Skip to main content

දිවියේ සැප සතුට අත්හල මොරටු සරසවියේ යෞවනියන් ගිහිගෙය අත්හැර ගිහින්

moratuwa universityමොරටුව විශ්වවිද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිලිබඳ උපාධිය ලැබූ නැව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බිමට පිවිස සිටිති. මෙකී තරුණියන් දෙදෙනා මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරුගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුළත්ව සිටිති. බද්දේගම ගිනිමැල්ලගහ ආලෝකෝ උදපාදී සිල්මාතා භාවනා ආරාමයේදී මෙකී මෙහෙණින් වහන්සේ දෙනාම අපට මුණගැසුණි.
මෙකී මෙහෙණින් වහන්සේ දෙනාම සමඟ දැන උගත් මෙහෙණින් වහන්සේ සය නමක් භාවනායෝගීව ආරාමයේ වැඩ වසති. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේගේ ගිහි කාලයේ ස්වාමිපුර්ෂයාද පැවිදි දිවියට පත්ව සිටිති. උන්වහන්සේද ගිහි කළ මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිලිබඳ උපාධිධාරියෙකි.
මේ තිදෙනාම හිගි කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක රැකියාව කොට තිබේ. රැකියාව කරන අවධියේදී බණ ඇසීමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදී පැවිදි දිවියට පිවිස තිබේ.
“අපි දෙන්නා කතා කරගෙන තමයි මහන වෙන්න තීන්දු කළේ. ගහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මහේ මහණ පින්කමට අවශ්‍ය සියලු දේවල් කරලා. ඒ මහණ පින්කමට මමත් සහභාගී වුණා. ඒ වෙලාවේ මට හිතුණේ අනේ සාදු කියලා. අපි කොහෙද ඉන්නේ. මේ අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුනා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක් නැහැ. මගේ මහණ පින්කමට උන්වහන්සේත් සහභාගී වුණා.
තලගුණේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ. මේ වන විට මොරටුව විශ්වවිද්‍යායේ උපාධිය ලැබූ හය දෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. ඒ අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරුන්ද ඉන්නවා” යැයි මහරගම ධම්ම තිසිතා මෙහෙණින් වහන්සේ අප සමඟ කීහ. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ තිස්එක් හැවිරිදි වියේ පසුවෙති.
අතුරුගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ ගිහි කළ අකුරු කොට ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. ;උසස් පෙළ සමත් වීමෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වී උපාධිය ලබාගෙන ඇත.
“මගේ තාත්තා ඉන්ජිනේරුවරයෙන්. අම්මා විධායක නිලධාරිනියක් . බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු විට ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන්. ඉන්පසු මහණ වෙන්න තීන්දු කළා. මෙහෙණින් වහන්සේලාට වනගතව, ආරණ්‍යයගතව භාවනා කටයුතු කරන්න බැහැ. ආරක්ෂා තැනක ඉන්න ඕනි. කර්කශ නාගරික පරිසරයෙන් මිදිලා භාවනා කරන්න පුළුවන් ස්ථානයක් හදලා දෙන්න මාලනි දොඩන්ගොඩ යුවළගේ අරමුණක් තිබුණා. එය අපගේත් අවශ්‍යතාවක්. ත්‍රිපිටකය හදාරමින් භාවනා කරයුතු කරන්න, ගිහි පිරිසට අප හදාරණ දේවල්වලින් මඟ පෙන්වීමක් කරන්න. කොහොමද ධර්ම මාර්ගයේ යන්නේ ජීවිතය කොහොමද ධර්ම මාර්ගය අනුව හැඩගසා ගන්නේ කියලා අවබෝධ කරන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තියෙන්නේ පොත්වල තබාගන්න නෙවෙයි.
ඒවා කියලා දෙන්න මෙම ආරාමයේ වැඩසටහන් කිහිපයක් කරනවා. සතියේ දිනවල අපි භාවනායෝගීව මෙම ස්ථානයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනා හා කර්මස්ථාන භාවනා සිදු කරනවා. යැයි අතුරුගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ පැවසුහ.
(ජනයුගය – 2017.06.30)

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.