Skip to main content

එදා මගේ ළගට ඇවිත් කෙළින්ම ඇහුවා එයත් එක්‌ක විවාහ වෙන්න කැමැතිද කියලා.." -


තිදරු මවක් වුණත් ඇය තවමත් රූපය අතින් සැලකිලිමත් වෙනවා. පුංචි තිරයේ ඉන්න අහිංසක චරිතය අශිකා මතසිංහ. ඇය ආදරේ නිසාත් විවාහය නිසාත් කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටියා. ආයෙමත් පුංචි තිරයෙන් දකින අශිකා ආදරේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

පාසල් සමයේ අශිකාගේ හිත බැඳුණ ආදර මතකයන් තිබුණාද ?
ඉස්‌කෝලෙ කාලේ මම ආදරයක බැදුණේ නැහැ. මම ඉගෙන ගත්තෙ අනුලා විද්‍යාලයේ. ශිෂ්‍ය නායිකාවක්‌ විදිහට පාසල් තූර්ය වාදක කණ්‌ඩායමේත් මම හිටියා. ඒ වැඩ කරගෙන ගියා මිස ආදර කතා මට තිබුණේ නැහැ. පුද්ගලික පන්තිවලට යද්දී නම් පිරිමි ළමයි අහල තිබුණා. ඒත් ඒ කාලෙ ඉගෙන ගන්න එක තමයි මගේ අරමුණ වුණේ.
පිරිමි හිතක ඇලුම් බැලුම් අශිකාව හොයාගෙන එන්නේ ?
මම විවාහ වුණේ මීට අවුරුදු නවයකට කලින්. මුලින්ම විවාහ යෝජනාවක්‌ විදිහටයි එයාව මට හදුන ගන්න ලැබුණෙ. එයාව දැක්‌කට පස්‌සේ අපි යාළු වුණා.
අශිකා නීති රීති යටතේ හැදුන කෙනෙක්‌ නිසාද ආදර කතාවලට ජීවිතයේ ඉඩක්‌ වෙන් කරන්න ඔය තරම් මැලි වුණේ ?
නැහැ. කොහොමටත් ගෙදරින් නීති තිබුණේ නැහැ. පාසල් වියෙන් පස්‌සෙ මම රැකියාවකට ගියා. රැකියාවට ගියාට පස්‌සෙ මගේ ලොකුම ආසාව වුණේ කාර් එකක්‌ ගන්න එක. ඉතින් රස්‌සාව කරලා සල්ලි ටිකක්‌ ඉතිරි කරගෙන කොහොම හරි කාර් එකක්‌ ගත්තා. කාර් එක වෙනුවෙන් මුදල් ගෙවන එක ගැන වෙහෙසුණා විතරයි ආදරයක්‌ ගැන හිතන්න මතක්‌ වුණෙත් නැහැ. කොහොමටත් මට ජීවිතයේ ඉලක්‌ක තිබුණා. අවුරුදු 25 දී විවාහ වෙනවා කියල හිතාගෙන හිටියේ. ඉතින් අහම්බෙන් සුරේන්ද්‍රව හමුවුණා. එයා මම හොයපු විදිහෙ කෙනෙක්‌ නිසා අපි ඉක්‌මණින්ම විවාහ වුණා.
අශිකාට සුරේන්ද්‍රව හමුවෙන අහම්බය සිදුවන්නේ ?
මගේ මිතුරියක්‌ තමයි නිරංජලා ජයසිංහ කියන්නේ. නාට්‍යක රූපගත කිරීම්වල ඉන්නකොට සුරේන්ද්‍ර ඇවිත් තිබුණා ඉෂාන් ගම්මුදලි අයියව මුණගැහෙන්න. එතැනදී නිරංජලා සුරේන්ද්‍රගෙන් අහල තියෙනවා ඇයි තවම විවාහ නොවී ඉන්නෙ කියලා. එතකොට මම ගීතයක රූප රාමුවලටයි  සබන් වෙළෙඳ දැන්වීමකයි විතරයි ඉදල තිබුණෙ. එදා සුරේන්ද්‍ර කියල තියෙනවා මම හිටපු දැන්වීම ගැන කියල ඒ වගේ ගැහැනු ළමයෙක්‌ හම්බ වුණොත් බදිනවා කියලා. නිරංජලා එතකොට සුරේන්ද්‍රව දැකල තියෙන්නෙ එක දවසයි. ඒත් එයා එයාගේ විවාහ උත්සවයට සුරේන්ද්‍රට ඇරයුම් කරල තියෙනවා.
ඉතින් ඊට පස්‌සේ ?
එදා නිරංජලාගේ මනාලියගේ යෙහෙළිය ලෙස හිටියේ මම. එතැනදී තමයි අපි දෙන්නා දකින්නේ. එදාම එතැන හිටිය අක්‌කා කෙනෙක්‌ මගේ අම්මා කියල රැවටිලා සුරේන්ද්‍ර එයාට කියලා තියෙනවා මම කැමැතියි ඔයාගේ දුව විවාහ කරගන්න කියලා. ඒ අක්‌කා කියලා තියෙනවා මම එයාගේ දුව නෙවෙයි කියලා. කොහොම හරි සුරේන්ද්‍ර එදා මගේ ළගට ඇවිත් කෙළින්ම ඇහුවා එයත් එක්‌ක විවාහ වෙන්න කැමැතිද කියලා. මම උත්තරයක්‌ දුන්නේ නැහැ. මට කෙනෙක්‌ ඉන්නවා කියලා මම එතැනින් පිටවෙලා ආවා.
බොරුවට අකැමැති බව හැගව්වාට අශිකා සුරේන්ද්‍ර ගැන හොයන්න පටන් ගත්තා එහෙමද ?
ඔව්. ටික කාලයක්‌ එයා මොනවගේ කෙනෙක්‌ද කියල හොයලා බැලුවා. එහෙම හොයද්දී මම කැමති ගතිගුණ එයා ළඟ තියෙනවා කියල දැනුණා. මම එයාට කැමැත්ත දුන්නා.
ඒ සොඳුරු දා මතකය?
2009 මැයි 25 අපි විවාහ වුණේ. හරියටම යුද්ධය ඉවරවෙලා සතියකින් අපේ විවාහය සිද්ධ වුණේ. යුද්ධයෙන් පස්‌සේ ගුවන් හමුදාවේ නිලධාරියෙකුගේ පළමු වැනි විවාහ උත්සවය එයයි. අපේ විවාහයට අත්සන් කරන්න ආවේ එවකට ගුවන් හමුදාවේ අණදෙන නිලධාරිතුමා සහ ඔහුගේ බිරිදයි.
ආදර කතාව පටන් ගත්ත අලුත අශිකාට සුරේන්ද්‍රගෙනුත් සුරේන්ද්‍රට අශිකාගෙනුත් ලැබුණ පළමු තිළිණය මොකක්‌ද ?
එයා මට දුන්නේ පුංචි සුරතල් බලු පැටියෙක්‌. මම එයාට දුන්නේ සුවද විළවුන් බෝතලයක්‌.
ඔය විදිහට පටන් ගත්ත ආදර කතාවක අද දවස?

අපිට දැන් දරුවො තුන් දෙනෙක්‌ ඉන්නවා. එදා ඉදන්ම මට මගේ කලා කටයුතුවලට සුරේන්ද්‍රගෙන් ලොකු සහායක්‌ තියෙනවා. දැන් දරුවෝ එක්‌ක කරගන්න බැහැ කියලා මම වැඩවලට යන එක කම්මැලි කළත් සුරේන්ද්‍ර තමයි මාව උනන්දු කරල ඒවාට යොමු කරන්නේ. හැමදාමත් මේ කාලෙ එන්නේ නැහැනේ, ලැබෙන අවස්‌ථාවෙන් යමක්‌ කරන්න කියලා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.