Skip to main content

උපතින්ම ආපු සරාගී පෙනුම ගැන ටීනා ෂනෙල් හිරු ගොසිප් වෙත කිව්ව කතාව

6,210 Views
  
‘‘මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ  නැහැ...“
‘‘මගේ පෙම්වතා ගායකයෙක් තමයි..“
‘‘මගේ ඇඟ ලස්සනට තියනවා.. කොටට ඇන්දට කැත නෑ..“
මේ දවස්වල රූප රචනා වල ජනප්‍රියම චරිතය වගේම කතාබහට ලක් වුණ චරිතයක් විදිහට ටිනා  ෂනෙල්ව හදුන්වා දෙන්න පුළුවන්. අසංවර චරිතයක් හැටියටත් ඇයව සමහරුන් හඳුන්වා දෙනවා. මේ හැමදෙයක් ගැනම කතා කරන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා.

ටිනා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි නේද ..?
ඔව්. ගොඩක් අය දැන් මන් ගැන කතා කරනවා. මගේ දක්ෂතා අගය කරනවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි.
අවුරුදු පහ හයකට කලින් කලාවට අවතීර්ණ වුණත් ඔබ කතා බහට ලක් වෙන්නේ ගීත රූප රචනා නිසයි. ..?
හැමෝම ආ ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ. නිර්මාණවල දකින්න දකින්න තමයි ජනතාව අතරට යන්නේ. මමත් එහෙමයි. මම වැඩිපුරම ජනප්‍රිය වුණේ මේ මෑතකදී. නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබුන නිසා.
බොහෝ අය නම් කියන්නේ ටීනා අසංවර චරිතයක් කියලයි. එකම විදිහට දකින නිර්මාණ වලට විතරක් ඉන්නේ ඇයි...?
මම ශ්‍රී ලාංකික කෙනෙක් වුණත් හුඟක් අය නම් හිතන්නේ මම මිශ්‍ර ජාතියක කෙනෙක් කියලයි. මගේ හමේ පාට පවා වෙනස්. කොණ්ඩේ පාට වෙනස්. මගේ බැල්ම පවා මවා ගත්ත එකක් නෙමෙයි තියෙන්නේ. මම කොහොමත් කොටට අඳින කෙනෙක්. ගෙදරට වුණත් කොටට අදින්නේ. ඉතින් මට ගැලපෙන චරිත තමයි මට ලැබෙන්නේ. චීත්ත ගවුමක් ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා වෙළක දුවගෙන එන චරිත මට ගැලපෙන්නේ නැහැ. අධ්‍යක්ෂකවරු පවා මට නිර්මාණවලට කතා කරන්නේ ඒ වගේ බටහිර චරිත වලට විතරයි. මේ මගේ ස්ටයිල් එක ඒක කාගෙන්වත් කොපි කරපු එකක් නෙමෙයි.
ඔබේ විලාසිතාවලට ඔබව කවුරුත් විවේචනය කරලා නැද්ද..?
කොහෙත්ම නැහැ. මගේ මුහුණට නම් කවුරුවත් බැනලා නැහැ.
ටීනා ෂනෙල් මාකට් එක හදා ගන්නේ අඩ නිරුවත පෙන්නලා කිව්වොත්...?
මම මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ  නැහැ. මේ මගේ විදිහ. මම අඳින්නේ මට ගැලපෙන විදිහට. මගේ ඇඟ ලස්සනට තියනවා. ඉතින් කොටට ඇන්දත් ඒක මට කැත නැහැ. මට  තියෙන්නේ  උපතින්ම සරාගී පෙනුමක්. ඒක හදාගත්ත එකක් නෙමෙයි.
ටීනාට වැඩිපුරම මඩ ගහන්නේ ෆේස්බුක් ඇඩ්මින්ලා කියලා දන්නවද ...?
ඔව්. මම හිතන්නේ මම ගැන වෙන්න ඇති එක එක දේවල් වැඩිපුරම දාන්නේ. මම නම් ෆේස්බුක් වැඩිය යන්නේ නැහැ. මගේ යාලුවෝ ගොඩක් වෙලාවට මට පෙන්නවා. ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ. එත් මගේ නමින් ෆෙස්ක්බුක් ගිණුම් විස්සක් විතර තියනවා. පේජස් තුන හතරක් තියනවා. සමහර අය කතා විදිහට ඒ හරහා චැට් කරනවා ෆොටෝ දානවා කියලත් මට ආරංචි වුණා. මට හරියට මඩ ගහනවා. මේ දේවල් නිසා මම ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා හිතපු කාලයකුත් තිබුණා. නමුත් කවුරුත් කරන දේවල් මට අදාල නැහැ කියලා මම මගේ පාඩුවේ ඉන්නවා. මම වගේ චැට් කරන අයගෙන් පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
කලාවට ගෙදරින් තහංචි තහනම් වැටිලා නැද්ද ..?
මට ඉන්නේ අම්මා අක්කලා දෙන්නයි. මගේ තාත්තා මම චුටි කාලේ නැති වුණා. තාත්තා ජිවතුන් අතර හිටියා නම් සමහර විට මම මේ විදිහට දකින්න නැහැ. අනිත් අය නම් මට ගොඩක් උදවු කරනවා.
ටිනාගේ පෙම්වතා ජනප්‍රිය ගයකයෙක්ලු.. විවාහය ලඟයිද ..?
මගේ පෙම්වතා ගායකයෙක් තමයි. ඒත් වැඩි විස්තර දැන්ම කියන්න බැහැ. දැනගන්න ලැබෙයි. විවාහය ගැන තවම අපි හිතලා නැහැ. විවාහ වෙන්න තව වයස තියනවා.
ටීනාගේ ලස්සන රැඳිලා තියෙන්නේ මේකප් මත පමනයිලු ..?
මට ස්භාවික ලස්සනක් තියෙන්නේ. මේකප් වලට ගොඩක් ලස්සයි. බටහිර පෙනුම වැඩිපුර පේනවා. මගේ හම සුදුයි. සමහර මේකප්වලට මම කළුවට පේනවා. ඒ නිසා මගේ පෙම්වතා ගොඩක් කැමති මම මේකප් නැතුව ඉන්නවටයි.

Source- Hiru Gossip 

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල