93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා 'ටර්න්: වොෂින්ටන් ස්පයීස්' නම් රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පැවති උත්සවයකදී, ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් "ස්පර්ශ කළ" බවට හෙදර් ලින්ඩ් (Heather Lind) චෝදනා කර ඇත.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ එම චෝදනාව එල්ල කළ ඇය පසුව එම සටහන මකා දමා ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සාහ කළ බව ඔහුගේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
"ජනාධිපති බුෂ් කිසිදු අවස්ථාවක - කුමන තත්වයක් යටතේ වුවත් - කිසිවෙකුටත් දැනුවත්ව සිත් තැවුලක් ඇති නොකරන" බව පවසන ප්‍රකාශකයා, "විහිළුවක් කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක් වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින" බව ද ප්‍රකාශකයා විසින් ඩේලි මේල් (Daily Mail) පුවත්පත, පීපල් (People) සඟරාව ඇතුළු ප්‍රකාශන වෙත නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා.