Skip to main content

ජනපති දුව මව්කිරි දෙන ඡායාරූපය ලොව කලඹයි

කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා සමාජ මාධ්‍ය ජාල කලඹන පුවතක් බවට පත් වුණා.
“මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?”
සමාජ මාධ්‍ය ජාල තුල සංවාදයට ලක්වූනේ මෙයයි.
ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.
“මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා”
සිය දරුවාට මව්කිරි පොවන අවස්ථාවක් දැක්වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සිය ඡායාරූපය දෝෂ දර්ශනයට ලක් වීමත් සමඟ අලියා ෂගීවා එය මේවනවිට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරගෙන ඇතත්, ඇය සිය ක්‍රියාව වෙනුවෙන් යුක්තිය ඉල්ල සියිනවා.
අලියා ෂගීවාමාධ්‍ය වෙත කියා සිටියේ මෙය කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ වැරැද්දක් ලෙසයි.
“මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. මම සිදුකරන්නේ මගේ දරුවාගේ උවමනාව සම්පූර්ණ කිරීමක්. නැතුව සිරුර සරාගී ලෙස ප්‍රදර්ශනය කිරීමක් නොවෙයි” ඇය වැඩිදුරටත් පවසනවා.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :