Skip to main content

ඇත්තටම මට චතුරිකාගේ ආදරේ හොඳටම දැණුනා.." - ප්‍රගීත් රත්නායක

ප්‍රගීත් රත්නායක කාලයක් නිහඩව හිටපු චරිතයක්. මේ දවස්වල ඔහු නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කළ ආදරණීය කතාවක් වන "ආදරෙයි මං " නමින් පුළුල් තිරයේ තිරගත වෙනවා. චතුරිකා පිරිස්ට ආදරේ කරන ප්‍රගීත්ගේ අලුත්ම චිත්‍රපටය ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැනයි මේ.

ප්‍රගීත් මේ දවස්වල චතුරිකාට පිරිස්ට ආදරේ කරනවා නේද..?
ඔව්. ඒ මගේ අලුත්ම චිත්‍රපටයට. ආදරෙයි මං චිත්‍රපටයට. මේ කතාව හරිම ආදරණියයි. ඒ ආදරණිය බව දැනෙන්නේ චතුරිකාගේ ආදරණිය රැගුම් නිසයි. චතුරිකා ආදරේ හරිම සියුම් විදිහට තව කෙනෙකුගේ හදවතට දැනෙන්න රගපාලා තියෙනවා. ඒ ආදරේ චිත්‍රපටය තුළදී මගේ චරිතයටත් දැණුනා. 
ප්‍රගීත්ව බොහෝ කලකින් දකින්න ලැබුණේ නැහැ.  සිනමා කෘතියෙන් ඔබව දකිනතුරු..හැංගිලා හිටියේ මොන හේතුවක් නිසාද..?
අවුරුදු හයක් විතර මාව දකින්න ලැබුනේ නැහැ නිර්මාණවලින්. මම හිතුවා මාව ඉදුල්නොකර තියාගන්න ඕන චිත්‍රපටය තිරගත වෙනකල් කියලා. මේ චිත්‍රපටය තිරගත වෙන්න අරන් සුළු කාලයක් වුණත් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මගේ මේ චිත්‍රපටය දෙතුන් වතාවක් බලපු අයත් ඒ අතරේ ඉන්නවා. කාලයක් දකින්න හිටපු නැති නිසා වෙන්න ඇති ආදරෙයි මං චිත්‍රපටයෙන් දකිද්දී මේ තරම් ප්‍රතිචාර ලැබුණේ. ඒ වගේම නිර්මාණය ලස්සනයි කියලා කියන අයත් ඉන්නවා. චිත්‍රපටය බලලා නැති අයගෙන් ආදරයෙන් ඉල්ලනවා ආදරේ විදින්න මෙය බලන්න සිනමා ශාලාවලට එන්න කියලා.
චිත්‍රපටය රූගත කරලා තිරගත වෙනතුරු චිත්‍රපටි පෝලිමේත් සෑහෙන කාලයක් ඉන්න වුණා නේද..?
මේ ෆිල්ම් එකට පිටපත ලියලා අවුරුදු දෙකක් විතර තිබුණා. ඊටපස්සේ තමයි රූගත කිරීම් කළේ. ෆිල්ම් එක කරලා අවුරුදු 4ක් විතර බලාගෙන හිටියා තිරගත කරන්න. කොහොම හරි අවස්ථාව ලැබුණා. ලැබෙන ප්‍රතිචාර එක්ක කාලය හා නිර්මාණයේ වටිනාකම නාස්ති වුණේ නැහැ කියලා හිතෙනවා.
ප්‍රගීත් අධ්‍යක්ෂ වෙන ගමන් මෙහි ප්‍රධාන නළුවා බවටත් පත් වෙනවා. ඒ නිසා නිර්මාණයේ ප්‍රමිතියට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද..?
මම අවුරුදු හය හතක රංගනය ගැන වගේම සිනමා අධ්‍යක්ෂණය ගැන හදාරලා තියෙනවා. ඒ වගේම මම අධ්‍යක්ෂණය කළ රෝමියෝ ජුලියට් වේදිකා නාට්‍යයේ මමත් රගපානවා. සජීවී මාධ්‍යක් විදිහට මට අසීරු වුණේ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂණය හා රගපෑමයි. ෆිල්ම් එකේ නම් රීටේක් යන්න පුළුවන් වේදිකාවේ එහෙම බැහැ.මම හිතනවා එහි පන්නරය හා ඉගෙන ගත්ත දේ මට මේ නිර්මාණය සදහා උපයෝගී වුණා කියලා. නිර්මාණයට කිසිම විදිහකින් අසාධාරණයක් වුණා කියලා නම් මම පිළිගන්නේ නැහැ.
මේ ච්ත්‍රපටයේ පසුබිම් ගායනයෙන් දායක වෙන්නේ වික්ටර් රත්නායකයන් හා උරේෂා රවිහාරි .ඒ තෝරා ගැනීම කළේ ඇයි..?
ඒ හඩ දෙකම හරියට සිනමා තිරයේ පසුබිම් ගායනයට ගැලපෙන නිසා. ඒ වගේම සරළ ගීතයක් සිනමා ගීතයක් වෙන්නේ කොහොමද කියලා වික්ටර් රත්නායකයන්ගේ හඩ ඇහුවම දැනෙනවා.
චතුරිකා කියන්නේ වර්තමාන පරපුරේ දක්ෂ නිළියක්. ආදරෙයි මං සිනමා සිත්තමට ඔබේ ප්‍රේමවන්තයා වෙන්න අකමැති වුනේ නැද්ද..?
කොහෙත්ම නැහැ. ඒ වගේම කියන්න ඕන මම කලින් චතුරිකා එක්ක රගපාලා තියෙනවා. එතැනදී තමයි මට චතුරිකාගේ ආදරණිය හැගීම් තේරුම් ගන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතුවා මේ නිර්මාණයට ගැලපෙනම කෙනා එයා කියලා. ඒ නිසා ආරාධනා කළා. කාලයක් තිස්සේ එයාගේ දක්ෂතා නිසා එයා ජනප්‍රිය මට්ටමේ ඉන්නවා. ඒ වගේම කැපකිරීම් ගැන මටත් පුදුම හිතුනා. අඩුතරමින් එයා ෂූටින් වෙලාවේ මොබයිල් එකවත් පාවිච්චි කරන්නේ නැහැ. වෙලාවටත් කලින් රූගත කිරීම් කරන ස්ථානයට එනවා. චතුරිකා වගේම නිර්මාණයට සම්බන්ධ වුනු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. සහයෝගයෙන් නිර්මාණය සාර්ථක කරගන්න උදව් කළාට.
ප්‍රගීත්ගේ ඊළග පිම්ම..?
චිත්‍රපටි දෙකක් කරන්න ඇරයුම් ලැබිලා තියෙනවා. ඒගැන හිතන්න ඕන ඊළගට.
ප්‍රගීත් කියන්නේ දක්ෂ තිරපිටපත් රචකයෙක්. ධර්ම යුද්ධය චිත්‍රපටයේ දෙබස් ඔබේ. දමිළ පිටපත ධර්ම යුද්ධය කළේ ඔබ..?
ඔබ. ඒ නිර්මාණයේ සියලුම දෙබස් මගේ. දමිල පිටපත අපේ රටට ගැලපෙන විදිහට හැදුවේ මම තමයි. ඒ වගේම තවත් නාට්‍ය හතරක් චිත්‍රපටි 2ක් විතර මම පිටපත් ලියලා තියෙනවා.

හර්ෂණී වීරරත්න

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල