Skip to main content

'රත්නත්තරේ පිහිටයි' ගීතයට විශාල නැරඹුම් වාර්තාවක්?

2017-06-28-ent-26

යූටියුබ් ජාලයේ ගීත එළිදැක්වීම අද වනවිට සම්ප්‍රදායක් වී තිබේ. එහි දී එළිදක්වන ඇතැම් ගීත සමාජයට කොතෙක් දුරට ගැළපේද, නොගැළපේද යන්න කාරණාව පිළිබඳව තකන්නේ නැත. නමුත් අද එළිදක්වන ඇතැම් ගීත බොහෝ දුරට ජනප්‍රිය වීමට බලපාන්නේ මියුසික් වීඩියෝවය. මේ වනවිට වෙනස්ම වූ රූප පෙළක් ඔස්සේ නිර්මාණය වූ නවක ගීතයක් අද වනවිට යූටියුබ් ජාලයේ නැරඹුම් වාර්තා අතරට පැමිණ තිබේ.
සමිත් සිරිමාන්නගේ මෙම ගීතය එළිදැක්වීමට ප්‍රථම බොහෝ දෙනා මේ පිළිබඳව විවිධ වූ විවේචන ඉදිරිපත් කළහ. සමාජ වෙබ් අඩවි මගින් විශාල වශයෙන් මඩ ප්‍රහාරද මෙයට එල්ල වුණි. ඒ මෙහි ඇති වචන නිසාවෙනි. කෙසේ වුවත් එම කාරණාවට අභියෝගයක් ලබාදෙමින් එළිදැක් වූ මෙම වීඩියෝව මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ විශාල නැරඹුම් වාර්තාවක් ලබා තිබේ. ආදරය, ආගම යන කාරණා ඉස්මතු කර දීමට මෙම වීඩියෝවෙන් බොහෝ සේ උත්සහ ගෙන තිබේ. %රත්නත්තරේ පිහිටයි^ ලෙස නම් කර ඇති මෙම ගීතය වෙනස්ම වූ රූප රචනාවක් හෙයින් මෙය ජනප්‍රියත්වයට පත්විය. මේ පිළිබඳව සමිත් සිරිමාන්න පැවසුවේ මෙවන් අදහසකි.
&%රත්නත්තරේ පිහිටයි^ ගීතය ලිව්වේ හා සංගීතවත් කළේ චතුර වර්ණසේකර. රූප රචනාව නිර්මාණය කළේ හසිත ජයසංඛ. මෙහි මා සමග නවක නිරූපණ ශිල්පිනි යෝෂිකා රංගනයෙන් දායක වෙනවා. මේ ගීතය අද රැල්ලට නිර්මාණය වුණ ගීතයක්. නමුත්, ගීත රූප රචනාව නැරඹුවොත් අද නිර්මාණය වන රූප රචනාවලට වඩා යම් වෙනසක් දකින්නට පුළුවන්. මේ ගීතය සත්‍යය සිදුවීමක් අලළා තමයි නිර්මාණය කළේ. %පින්මදිද දන්නේ නෑ^ ගීතය කරලා මාස හයකට පස්සෙ තමයි මේ ගීතය එළිදැක් වූයේ. ගීත එක ළඟ එළිදැක් වුවොත් එහි අගයක් නැහැ. අනික කලින් එළිදක් වූ ගීතය ලංකාව වටේම යන්න අඩුම තරමේ මාස හයක් විතර යනවා. ඒ හේතුව නිසා තමයි මම ගීතයක් එළිදක්වන්න කාලයක් ගන්නේ.
 
නිකුත් වූ දිනය - 2017 ජුනි 16
ගායනය - සමිත් සිරිමාන්න
පද රචනය - චතුර වර්ණසේකර
සංගීතය - චතුර වර්ණසේකර
නැරඹූ සංඛ්‍යාව - 488,923





Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.