ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දෙපා නිරාවරණය වන ලෙස ඇඳුමකින් සැරසී සිටියේ යැයි පවසමින් ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියන්කා චොප්රාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ලවී තිබේ.
පසුගිය අඟහරුවාදා දිනයේ ඇය හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ හමුවක ඡයාරූපයක් මෙම විරෝධයට හේතුවී තිබිණි.
මෙහිදී ප්‍රියන්කා චොප්රා දෙපා නිරාවරණය වන කෙටි ඇඳුමකින් සැරසී සිටි අතර විරෝධය දක්වන සමාජ ජාලා පරිශීලකයන් පවසන්නේ ඇය අගමැතිවරයාට කිසිදු ආකාරයක ගෞරවයක් නොදක්වා හැසිරී ඇති බවයි.
කෙසේ වෙතත් මීට කිසි ලෙසකින් සමාව නොඉල්ලන ප්‍රියන්කා ඇගේ මව සමග කෙටි ඇඳුමකින් සැරසී සිටින තවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ පලකොට තිබිණි.
එම ඡායාරූපයට ඉහළින් ‘‘දවසේ කකුල්‘‘ ලෙසද සඳහන් කොට තිබුණේ විරෝධතාකරුවන් තවත් කුපිත කරවමිනි.