Skip to main content

මම කථා කරන්නෙත් හැම කෙනෙක්ම කථා කරන විරහව ගැනම තමයි

2017-07-26-ent-57
මේ දිනවල බොහෝ දෙනෙකු පුදුමයට පත් කල කෙනෙකු තමයි උමා අසෙනි කියන්නේ. එහෙම කිව්වොත් ගොඩක් අයට තේරුමක් නැතිවෙයි. පසුගිය දිනෙක සනුක විසින් ගායනා කරනු ලැබූ "පෙරවදනක්" ගීතයේ රචිකාව ඇයයි. නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන ඇය තම කලාකටයුතු පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට අපත් සමග මෙලෙස එකතු විය

"පෙරවදනක්" ගීතයේ මූලික කාරණාව ගැන මුලින්ම කතා කලොත්?
2017-07-26-ent-59ඒක සිංදුවක් කරන්න හිතාගන ලියපු එකක් නෙවෙයි. මම සාමානයෙන් පුරුද්දක් විදියට මගෙ හිතට එන හැමදේම ලියන කෙනෙක්. මගේම අත්දැකීමක් කියන්න බැහැ. එවැනි ඒවත් තිබුණා. මම ඒ වෙද්දි කැම්පස් එකේ හිටියේ. මගේ යාළුවන්ගේ අත්දැකීම් එක්ක මට හිතුණා හැම කෙනෙක්ම කියන්නේ ජීවිතේ පොතක් කියලනේ. ආදරේ කියන්නේ ඒකෙ පරිච්ඡේදයක් ඒ විදියටනේ හිතන්නේ. මගේ පැත්තෙන් ගත්තොත් මට ආදරේ කියන්නෙත් පොතක් වගේ. අපි එක එක කාලවලදී ආදරය එක එක විදියට ලබන්නේ අපිට කෙනෙක් හම්බුණාට පස්සේ අපේ ජීවිතේ ගැන කථා වෙලා අපි දෙයක් ලියනවා. හීන දකිනවා. පෙළින් පෙළට අපි ඒ හීන ගොතාගන යනවා හැබැයි අවසානයේදී නොකියා යන්න යනවා. ගියාට පස්සේ පසුවදනක් ලියන්න බෑනේ. පසුවදනක් ලියන්න බෑ කියන දේ මත තමයි ඒක නිර්මාණය වුනේ.

"පෙරවදනක්" ගීතයට පණක් ලැබෙන්නේ සනුක වික්‍රමසිංහ නිසා, මේක කොයි විදියට සාර්ථක වුනාද?
මම සිරස ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක්. අපේ මෝර්නින් ෂෝ එක්දි Next Generation කණ්ඩායම Interview කරන්න හම්බවෙනවා. ඒකේ සනුකයි නදීමාලුයි ඒ කට්ටියම. මම සනුකත් එක්ක ගොඩක් කිට්ටු වෙනවා. මම ලිව්ව දේවල් සනුකට යැවුවා දවසක්. ඊට සති කිහිපයකට පස්සේ සනුක මැසේජ් එකක් දැම්මා ඔයා ලිව්ව ඒවගෙන් මම මේක අරගන්නවා ඒ වචන ටිකට මම ආසයි කියලා. එයා පළවෙනියටම මෙලඩි එක කරන්නේ මෙහෙමයි ඔයා කැමතිද ඇහුවා මගෙන්. මම කැමති වුණා ඒකට. එයා ඒක Develop කරන හැම වතාවකම මට එවුවා ඒක. අවුරුද්දකට කිට්ටු කාලයක් එයා ඒ සිංදුව වෙනුවෙන් වැඩ කළා. එයාට ඔනෙ වුනේ ඒ වචන ටිකත් එක්ක වෙනමම තලයකට ඒක ගෙනියන්න. සංගීත් අංකල්ගෙන් හම්බුන සහයෝගයත් එක්ක මම හිතනවා ඒක සාර්ථක වුණා කියලා. මියුසික් වීඩියෝ එක නිසා ඒක තවත් ලස්සන වුණා. ඒ ප්‍රඩක්ෂන් ටීම් එකත් එක්ක. ඇත්තටම ඒක ටීම් වර්ක් එකක්.

රැල්ලෙන් ඔබ්බට ඔබ නිර්මාණය සිදු කළ නිසා ඒ ලැබුණ අත්දැකීම් මොනවද?
මම හිතුවේ නෑ ඒ වචන වලට මුලින්ම මෙහෙම ප්‍රතිචාර ලැබෙයි කියලා. එවැනි රහක් විඳින මිනිස්සු තාම ඉන්නවා කියලා මම හිතුවෙ නැහැ. සනුක ඒ වෙනකොට සරාගයේ සිංදුව නිසා ගොඩක් ජනප්‍රිය වෙලා හිටියේ. සනුකව භාරගන්න කොටසක් ඉන්න නිසා සිංදුව හිට් වෙයි කියලා හිතුණා. ඕනේම ක්ෂේත්‍රයක රැලි තියනවා. එනවා යනවා. මම අළුත් දෙයක් කරලා නැහැ. මම කතා කලෙත් විරහව ගැනමයි. නමුත් මගේ වචනවල අනවශ්‍ය බොළද කමක් නැති එක තමයි ඒ දකින වෙනස මම හිතන විදියට. ගීත සාහිත්‍යයක් තියනවනේ. සාහිත්‍ය කියන එක අපෙන් ඈත් වෙලා තියනවා. අපි අනවශ්‍ය ප්‍රමාණයට සරල කරලා කියන්න තියන දේ අමුවෙන්ම කියනවා. වෙනසක් විදියට දැනෙන්නේ මගේ ගීතය සාහිත්‍ය කියන පැත්තට නැඹුරුවක් තියන නිසා කියලා මට හිතෙනවා. මිනිසුන්ට ටිකක් හිතන්න පුළුවන් විදියට ඉඩක් හදලා තියනවා. නැතුව මම වෙනස්ම තේමාවකින් රචනා කරලවත් නෑ. මම කථා කරන්නෙත් හැම කෙනෙක්ම කථා කරන විරහව ගැනම තමයි. හැබැයි ඒක මින්සුන්ට ලබාදන එකේ වෙනසක් තියනවා.

පැරණි ගීත වලත් විරහව තිබුණා, නමුත් අද කාලයේ විරහා ගීත වල ගායකයාගේ ඇඬියාව වැඩියි කියලා කිව්වොත්?
පිරිමියෙකුටත් දුක දැනෙනවානේ. ඒක ප්‍රකාශ කිරීමේ වෙනසක් තමයි මේ යුග ගණනාවක් තිස්සේ සිද්ධවෙන්නේ. අමරදේව මහතාගේ %විකසිත පෙම් පොකුරු^ පියුම් ගීතයේදී ගායනා වෙන්නෙත් විරහව. පිරිමි කෙනෙකුට ඇහැට කඳුළක් උනන්නේ නැත්තේ නැහැ. හැබැයි ඒක ප්‍රකාශ කරන විදියේ වෙනසක් තිබුණා. ඒකයි මම කිව්වේ අනවශ්‍ය ප්‍රමාණයට සරලවීමක් තමයි දැන් තියෙන්නේ. දැන් කියන්නේ මල් සිංදු කියන අය කියලා. මම කැමති නැහැ එහෙම ලේබල් කරන්න. ඒ අයට හම්බවෙන පද රචනාවල තියෙන්නේ %ඔයා ගියා මට ඒක දරාගන්න බැහැ^ කියන එකනේ. ඒක ඇත්ත. නමුත් ඒ යුගයේ ගීතවල ඒක ඒ තරමටම සරල විදියට කියවිලා නැහැ. ඒක තමයි තියන එකම වෙනස. සුනිල් එදිරිසිංහ මහතාගේ %මගෙන් වෙන් වී යන්න පෙර මා^ කියන ගීතයේ කියන්නේ ඔයා යන්න මම ආයේ ඔයා එන දවසක භාරගන්නවා කියලා. අද කාලේ සාමාන්‍ය ගායකයෙක් ගායනා කරන ගීතයකත් තියෙන්නේ %ඔයා යන්න මම ආයේ ඔයා එන දවසක භාරගන්නවා^ කියලාමයි. හැබැයි ප්‍රකාශනයන් දෙක දෙකක්. අනවශ්‍ය ප්‍රමාණයට සරලවීම තුළ මිනිසුන්ට ගැඹුරක් දකින්න නැහැ. ඕනෙම දෙයක් ඕනවට වඩා සරල වුනායින් පස්සේ ඒකේ වටිනාකම නැතුව යනවා. දැන් තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්.

ඔබේ ගීත රචනා පැත්ත ගැනත් කිව්වොත්?
මම ලියලා එළිදැක්වූ පලවෙනි ගීතය තමයි සනුකගේ ගීතය. ඔක්කොම වගේ තියෙන්නේ නව පරපුරේ අයට නිර්මාණය කරපුවා තමයි. ඒවා එකක්වත් තාම රිලීක්ස් වෙලා නැහැ. ඉස්සරහට නව පරපුරේ ජනප්‍රිය ගායකයන් කිහිප දෙනෙක් ඉන්නවා ලිස්ට් එකේ. ඒවා දැන්මම රිලීස් වෙයි කියලා බලාපොරොත්තුවකුත් නැහැ.

ඔබ නිවේදිකාවක් විදියට කටයුතු කරනවානේ ඒ ගැනත් කියන්න?
මම සිරස ආයතනයට සම්බන්ධ වෙන්නේ 2014. ඒ කාලේ ඉඳන් මේ වෙනකන් නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. මෝර්නින් ෂෝ එක කරනවා. සිරසෙන් කරන ස්පෙෂල් වැඩසටහන් කරනවා. ඒ කියන්නේ අවුරුදු කාලයේ, වෙසක් කලාප වගේ දේවල් හා ඉසුරු කියන බිස්නස් ප්‍රෝග්‍රෑම් තමයි මම කළේ. මේ වෙනකොට සම්බන්ධවෙලා ඉන්නේ උදෑසන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක.

අද බොහෝ දෙනා ඔබව නිවේදිකාවකට වඩා දන්නේ "පෙරවදනක්" නිසා නේද?
අද ගොඩක් වෙලාවට මම ගැන කථා වෙන්නේ පෙරවදන ගීතය නිසා. නිවේදිකාවක් විදියට මම ලබන පන්නරය ලියන දේවල්වලට රුකුලක් වෙනවා. මම වැඩකරන්නේ චන්දනසූරිය බණ්ඩාරයන් යටතේ. චන්දනසූරිය බණ්ඩාරයන් කියන්නේ ඇවිදින පුස්තකාලයක්. ඒ ලබන දැනුම ඒ වගේම සිරස කාර්යමණ්ඩලය එක්ක ඉද්දි විවිධ චරිත මට කියවන්න ලැබෙනවා. නිවේදනය මගේ ජීවිතයේ අනිත් දේවල් හැඩගස්වගන්නත් ලොකු පන්නරයක් වෙනවා. මම හිමින් ගමන්ක් එන්නේ. මට හිතෙනවා නිවේදන වෘත්තියේත් යම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි කියලා.

නිවේදනය හදාරලාද ඔබ මේ ක්ෂේත්‍රයට ආවේ?
මම පාසල් යන කාලේ කළේ සංගීතය, නර්තනය හා රංගනය. නිවේදනය කියන එක ගැන මම ටෙස්ට් කරලත් නැහැ මට එහෙම හැකියාවක් තියනවාද කියලා. හැබැයි මගේ ටාර්ගට් එකක් තිබුණා මම 27 වෙනකොට ලංකාවේ යම් තැනකට එනවා කියලා. නමුත් මොන අංශයෙන්ද කියලා මගේ ඔළුවේ තිබුනේ නැහැ. ඔය අතර 2013 දී සම්පත් ශ්‍රී ජයසේන මගේ තාත්තගේ ගෝලයෙක් එයා. එයාගේ එක වැඩසටහනකට වයස 13 දී සම්බන්ද වෙනවා මගේ තාත්තත් එක්ක. ඊට අවුරුදු 10 කට පස්සෙ මට සම්පත් අයියාව හම්බවෙනවා. මාව දැකලා එයා කියනවා සිරසේ මෙහෙම Screen Test වගයක් තියනවා ඇප්ලයි කරන්න කියලා. එතන ඉඳන් ලොකු කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. කොහොම හරි මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක 2014 සිරස අවුරුද්ද. ඒක ලයිව් එකක්. ඒ පටන් ගත්ත ගමන තමයි මේ ඉන්නේ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මට රැල්ලක් හදන්න වුවමනාවක් නැහැ. අපිට හොඳ වෙරළක් හදලා දීලා තියනවා අපේ මහගම සෙකරයන්ගේ සිට ඉස්සරහට අපේ පරම්පරාවට. එන්න එන්න ඒ වෙරළ විවිධ හේතූන් මත කාදනය වුනා. මට අවශ්‍ය ඒ වෙරළ පුලුල් කරගන්න කට්ටිය එකතු කරගන්න විතරයි. මම හිතනවා යහපත් අරමුණකින් කරන නිසා ඒ වැඩේ සාර්ථක වෙයි කියලා. මං වගේ ලියන මට වඩා දක්ෂ අය ඉන්නවා. ඒ අය එකතු කරගෙන අපි ඒ වැඩේ පටන්ගම්මු කියන තැන තමයි ඉන්නේ. ඉදිරියේදී ඒක යම්තාක් දුරකට හරි සාර්ථක වෙයි කියලා බලාපොරොත්තුවක් තියනවා. නිවේදනය පැත්තනේ විවිධ දේවල් වලින් ඉදිරියේදී දකින්න ලැබෙයි. අනාගතය ගැන කිවුවොත් මගේ තියෙන්නේ නෙස්ම බලාපොරොත්තුවක් ඒක ලංකාවෙන් එහා ගිය බලාපොරොත්තුවක්. ඒ ගැන කියන්න ඕනේ නෑ දැම්ම. රංගනය පැත්තෙනුත් ඉදිරියේදී දකින්න ලැබෙයි. ඒ හා සමාන ලොකු අරමුණක් තියනවා. ඒ ගැන දැම්ම කියන්න ඕනේ නෑ.


Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල