Skip to main content

මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා... ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා

සැනට් දික්කුඹුර කියන්නේ වේදිකාවෙන්, සිනමාවෙන්, වගේම පුංචි තිරය හරහා රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් කලාකරුවෙක්.කලාව වෙනුවෙන් සෑමදෙයක්ම කැපකලත් අන්තිමට උරුම වෙන්නේ බොහොම කටුක ජීවිතයක්.තමන් ගෙවන දුෂ්කර ජීවිතය ගැන ඔහු පුවත්පතකය කියලා තිබුනේ මේන්න මේ විදියට...
දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ?
වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා.

රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ. 
මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නෙමයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ.

ඇයි ඒ ?
සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ?
මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා. ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා. ඉඳහිට රඟපෑමෙන් කීයක් හරි ලැබුණාම ණය ගෙවලා දානවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගෙවෙන්නේ.

සැනට් දික්කුඹුර කියන්නේ ගේ දොර ලස්සනට හදාගෙන සුවපහසු ජීවිතයක් ගත කරන්න ඕනෑ කියලා සිහින මවපු කෙනෙක් නෙමෙයිද?
ඒ වගේ හීන නැත්තේ කාටද? ඒත්, වෘත්තීය නළුවෙක් විදිහට මට ඒ හීන සැබෑ කරගන්න බැරි වුණා. අද මම ජීවත් වෙන ගෙදර කොයිවෙ‍ලේ කඩාගෙන වැටේවිද කියන්න බැහැ. ඒ ගෙදරත් මට විතරක් අයිති එකක් ‍නෙවෙයි.

තනි නොතනියට කවුද ළඟින්ම ඉන්නේ ?
මගේ අක්කත් එක්කයි මම ඒ ගෙදර ජීවත් වෙන්නේ. මම විවාහ වෙලා නැහැ. අක්කත් තනිකඩයි, මාත් තනිකඩයි.

විවාහ වෙලා දරු මල්ලෝ හිටියා නම් මේ විදිහේ දුෂ්කර ජීවිතයක් ගෙවන්න වෙන එකක් නැහැ කියලා කවදාවත් හිතුනේ නැද්ද?
අ‍පොයි නැහැ, තනිකඩව ඉන්න ගත් තීරණය ගැන මට හරිම සතුටුයි. මොකද, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා. විවාහ නොවන්න ගත්තු තීරණය හොඳට දුරදිග බලලා ගත් එකක්.

රජයෙන්වත් මේ වෙද්දී කිසිම ආධාර උපකාරයක් ලැබිලා නැද්ද?
අවුරුදු 55 පැන්නාට පස්සේ ඉල්ලුම් කළා කියලා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ට දෙන රුපියල් 3000 දීමනාව ගෙවීමත් ප්‍රතික්‍ෂේප කළා. සමහර ජනප්‍රිය නළු නිළියෝ ඉන්නවා, දේශපාලකයන් පස්සේ ගිහින් විවිධ වරප්‍රසාද ලබා ගන්නා. එහෙම නොකරන අපි වගේ අයට වෙන්නේ හිඟා කන්න තමයි.

අද වෙද්දී මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කළාට ඔබ කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි හරියක් කැප කරපු කලාකරුවෙක් කීවොත් නිවැරදියි නේද?
ඔව්, 1967 දී පාසල් වේදිකාවෙන් තමයි මම නාට්‍ය කලාවට පිවිසුණේ. නාට්‍යකරුවෙක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසුකාලීනව මම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ධර්මසේන පතිරාජ මහතාගේ 'අහස්ගව්ව' තමයි මම රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම ප්‍රදර්ශනය කෙරුනේ.

වැඩිපුර ප්‍රසිද්ධ වුණේ නළුවෙක් විදිහට වුණත් ඔබ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.
ඔව්, මම වේෂ නිරූපණයෙන් දායක වුණු මුල්ම වේදිකා නාට්‍ය වුණේ ජයන්ත චන්ද්‍රසිරි වෙනුවෙන් මෝරා . මෝරා වේදිකා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය පවා ලැබුණා.
වේෂ නිරූපන ශිල්පියෙක් විදිහටත් මම ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. මාලිනී ෆොන්සේකා, ලතා වල්‍පොල, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන වගේ ජනප්‍රිය චරිතත් මම වෙස් ගන්වලා තියෙනවා.

රජයෙන් යමක් නොලැබුණාට, ඔබ ගැන දන්නා ඔබේ රසික රසිකාවියන්ගෙන් නම් ඔබට ආධාර උපකාර ලැබෙනවා ඇති නේද?
මම සිටින තත්ත්වය දැකලා උදව් උපකාර කරන අයත් ඉන්නවා. මේ ළඟදී තරු දිරි සරණ සංවිධානයේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආධාර වගයක් ගෙනැවිත් දුන්නා. මම කිව්වා 'මටත් වඩා අසරණ වෙච්ච කලාකරුවන් ඉන්නවානේ මේවා ඒ අයට දෙන්න කියලා. එතකොට ඔබතුමා ජීවත් වෙන හැටි දැක්කාම ඕනෑම කෙනෙකුට උදව් කරන්න හිතෙනවා කියලා මට ඒ දේවල් දීලා ගියා. කොයි තරම් අසරණ වුණත් ඔය සමහර කලාකරුවෝ වගේ දේශපාලකයන්ට ළං වෙලා මහජනතාවගේ මුදල් අයථා විදිහට ලබා ගන්න නම් මම කැමති නැහැ.




Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :