Skip to main content

"කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ" ආන්දෝලනාත්මක මියුසික් විඩියෝවේ පෙනිසිටීම ගැන මියැසි සංදීපනිගෙන් පිළිතුරු .!




බොහෝ දෙනෙක් ආදරය කරන ටෙලි චරිත  වලට පණ පෙවු ඇය මියැසි සංදීපනි , ටෙලි නාට්‍යයෙන් මෙන්ම ගීත රූප රචනා වලින්ද ජනප්‍රියත්වයට පත්වූ මියැසි මේ දිනවල එතරම් දක්නට ලැබෙන්නෙ නෑ. ඒ පිලිබදව සහ ඇයගේ අනෙකුත් කලා කටයුතු පිළිබදව පුවත්පතක් හා එක්වෙමින් මියැසි හෙළි කර තිබුනා. ඇ‍ය එක්වූ එම සංවාදය පහතින්

Q මේ දිනවල දකින්න නැත්තේ ඇයි?
ගෙදර තමයි හිටියේ. ඒකයි මේ දවස්වල වැඩිය පේන්නනැත්තේ. ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කළා, නමුත් ලොකුවට වැඩක් කළේ නැහැ. 

Q ඒ කියන්නෙ නිරූපණයෙන් සහ රංගන කටයුතුවලින් ඈත්වෙලාද?
එහෙම නැහැ. හැම වැඩේම කරන්නේ නැහැ. ඒ නිසා තෝරාබේරාගෙන වැඩ කරද්දි ටිකක් අඩු ප්‍රමාණයෙන් තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. 

Q වැඩකටයුතු ගැන කතා කළොත්?
පසුගිය දවස්වල අලුත් ටෙලිනාට්‍යය දෙකක වැඩ කළා. එකක් විකාශය වුණා. ඒ %විමන්සා% කියලා ටෙලිනාට්‍යයක්. තවත් එකක් තියෙනවා විකාශය වෙන්න. තව මියුසික් වීඩියෝවක් එළිදක්වන්න තියෙනවා. මීට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාත් දායක වුණා. අවසානයේදී කළේ 'ඩයලොග්' වෙළෙඳ දැන්වීමක්. 

Q ක්‍ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?
දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

Q ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. අලුත් දේවල් නිර්මාණය වෙනවා. දියුණුවක් තියෙනවා ඉස්සරට වඩා. හරියට කරන්නෙ නැතුව කරන්නම්වාලේ හැමෝම කරනවා. එතකොට නම් ටිකක් අවුල්. ඒ වුණත් කමක්නැහැ කියලා හිතෙනවා. එහෙම දේවලුත් තියෙන්න ඕනනේ

Q ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් සඳහා ප්‍රතිචාර වගේම අනෙක් පැත්තෙන් දෝෂාරෝපණත් ආවා නේද?
දෝෂාරෝපණ නම් ගොඩක් ආවා. හැබැයි මම කළේ නිර්මාණයක්නෙ. මම ඒකෙ රඟපෑවා විතරයි. කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ.

Q ෆේස්බුක් තුළින් නේද ඔබව බොහෝ දෙනෙකු හඳුනා ගත්තේ?
මට නම් ෆේස්බුක් තුළින් මගේ ගමන හදාගන්න පුළුවන් වුණා. නමුත් අද ෆේස්බුක් එකේ මොනවා හරි දාලා හිට්වෙන්න බලන ගොඩක් අය ඉන්නවා. මම දැකලත් තියෙනවා. ඒ අය කරගන්න දේවල්වලින් ඒ අයගේම චරිතයට තමයි හානි වෙන්නේ. ඒ අයගේ කැමැත්ත ඇතුවනේ ඒ දේවල් කරන්නේ. ඒ අයගේ ජීවිතයට සහ චරිතයට තමයි මේ දේවල් බලපාන්නෙ.

Q රංගනය ගැන ඉදිරි බලාපොරොත්තු?
රංගනය සහ නිරූපණය කියන දේවල්වලට වඩා වෙනත් දෙයක් මම කාලය යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ රැකියාවක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉගෙනීමේ කටයුතු කරන අතරතුර ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතන්නත් මම හිතුවා. රඟපෑමට වඩා ඉගෙනීමටයි, රැකියාවටයි  මුල්තැන දීලා කටයුතු කරන්න හිතනවා. 

Q ඇයි රැකියාවක් සඳහා යොමුවෙන්න හිතුවේ? කලාව වෘත්තියක් ලෙස කරන්න අමාරුද?
එහෙම දෙයක් නෙමෙයි. නමුත් නිරූපණය කියන දේ මත්තේ හැමදාම ඉන්න බැහැ. අපි රඟපෑවත් හැමදාම රඟපාන්න බැහැ. ක්‍ෂේත්‍රයට අලුත් අය එනවා. එහෙම වෙද්දි පරණ කට්ටිය ටිකෙන් ටික ක්‍ෂේත්‍රය තුළින් ඉබේම ඉවත් වෙනවා. ඒ නිසා ස්ථාවර ආදායමක් තියෙන්න ඕන ඕනෑම කෙනෙකුට. අනික මගේ හීනෙ තිබුණෙත් නිළියක් වෙන්න නෙමෙයි. ඒක නිසා මම දැනට අවුරුදු තුනක් ක්‍ෂේත්‍රය තුළ හිටියා. හොඳ නිර්මාණ කළා. මට දැන් ඇති කියලා හිතනවා. මම නතර කරනවා කියලා කියන්නේ නැහැ. මූලික තැන දෙන්නේ මගේ අධ්‍යාපනයට සහ රැකියාවට තමයි. 

Q ඇයි සිනමාවට යොමු නොවුණේ? කැමැත්තක් නැද්ද ඒ පැත්තට?
කැමැත්තක් නැත්තෙ නැහැ, කැමැතියි. ඒත් ඉතිං හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. ලැබුණු ගොඩක් ආරාධනාවලට මගේ පෞද්ගලික හේතු නිසා දායක වෙන්න බැරිවුණා. ආපසු හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුණොත් බාරගෙන කරනවා. 

Q ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ රැකියාව සහ ඉගෙනීමේ කටයුතු කරගෙන හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතයේ ලොකු බලාපොරොත්තු නැහැ. පොඩි පොඩි දේවල් සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

Q උදව් කරපු පිරිස ගැන මතක් කළොත්?
මට හැමදේටම උදව් කළේ මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා ඇතුළු පවුලේ හැමෝමයි. මේ හතර දෙනා මගේ හැමදේටම එදා ඉඳන් ළඟ හිටියා. ඉස්සර ෂූටින් ගියේ තාත්තා හරි අම්මා එක්ක හරි තමයි. දැන් තනියෙම යනවා. පවුලේ අයට ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන. ඊට පස්සේ හොඳ නිර්මාණවලට මාව දායක කරගත් හැමෝටම ස්තූති කරනවා. මට හොඳ කිව්ව,  බැණපු හැමෝටමත් ස්තූතියි කියනවා. මොකද එයාලා හින්දා තමයි මම මොකක් හරි තැනක ඉන්නවා නම් ඉන්නෙ. ඊට අමතරව මේ ගමනට එන්න අතහිත දුන් වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම ස්තූති කරනවා. 


SOURCE - Nethgossip

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල