Skip to main content

මට මාසයක කාලයක් බත් කන එක තහනම් වුණා -චූලක්ෂි රණතුංග

  
"හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මට.."
"සමහරු අපේ  රට ගැන දැනගෙන හිටියේ නෑ.."

චූලක්ෂි රණතුංග කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන නිරූපිකාවක්. ඇය පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ලොව හොඳම නිරූපිකාවට හිමි කිරුළ දිනා ගත්තා. ඇය 2014 වසරේදී ලක් රූ රැජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි.ඇය ගැන හා ඇගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට සටහනක් පුවත්පතක සටහන් වෙලා තිබුණා.


චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමේ අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා.
ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ...?
ඔව්.ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ. ඒ නිසා තරගයට මුහුණ දුන්නේ ලොකු මානසික පීඩනයකින්.
ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?
 මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්තිම දවස් හතර පහ තුළදී මමත් ලොකු දෙගඩියාවකින් හිටියේ මේ තරගාවලියට මම යනවද නැද්ද කියලා. ඒ තරමටම පුදුම වෙහෙසක් දැනුණා. ඒ කාලයේදී දවස් ගෙවෙන හැටි මට දැනුණේ නෑ. උදේ පටන් අරගෙන රූ කොහොමද ඉවරවෙන්නේ කියලා මට තේරැණේ නෑ. ඒ තරමටම මහන්සියක් දැරුවා.
ඒ කැපකිරීම් එක්ක ආහාරත් පාලනය කළාද?
ඔව්. මම ඒ දවස්වල චුට්ටක් මහතට හිටියා. ඒ නිසා මාසයක් ඇතුළත මම කොහාමද කෙට්ටු වෙන්නේ කියලා මම මගේ ට්‍රේනිං සර්ගෙන් ඇහුවා. එයාගේ තීරණය වුණේ ඒ මුළු මාසයේදීම මට බත් තහනම් කියලා. ඒ මාසෙටම මම බත් කෑවේ නෑ. ව්‍යායාම් කළා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඒ හැමදේමට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා.
ඊට අමතරව මොනවද තව කළේ?
ඒ කාලයේදී මට නින්දක් නෑ. මානසික පීඩනයකින් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. දවස් කීපයකින් මම ලබපු ජයග්‍රහණයක් තමයි මේ.අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ
මේ සඳහා බොහෝ රටවල් සහභාගි වුණාද?
මේක ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ දිනාගැනීමේ තරගාවලිය. ඒ නිසා බොහෝ රටවල් මේ සඳහා සහභාගි වුණා.
ඒ අතරින් චූලක්ෂිට ලොකුම අභියෝගය වුණේ කවුද?
එක රටක් කියලා කියන්න බෑ. හැම රටකින්ම ආපු නිරූපිකාවන් එයාලගේ උපරිම දායකත්වය මේකට ලබලා දුන්නා. හැම රටක්ම නියෝජනය කරන්න ආපු හැම නිරූපිකාවක්ම ඇවිල්ලා තිබුණේ මේ කිරුළ මම දිනාගෙන යනවා කියන අදහසිනුයි. ඒ නිසා හැම කෙනෙක්ම මට අභියෝගයක් වුණා.
මේ සඳහා තිබුණු අංග මොනවාද?
මේ සඳහා ඇඳුම් විලාසිතා, ඡායාරෑප සඳහා පෙනී සිටින විලාසිතා, බෙස්ට් කැට්වෝක්, සැඳෑ සමය සඳහා විලාසිතා වැනි අංශ නියෝජනය කළා.
මේ සඳහා චූලක්ෂිට අනුග්‍රාහකයෙක් හිටියද?
මේ සඳහා සැඳෑ සමයේ විලාසිතා ඇඳුම මයිකල් විජේසූරිය මහතා, දේශීය ඇඳුම් විලාසිතාව හිරාන් මහතා විසිනුත් මීට අමතරව රාජිනී මහත්මියත්  මට උදව් කළා. අනිත් හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මගේ පවුලේ අයටයි. මගේ ටිකට් එක පවා මගේ මුදලින් තමයි හොයාගත්තේ. මම ගියේ මගේ රට නියෝජනය කරන්නයි. ඒත්.... ඒකට මට ලාෙකු වියදමක් දරන්නට සිද්ධ වුණා.
එදා ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ හිමිකර ගනිද්දී මොකද චූලක්ෂිට හිතුණේ?
ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මගේ පෞද්ගලික හැඟීමක් නොවේ. මම දිනනවා කියන්නේ මගේ රට දිනුව කියන එකටයි. මගේ රට පොඩි රටක්. ඒ තරගාවලියේ හිටපු සමහරු මං ශ්‍රී ලංකාව කිව්වම ඒ රට ළඟද කියලා අහන තත්ත්වයක් තිබුණා. සමහරු මගේ රට ගැන දැනන් හිටියේ නෑ. විශාල රටවල් එක්ක තරග වැදලා මගේ රට ජයග්‍රහණය කරද්දී මට මගේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා. පුංචි කාලයකින් ලොකු වෙහෙසක් දරලා මම ලබපු ජයග්‍රහණය ගැන මගේ ඇස්වලට කඳුළු ආවා. මේ වෙනුවෙන් මගේ ගෙදර අය, යාළුවෝ වගේම බොහෝ දෙනා මට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.
ඊළඟ ඉලක්කය මොකක්ද?
මම රඟපාපු පළවෙනි චිත්‍රපටය දේදුනු ආකාසේ එළිදක්වන්න දැන් ළඟයි. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් දකින්න ලැබේවි කියලා. ඉතින් මම ආසාවෙන් කරපු දෙයක් තමයි දේදුනු ආකාසේ කියන්නේ

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල