පසුගියදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැවති 18 වැනි ‘අයිෆා’ සිනමා සම්මාන උළෙලට සහභාගී වූ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වූ බිපාෂා බාසූ හා ඇගේ සැමියා වූ කරන් සිං ගෝවර් දෙදෙනා එම සම්මාන උළෙල නිමාවත් සමග නිවාඩුවක් ගත කරන්නට මියාම් නගරයට ගොස් ඇත. එහිදි ගත් ඡායාරූප කිහිපයක් මේ වන විට බිපාෂාගේ මෙන්ම කරන් සිං ගේ ‘ටිවිටර්’ ගිණුම්වල පළ කර තිබේ. බිපාෂා මෙන්ම කරන් සිංද සිය විවාහයෙන් පසුව මේ වන විට කිසිම කලා නිර්මාණයකට දායක නොවුණ අතර, පසුගිය කාලයේ බිපාෂා බාසූ ගැබිගෙන ඇති පුවතක්ද වාර්තා විය.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..