Skip to main content

මගේ ළග සිරා ලව් නෑ – ඒ මොහොතේ ඉන්න කෙනෙක් එක්ක ඉන්නවා

dasunදසුන් පතිරණ කියන්නේ මේ වෙන කොට ලංකාවේ ටෙලි නාට්‍යය කලාවේ ඉන්න දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. ඉතිං දසුන්ගේ කලා ජීවිතය ගැන වගේම එයාගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ගැන පහුගිය සති අන්තයේ පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කතාබහ කරලා තිබුනේ මේ විදිහටයි.
දසුන් මොකද මේ ගෙදරට වෙලා…?
මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුණා. ඒක දිග කතාවක් කියන එක ටෙලි නාට්‍ය කරලා මම ඉවර කළා. ඊළඟට මෝදර බඹරු කියන නාට්‍ය කරනවා. ඒකේ ෂූටිං තව ටිකක් කරන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක පසුගිය දවස්වල කරපු වැඩ ඉවරවෙලා දැන් ටිකක් විවේකීයි.
වැඩිය වැඩබාර ගත්තේ නැත්තේ ඇයි…?
මම වැඩිය මෙගා වැඩ කරන්නේ නෑ. අනික මම වැඩක් කරන අතරේ පොඩි නිවාඩුවකුත් ඕන වෙනවා. මට වැඩ වැඩ කියලා ඒ දේවල්ම කරන්න ටිකක් අමාරැයි.
ඔය නිවාඩු කාලේදී දසුන් මොකද කරන්නේ?
මට යාළුවෝ සෙට්එකක් ඉන්නවා. වැඩම එකදිගට කළොත් ස්ට්‍රෙස් වෙනවා. අපේ යාළුවෝ සෙට්එකට එකතැනකට වෙලා ඉන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. ඒනිසා ඒවගේ වෙලාවට අපි ඇවිදින්න යනවා. පාටිදානවා. මම අවුරුදු දහනමයෙන් රඟපෑමට ආව නිසා ඉස්කෝලේ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වුණා.
දසුන් කේරි විදුහලේදී කොහොම චරිතයක්ද?
ඉස්කෝලේදී හොඳ ළමයෙක් නෙවෙයි. මම ඉස්කෝලේදී ඩ්‍රාමයි, ඩාන්සින්වලට විතරමයි අඩුම තරමේ සහතිකයක්වත් තියෙන්නේ. ඉස්කෝලේදී කළේම පිස්සු වැඩ. පොඩි කාලේ ඉඳන්ම නාට්‍ය පිස්සුවයි, ඩාන්සින් පිස්සුවයි මට තිබුණා. ඒත් මම කවදාවත් නළුවෙක් වෙනවා කියලා කාටවත් එහෙම කියලා නෑ. ඉස්සර කවුරුහරි ඇහුවොත් කවුරැ වෙන්නද ආස කියලා මම කියන්නේත් ලේසියට ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.
එතකොට හිතේ හැංගිලා හිටිය නළුවා කොහොමද එළියට ආවේ?
මම ඩාන්සින් එහෙම කළාට මගේ ටාගට්එක මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ දවස්වල මිල්ල සොයා වගේ ෆිල්ම් බලලා පිස්සු හැඳිච්චි වෙලාවක මම දැනගත්තා මහේන්ද්‍ර අයියගේ workshop ඒක තියෙන්නේ මහරගම කියලා. ඒකත් එක්කම පහුවදා මම ලොකු අයියා හොයාගෙන workshop එකට ගියා. එතැනින් තමයි මගේ ජීවිතේට අලුත් ටාගට් එකක් ඇතිවුණේ.
මතකද මුලින්ම කරපු නිර්මාණය?
මම රස්තියාදුකාරයා කියන ටෙලිනාට්‍යයේ පොඩි චරිතයක් කළා. ඒ කාලේ අපිව එහෙම කවුරුවත් වැඩවලට ගත්තෙත් නෑ. මම හිතනවිදියට මාව ප්‍රේක්ෂකයින් අතරට ගෙනගිය නාට්‍යය තමයි “ඒලෙවල් ඉවරයි කියන නිර්මාණය. මම “අහසින් වැටුණා ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. එතකොට සමහර අය හිතුවේ මම beach boy කෙනෙක් කියලයි. ඒකෙන් මට සම්මාන දෙකකුත් ලැබුණා.
“සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන කට්ටිය මොකද කියන්නේ?
සය පෙති කුසුම චිත්‍රපටයට සම්බන්ධ වීමට මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ පිටපත ලැබුණු ගමන් මම ඒ චිත්‍රපටය පැනලා බාරගත්තේ. බොරු කියන්න ඕනේ නැහැනේ. සමහරු මට කිව්වා “පිස්සු කරන්න එපා බං… ඕක හොඳ නැහැ. කියලත්… ඒ වෙනකොට මිනිස්සු දැනගෙන හිටියේ මම Love boy කෙනෙක් විදිහටනේ. ඒ නිසා ඒ අය මගෙන් ඒ වගේ චරිතයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒත්… මම නළුවෙක් විදියට හිතුවේ මේක මට ලැබුණු හොඳ චාන්ස් එකක් විදිහටයි. ඒ නිසා මම ඒ නිර්මාණයත් කළා.
Love boy ගේ සැබෑ ආදරය ගැනත් කතා කරමු?
මම හොඳ ආදරවන්තයෙක් නෙමෙයි කියලා මම දන්නවා. එක ගෑනු ළමයෙක්ට මැරීගෙන ආදරය කරන කොල්ලෙක් නෙමෙයි මම. ඒවා තියෙන්නේ අපි දකින ෆිල්ම්වල විතරයි. මම පෙම්වතෙක් කියන අාකල්පය මට කවදාවත් ඇතිවෙන්නේ නෑ. මේ මොහොතේ ජීවත්වෙන කෙනා එක්ක මම ජීවත් වෙනවා. ඒ කෙනාගෙයි මගෙයි ඉදිරිය ගැන මම දන්නේ නෑ. මම සම්ප්‍රදායික ආදරවන්තයෙක් නෙමෙයි.

     

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :