ජනප්‍රිය දමිළ නළුවෙකු වන ධනුෂ් හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා දායක වීමට කටයුතු කරනු ලබන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම චිත්‍රපටය ඉන්දියාවේ මුම්බායි නගරයේදී රූගත කරනු ලබන බව සඳහන් වෙයි. මේ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් ධනුෂ් විසින් මාධ්‍ය සිදු කර නැති අතර, මෙහි ඇත්ත නැත්ත කිසිදු දෙයක් පිළිබඳව විශ්වාසයක් නොමැති බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..