලැබුණා. මට මතකයි ඒ වැඩ සටහන කරලා සති 2 පස්සේ ඇයට පිළිකාවක් කියලා පත්තර වල ගියා.

වැඩ සටහන අතර තුරදී අහන ප‍්‍රශ්නවලට තරු වලට තරහ ගිහිින් නැද්ද?
මම මුලින්ම කියනවා. මෙහෙම ප‍්‍රශ්න අහනවා තරහ ගන්න එපා ඇත්ත උත්තර දෙන්න කියලා. තාම කවුරුත් එහෙම තරහ අරගෙන නැහැ.

භාෂිණිගේ ඉස්සරහට මොනවද අලූත් වැඩ?
මේ දවස්වල ශිෂ්‍යත්වයකට කාලය වෙන් කරන්න ලෑස්ති වෙනවා. ඒත් වැඩ සටහන් නතර කරන්නේ නැහැ. ඒවට සුදුසු වැඩ පිළිවෙළක් යොදනවා. ඇත්තට මම කරපු වැඩ සටහන් අතුරින් ගොඩක් ජනප‍්‍රිය වගේම පේ‍්‍රක්ෂකයා අතරට ගිය එකම වැඩ සටහන ”තරුවක් සමග වරුවක්” වැඩසටහන. බොහොම සතුටින් ඉදිරිපත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

නදීශා අතුකෝරළ

source Saravita

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල