Skip to main content

සුපිරි 6 x 6ක් එක්ක නොදැවී ලකුණු 178ක් ගහපු චමරි – සනත් ගැන කිව්ව කතාව

cricketකාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව නොදැවී ලකුණු 178 රැස්කර ගන්න චමරි අතපත්තු සමත් වුණා.
ඇය නොදැවී ලකුණු 178ක් රැස්කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 22ක් සමගයි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළත් මේ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 257ක් රැස්කළත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 262ක් රැස්කර තරගය ජයග්‍රහණය කළා.
මේ තරගයෙන් අනතුරුව නිවේදිකාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් චමරි අතපත්තු මෙහෙම කතාවක් කිව්වා…..
“ඉස්සෙල්ලාම සුබ පැතුම් ඔබට මේ දක්වන දක්ෂතා වෙනුවෙන්. ඔබ ඉතා අවධානයෙන් ක්‍රීඩා කරන විලාශයක් තමයි අපි දැක්කේ ? මම මගේ සාමාන්‍ය ක්‍රීඩාව කලේ. වෙනද වගේම මම මගේ ක්‍රීඩා සැලැස්මක් අනුගමනය කරනවා. අදත් එකමයි කළේ. ඔබ ඉතා මහන්සිවී පුහුණුවීම් කරන කෙනෙක්ද? නිතර ශරීරය ක්‍රීඩාව සඳහා සුදානම් කරන කෙනෙක්ද? ඔව් … මම පුහුණුවීම් කරනවා.. ඒ පුහුණු වීම් මේ ක්‍රීඩාවට යොදා ගන්නවා. ඔබ ආශා කරන, ආභාෂය ලබන ක්‍රීඩකයෙක් ඉන්නවද ? ඔව්.. මගේ ක්‍රිකට් වීරයා සනත් ජයසුරිය.. සංගත් මගේ ප්‍රියතමයෙක්.. ඔවුන් ඔබේ ක්‍රීඩාව ගැන සතුටුවෙනවා කියල කියන්න පුලුවන්ද ? ඔව්.. සනත් අයියා නිතරම කතා කරලා මාව දිරිමත් කරනවා.. සංගත් මට හරියට උදව් කළා. ඔබ අද වාර්තා රැසක් බින්දා.. සතුටක් ඔබ ක්‍රීඩා කරනවා දැකීම .. ජය වේවා ඔබේ ක්‍රීඩා අනාගතයට .. ස්තුතියි.. මම මගේ ක්‍රීඩාව කළා.. මගේ උපරිමයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මගේ අරමුණයි”



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.