Skip to main content

පෙම්වතිය වෙන්න බැහැ- ඉස්සර තරම් ජනප්‍රියත්වය නැහැ කියලා මං දන්නවා

අදින් වසර කිහිපයකට ප්‍රථම ඇය අපේ ඇස ගැසුණේ වසුදා ටෙලි නාට්‍ය සමඟය. එමෙන්ම එකල ඇගේ රුව ද නොදන්නා කෙනෙක් නොවීය. දශකයකට ආසන්න කාලයක් රඟ නොපෑ ඇය අවසන් වරට රඟපෑ නාටකය වූයේද එයයි. ඉන් ඇය ජනප්‍රිය වූවාය. අවාසනාවකට ප්‍රශානි රංගනයට විරාමයක් තැබුවේ වසුදා නාට්‍යයෙන් පසුවයි. ප්‍රශානි නැවතත් සිය රංගන චාරිකවේ දෙවැනි ගමන අරඹා තිබේ. ඒ ලාල් ප්‍රියදේවගේ අප්පට සිරි චිත්‍රපටය තුළිනි. එහි ඇය ප්‍රධාන චරිතයකට පණ පොවමින් යළි අප හමුවට පැමිණියාය.

ප්‍රශානි, කෙහෙද මෙච්චර කල් ගිහින් හිටියේ?

වසුදා නාට්‍යයෙන් පසුව මං බැන්දා. බැඳලා රට ගියා. ඊට පසුව මං මවක් වුණා. දැන් බබා ලොකුයි. තුන වසරේ මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ඉගෙන ගන්නවා. ජීවිතයේ නිසි කාලවලදී නිසි දේවල් කරගන්න ඕනෑ. නැත්නම් පසුතැවෙන්න වෙනවා. විවාහයත් සමඟ මට රට යන්න සිදු වුණා. මහත්තයත් එක්ක විදෙස් ගතවෙලා විවාහ ජීවිතය ගෙව්වා. බබාගේ අධ්‍යාපන කටයුතු එක්කයි ලංකාවට මං ආවේ. දැන් ආයෙත් රංගන වැඩ පටන් ගත්තා.

ඔබ රඟ නොපෑ කාලය ගැන මොන වගේ අදහසකින් ද ඉන්නේ?

එක අතකින් දුකයි. එක අතකින් සතුටුයි. පවුල් ජීවිතය ගොඩ නඟා ගන්න පුළුවන් වීම ගැන සතුටුයි. කලාවෙන් ඈත්වීම ගැන දුකයි.

මේ කාලය අතරතුරදි අලුත් නිළියන් රැසක් ක්ෂේත්‍රයට ආවා. ප්‍රශානි ඒ ගැන මොන වගේ අදහසකින් ද ඉන්නේ?

ගොඩක් අය නම් ආවා තමයි. ඒත් රැඳෙන්නේ කිහිප දෙනයි. කාලයකදී ඇතැම් අය බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. නමුත් පැවැත්ම තමයි නැත්තෙ.

ඔබගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ වන අප්පට සිරි චිත්‍රපටයට සම්බන්ධ වූ ආකාරය ගැන සඳහනක් කළොත්?

ලංකාවට ඇවිත් කොලොන්නාවේ ටෙක්ස්ටයිල් ෂොප් එකක් කළා. ඔය කාලේ ලාල් ප්‍රියදේව කෙනෙකුගේ මාර්ගයෙන් මාව හොයලා තිබුණා චිත්‍රපටයට ගන්න. ඔහු කොහොම හරි ටෙක්ස්ටයිල් ෂොප් එක හොයාගෙන මාව හමුවෙලා යළිත් රංගනයට ආරාධනා කළා. ලාල් මහත්මයාව මං සැහෙන කල් ඉඳලා දන්නවා. අනික අප්පට සිරි චිත්‍රපටය හරිම විනෝදාත්මක චිත්‍රපටයක්නෙ. ඉතින් මං බොහොම කැමැත්තෙන් ඔහුගේ ආරාධනාව බාර ගත්තා.

අප්පට සිරි හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. ඇයි ඔබ එවන් වූ සිනමාපටයක රඟන්න කැමැති වුණේ?

එහි තේමාව සරලයි. ඒ වගේම ඕනෑම මට්ටමක ප්‍රේක්ෂකයකුට එය නැරැඹිය හැකියි. මට තවත් විශේෂම හේතුවක් තිබුණා මෙහි රඟපාන්න.

ඒ මොකක්ද?

මහේන්ද්‍ර පෙරේරා නැමැති අති දක්ෂයත් එක්කයි මට මෙහි රඟපාන්න තිබුණේ. මං කොච්චර නිර්මාණවල රඟපාලා තිබුණත් ඔහුව මට මේ වගේ නිර්මාණයකදී හමුවෙලා නැහැ. මට මහේන්ද්‍ර අයියත් එක්ක රඟපාන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒක තමයි අප්පට සිරි බාරගන්න බලපෑ අනෙක් හේතුව.

මහේන්ද්‍රත් එක්ක රඟපාන්න ලෙහෙසි නැහැ?

ඔව්. ඔහුත් එක්ක රඟපාද්දී කරට කර රඟපාන්න ඕනෑ. මහේන්ද්‍ර අයියා නිතරම සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් නිසා මට හරිම පහසු වුණා ඔහුත් එක්ක රඟපාන්න. මට මේ වෙලාවේ එක්තරා සීන් එකක් මතක් වෙනවා. ඔහුට සහ මට තිබුණා එක්තරා දර්ශනයක් වෙඩින් ෆොටෝ එකක් පොළොවේ ගසන. ඒක දෙන්නා උස්සලා ගත්තා විතරයි අතේදිම ඒක පිපිරුවා. කොහොමද රඟපැමේ තරම.

එදා තිබූ ජනප්‍රියත්වය අද කොහොමද ඔබට දැනෙන්නේ?

ඉස්සර තරම් ජනප්‍රියත්වය නැහැ කියලා මං දන්නවා. ඒ කාලෙ මට පාරේ බැහැලා යන්න බැහැ. නමුත් අද මාව දැක්කොත් හඳුනන අය ඕන තරම් ඉන්නවා. එහෙම බැලුවොත් මං තවමත් මිනිසුන් අතරේ ඉන්නවා කියලා මට දැනෙනවා.

රඟ නොපා සිටිය කාලය අතරතුරදී ඔබ රුව ගැන එතරම් සැලකිලිමත් වෙලා නැහැ වගෙයි?

ඒක නම් ඇත්ත. ඉස්සරට වඩා මහත් වෙලා. ආයෙත් කෙට්ටු වෙන්න හිතාගෙන ඉන්නවා. බලමු නේද.

ප්‍රශානි ආයෙත් පුංචි තිරයේ පෙම්වතිය නොවන හැඩක් තමයි පේන්න තියෙන්නේ?

ඒක ඇත්ත. මට දැන් නාට්‍යවල පෙම්වතිය වෙන්න බැහැ. ඒක මං තේරුම් අරගෙන ඉන්නේ.


සංවාදය - ප්‍රසාද් සමරතුංග

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල