Skip to main content

මගේ ළග සිරා ලව් නෑ – ඒ මොහොතේ ඉන්න කෙනෙක් එක්ක ඉන්නවා

dasunදසුන් පතිරණ කියන්නේ මේ වෙන කොට ලංකාවේ ටෙලි නාට්‍යය කලාවේ ඉන්න දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. ඉතිං දසුන්ගේ කලා ජීවිතය ගැන වගේම එයාගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ගැන පහුගිය සති අන්තයේ පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කතාබහ කරලා තිබුනේ මේ විදිහටයි.
දසුන් මොකද මේ ගෙදරට වෙලා…?
මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුණා. ඒක දිග කතාවක් කියන එක ටෙලි නාට්‍ය කරලා මම ඉවර කළා. ඊළඟට මෝදර බඹරු කියන නාට්‍ය කරනවා. ඒකේ ෂූටිං තව ටිකක් කරන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක පසුගිය දවස්වල කරපු වැඩ ඉවරවෙලා දැන් ටිකක් විවේකීයි.
වැඩිය වැඩබාර ගත්තේ නැත්තේ ඇයි…?
මම වැඩිය මෙගා වැඩ කරන්නේ නෑ. අනික මම වැඩක් කරන අතරේ පොඩි නිවාඩුවකුත් ඕන වෙනවා. මට වැඩ වැඩ කියලා ඒ දේවල්ම කරන්න ටිකක් අමාරැයි.
ඔය නිවාඩු කාලේදී දසුන් මොකද කරන්නේ?
මට යාළුවෝ සෙට්එකක් ඉන්නවා. වැඩම එකදිගට කළොත් ස්ට්‍රෙස් වෙනවා. අපේ යාළුවෝ සෙට්එකට එකතැනකට වෙලා ඉන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. ඒනිසා ඒවගේ වෙලාවට අපි ඇවිදින්න යනවා. පාටිදානවා. මම අවුරුදු දහනමයෙන් රඟපෑමට ආව නිසා ඉස්කෝලේ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වුණා.
දසුන් කේරි විදුහලේදී කොහොම චරිතයක්ද?
ඉස්කෝලේදී හොඳ ළමයෙක් නෙවෙයි. මම ඉස්කෝලේදී ඩ්‍රාමයි, ඩාන්සින්වලට විතරමයි අඩුම තරමේ සහතිකයක්වත් තියෙන්නේ. ඉස්කෝලේදී කළේම පිස්සු වැඩ. පොඩි කාලේ ඉඳන්ම නාට්‍ය පිස්සුවයි, ඩාන්සින් පිස්සුවයි මට තිබුණා. ඒත් මම කවදාවත් නළුවෙක් වෙනවා කියලා කාටවත් එහෙම කියලා නෑ. ඉස්සර කවුරුහරි ඇහුවොත් කවුරැ වෙන්නද ආස කියලා මම කියන්නේත් ලේසියට ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.
එතකොට හිතේ හැංගිලා හිටිය නළුවා කොහොමද එළියට ආවේ?
මම ඩාන්සින් එහෙම කළාට මගේ ටාගට්එක මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ දවස්වල මිල්ල සොයා වගේ ෆිල්ම් බලලා පිස්සු හැඳිච්චි වෙලාවක මම දැනගත්තා මහේන්ද්‍ර අයියගේ workshop ඒක තියෙන්නේ මහරගම කියලා. ඒකත් එක්කම පහුවදා මම ලොකු අයියා හොයාගෙන workshop එකට ගියා. එතැනින් තමයි මගේ ජීවිතේට අලුත් ටාගට් එකක් ඇතිවුණේ.
මතකද මුලින්ම කරපු නිර්මාණය?
මම රස්තියාදුකාරයා කියන ටෙලිනාට්‍යයේ පොඩි චරිතයක් කළා. ඒ කාලේ අපිව එහෙම කවුරුවත් වැඩවලට ගත්තෙත් නෑ. මම හිතනවිදියට මාව ප්‍රේක්ෂකයින් අතරට ගෙනගිය නාට්‍යය තමයි “ඒලෙවල් ඉවරයි කියන නිර්මාණය. මම “අහසින් වැටුණා ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. එතකොට සමහර අය හිතුවේ මම beach boy කෙනෙක් කියලයි. ඒකෙන් මට සම්මාන දෙකකුත් ලැබුණා.
“සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන කට්ටිය මොකද කියන්නේ?
සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීමට මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ පිටපත ලැබුණු ගමන් මම ඒ චිත්‍රපටය පැනලා බාරගත්තේ. බොරු කියන්න ඕනේ නැහැනේ. සමහරු මට කිව්වා “පිස්සු කරන්න එපා බං… ඕක හොඳ නැහැ. කියලත්… ඒ වෙනකොට මිනිස්සු දැනගෙන හිටියේ මම Love boy කෙනෙක් විදිහටනේ. ඒ නිසා ඒ අය මගෙන් ඒ වගේ චරිතයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒත්… මම නළුවෙක් විදියට හිතුවේ මේක මට ලැබුණු හොඳ චාන්ස් එකක් විදිහටයි. ඒ නිසා මම ඒ නිර්මාණයත් කළා.
Love boy ගේ සැබෑ ආදරය ගැනත් කතා කරමු?
මම හොඳ ආදරවන්තයෙක් නෙමෙයි කියලා මම දන්නවා. එක ගෑනු ළමයෙක්ට මැරීගෙන ආදරය කරන කොල්ලෙක් නෙමෙයි මම. ඒවා තියෙන්නේ අපි දකින ෆිල්ම්වල විතරයි. මම පෙම්වතෙක් කියන අාකල්පය මට කවදාවත් ඇතිවෙන්නේ නෑ. මේ මොහොතේ ජීවත්වෙන කෙනා එක්ක මම ජීවත් වෙනවා. ඒ කෙනාගෙයි මගෙයි ඉදිරිය ගැන මම දන්නේ නෑ. මම සම්ප්‍රදායික ආදරවන්තයෙක් නෙමෙයි.

     

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.