පසුගියදා ධවල මන්දිරයේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල කාමරය තුල ජනාධිපතිවරයා සහ කලු ජාතික පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජිත පිරිසක් අතර වූ රැස්වීමකදී ජනාධිපතිවරයාගේ උපදේශිකාවක් වන කෙලීන් කොන්වේ (Kellyanne Conway) විසින් හැසිරුණු ආකාරය පිළිබඳව එරට සමාජයේ දැඩි කතා බහට ලක්වී තිබේ.
ජනාධිපතිවරයා නියෝජිත පිරිස සමඟ සාකච්ජා කරන අතරතුරදී ඇය විසින් නිල කාමරයේ සෝෆාවේ වාඩි වී කකුල් දෙක පවා උඩට ගෙන ඉතා සුවපහසු ආකාරයෙන් සිටින අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම ඇය විසින් විටින් විට සාකච්ජාවට බාධා කරමින් සිය ජංගම දුරකතනයෙන් අදාළ පිරිසගේ ජායාරූපද ලබාගෙන තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල කාමරය තුල සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ දරුවන් පවා නොහොබිනා ලෙස නොහැසිරෙන අතර ඊට අදාළ හැසිරිය යුතු සදාචාරත්මක රාමුවක්ද තිබේ.
ජනාධිපති උපදේශිකාවගේ මෙම හැසිරීම ජනාධිපතිවරයාට මෙන්ම ඔහු හමුවීමට පැමිණි කලු ජාතික නියෝජිත පිරිසටද බරපතළ අපහාසයක් බව ධවල මන්දිර සම්ප්රදාය පිළිබඳ අවබෝධයක් සහිත විද්වතුන්ගේ මතය වී තිබේ.