Skip to main content

මී කඩන නේපාල පාරම්පරික මී දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුව


මේ නේපාලයේ පාරම්පරික මී වද දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුවකි.
ඔවුන් සෑම වසරකම දෙවතාවක් නේපාල කඳු ආශ්‍රීත ප්‍රදේශ වෙත ගොස් මී වද කඩති.
ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ සිය ආදි මුතු මිත්තන් මී වද කැඩීම සඳහා භාවිත කළ, අතින් වියන ලද ලණු ඉනිමං,දිගු උණ බට වැනි මෙවලම් වීම විශේෂත්වයකි.
අඩි සිය ගණනක් ඉහළ ලණු ඉනිමගක එල්ලී, කඩන මී වදය යටින් විශාල කූඩයක් එල්ලා, දිගු උණ බටයකින් මීවද කඩන අයුරු සැබැවින්ම ඉතා ත්‍රාසජනක ක්‍රියාවක් බව මේ ඡායාරූප නරඹන ඔබට පැහැදිලි වනු ඇත.
නේපාලයේ වෙසෙන හිමලයානු මී මැස්සා ලොව විශාලතම මී මැස්සා බවද කියැවෙයි.ට ඔවුන් ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 3ක් පමණ විශාලය.
මෙම මීවද වලට චීනය කොරියාව ජපානය වැනි රට වලින් ඉහළ ඉල්ලුමක් ඇති බවද කියැවෙයි.
මී වද දඩයම යනු මිනිසා ආදි කාලයේ පටන් කළ ක්‍රියාවකි.
ස්පාඥයේ ගල් ගුහාවකින් මීට වසර 8000කට පෙර මී කඩන අයුරු දැක්වෙන චිත්‍ර කිහිපයක්ද හමුවී තිබිණ.
             


















Source - Neth Gossip








Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.