Skip to main content

මම හරි නපුරියක්

2017-10-30-ent-20
නිරූපණ ක්ෂේත‍්‍රයේ සිට රංගන ක්ෂේත‍්‍රයට පැමිණි මේ තිළිණි පෙරේරා ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නෙ, මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකේ නිසයි. ඊට අමතරව සල්සපුනා නාට්‍යයේ මාෂා ලෙසත් පෙනී සිටි තිළිණි ගැන අද මේ විදියට ටෙලිනාට්‍ය ශිල්පිනියක ලෙස කතා වුණත් අහම්බයකින් ඇය රඟපෑමට ආවේ වයස 13 දී ලූ. ඒ අතීත මතකය එක්ක තිළිණි සඳැල්ල කතාබහට එක්වුණේ මේ විදියටයි.

තිලිණි දැන් නිරූපණ කටයුතු අත්හැරලද?
2017-10-30-ent-16නැහැ, නිරූපණ අංශයෙන් තමයි මම ක්ෂේත‍්‍රයට ආවේ. ඒත් මගේ ආසාව වුණේ රඟපෑමේ අංශයයි. ලොකුම හීනය වුණේ නිළියක වීමයි. ඒ අංශයෙන් සාර්ථකවීම තමයි අරමුණු කර ගත්තෙ. නිරූපණ කටයුතුවල දිගටම යෙදෙනවා. ඒත් වැඩි අවධානය ලබා දෙන්නේ රංගනයටයි.

අද වනවිට කොහොමද ඔබගෙ රංගන කටයුතුවලට ලැබෙන ප‍්‍රතිචාර.
ඒ ගැන නම් මට හරි සතුටුයි. අද වනවිට සෑහෙන පිරිසක් අතර මා ජනප‍්‍රිය වී ඇති බව හැෙඟනවා.

ඇයි නිළියකවීමට සිහින මැව්වේ?
පළමු ටෙලි නාට්‍ය රංගනයට මම එකතු වුණේ අවුරුදු 13දී. ‘කැදැල්ල නෑ උණුසුම්’ ටෙලි නාට්‍යයයි. ටයිටස් ප‍්‍රනාන්දු මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. දැන් එතුමා නැහැ. ඒක ඇත්තටම අහම්බයකින් වෙච්ච දෙයක්. පුංචි කාලයේ ඉඳලම නිළියක වීමේ ආසාව තිබුණා. ඒ ආසාව සිහිනය දරාගෙන සිටියදී අහම්බයකින් තමයි ඒ ගමනට අවස්ථාව ලැබුණේ.

ඒ අහම්බය ගැන කිව්වොත්?
කැදැල්ල නෑ උණුසුම් රූගත කිරීම් එදා තිබුණේ අපේ ගමේ. මම අක්කලා එක්ක බීච් එකට ගියා. සෙල්ලම් කරන්න ගියේ. ගවුමකුත් ඇඳගෙන ඒ ගවුම පිිටින්ම අපි බීච් එකේ ඇති හැටියට සෙල්ලම් කරලා නෑවා. ඔන්න ඒ වෙලාවේ බීච් එකේ රූගත කිරීම් සිදු කෙරෙමින් තිබුණා. එම නාට්‍යයේ ප‍්‍රධාන නළුවා තමයි අධ්‍යක්ෂතුමාට කියලා තියෙන්නෙ ඒ ළමයා අපේ නාට්‍යයේ චරිතයකට හොඳයි කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිස අපේ ගෙදරට ඇවිත් මව්පියන්ගෙන් මේ ගැන අහලා තියෙනවා. ඒ විදියට තමයි අහම්බයකින් ‘කැදැල්ල නෑ උණුසුම්’ රඟපෑමට අවස්ථාව ලැබුණෙ.

රඟපෑමට හීන මැව්වා, කිව්වනේ කොහොමද ඒ හීනය ඇතිවුණේ? මොකක් නිසාද?
ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. මගේ හිතේ දන්නා කාලයේ ඉඳලම තිබුණෙ රඟපෑමට යන්න ඇත්නම් කියන හීනයයි. අද මේ සාර්ථක වෙලා තියෙන්නේ ඒ හීනය තමයි.

දැන් ඔබ හඳුනාගන්නෙ මොන විදියටද?
මේ වනවිට ටෙලිනාට්‍ය 9ක විතර රඟපාලා තියෙනවා. ඒත් වැඩි දෙනා අතර කතාබහට ලක්වුණේ ‘මුතුකුඩ’ චරිතයයි. ‘මුතුකුඩ මැණිකේගේ’ ප‍්‍රධාන චරිතය තමයි රඟපාන්නෙ. මේ චරිතය වගේම සල්සපුනා මාෂාගේ චරිතය ඊට හාත්පස වෙනස්. ආදර දෑසක් නාට්‍යයේ රඟපෑවේ වෙනස්ම චරිතයක්. ඒ නිසා මට සතුටුයි. එකිනෙකට වෙනස් චරිත රඟපෑමට ලැබුණ නිසා. ඉදිරියේදී මම හරි නපුරියක් ලෙස ඔබට හමුවේවි.

රඟපෑමට ආ එක හොඳයි කියලද හිතන්නේ?
ඇත්තටම මේ ක්ෂේත‍්‍රය ඉතා හොඳ ක්ෂේත‍්‍රයක්. බාහිරින් බලල කවුරු මොනවා කිව්වත් මෙතැන හරි ගෞරවනීයයි. ක්ෂේත‍්‍රයේ සිටින කලාකරුවන් ඇත්තටම හරි හොඳයි. මම එයාලට ගරු කරනවා. අපේ සහෝදර ශිල්පියකුට හෝ ශිල්පිනියකට කවුරුවත් මොනවාත් කියනවාටත් මම කැමති නැහැ. මේක මම ලොකු ආදරයකින් භක්තියකින් කරන දෙයක්. හොඳ ගමනක් යෑම තමයි මගේ උත්සාහය.

තිළිණිගේ පුද්ගලික තොරතුරු කිව්වොත්?
මගේ ගම මහවැව, තොඩුවාව. නමුත් පදිංචිය මාරවිල. පවුලේ අම්මයි, තාත්තයි මමයි අක්කයි.

දැන් වයස කීයද?
27යි.

මේ ක්ෂේත‍්‍රයේ කටකතා නොහැදී සිටින්නට නම් මොන වගේ හැසිරිය යුතුය කියලද හිතන්නේ?
කටකතා කියන දේ සහ ඕපා¥ප වැඩිපුර එන්නෙ ඵල ඇති රුකටයි. මේ ක්ෂේත‍්‍රය ජනප‍්‍රිය අංශයක්නෙ. ඉතින් කටකතා සහ ඕපා¥ප හදන්න පිරිසක් බලාගෙන ඉන්නවා. නළු නිළියන්ට මිනිස්සු ආදරෙයි. ඒ වගේම එයාලා අනෙක් අයගෙ කතාබහට නිතර ලක්වන පිරිසක්. හැබැයි එහෙම වුණාට මේ ක්ෂේත‍්‍රයේදී විතරක් නෙවෙයි. අනෙකුත් ඕනෑම ක්ෂේත‍්‍රයක යම් යම් දේ සිදු වෙනවා. ඒත් පුංචි හෝ දෙයක් වුණාම ලොකුවට ආරංචි යන්නේ කලා ක්ෂේත‍්‍රය ගැනයි.

මේ ක්ෂේත‍්‍රයේ මොන විදියට හිටියොත් හොඳයි කියලද හිතන්නේ?
ගොසිප් පස්සෙ දුවන්න ගියොත් අපට වෙන වැඩක් නැහැ. ඒ නිසා ඒවා පස්සෙ නොයා අපි අපේ කරන වැඩවලට මුල්තැන දුන්නාම ඔය අනවශ්‍ය ප‍්‍රශ්න එන්නෙ නැහැ. ඒවා නිසා මනස වට්ටවා ගන්න ඕනෑත් නැහැ. රඟපෑමේදී මානසිකත්වය හරියට වටිනවා.

ඔබ රංගනයෙන් මොනවගේ දෙයක් කරන්නද හදන්නේ?
නිළි රැුජින මාලනී ෆොන්සේකා මහත්මිය මගේ වීර චරිතයක්. මට කවදාවත් එතුමිය වගේ වෙන්න බැරිවෙයි. ඒත් මට එතුමියගෙ රංග කුසලතාවයෙන් ගත හැකි දේ බොහෝමයි. ඒ වගේ නැතත් එතුමිය ගිය දුර මෙන් රංගනයෙන් යමක් කරන්න උත්සාහ ගන්නවා.

බොහෝ දෙනෙක් කියනවා නේද තිළිණි හරියට මාලිනියගෙ තරුණ කාලයේ රුවට සමානයි කියලා.
ඒක ඇත්තටම මම කියන්න දන්නෙ නැහැ. හැබැයි බොහෝ දෙනා කියන්නෙ ඔයා වෙලාවකට දුලානි අනුරාධා වගෙයි තවත් වෙලාවකට අමායා අධිකාරී වගෙයි කියලයි.

ක්ෂේත‍්‍රයේ යාළුවෝ කවුද?
එක්කෙනෙක් කියලා නැහැ. බොහෝ දෙනෙක් ඉන්නවා. හැමෝම එක්ක සුහදව ඉන්න තමයි මම ආසා.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

  2017-10-30-ent-192017-10-30-ent-18

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.