Skip to main content

අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි - ලංකාව එපා වුන රොෂාන් රවින්ද්‍ර රට හැර යන තීරණයක

අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි - ලංකාව එපා වුන රොෂාන් රවින්ද්‍ර රට හැර යන තීරණයක | roshan ravindra sad decisionපුංචි තිරයෙන් සිය රංගන පෞරුෂය විදහා දක්වන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. මේ දිනවල විකාශය වන සහෝදරයා ටෙලි නාටයේ රවින්ද්‍ර අති දක්ෂ රංගනයක නිරත වෙනවා. සහෝදරයා නිසා රවින්ද්‍රට ලැබෙන ප්‍රතිචාර මේ දින වල සිදුවන වැඩකටයුතු ගැන රවින්ද්‍ර කියන්නේ මේ විදිහටයි...
කොහොමද ජීවිතේ?
ජීවිතේ සරලයි. මේ අවුරුද්දෙ නම් තවම වැඩ කරන්න භාරගත්තෙත් නෑ. නිර්මාණයත් අධ්‍යක්ෂණය කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා මේ වසරේදී. ඒවගේම හැකි ඉක්මනින් මේ රටින් පිටවෙන්නයි මට ඕනි.
ඇයි එහෙම තීරණයක් ගන්න හිතුවේ.
අපේ වෘත්තිය රංගනය ඉතින් ඒ වෘත්තියට ගරුත්වයක්, වටිනාකමක්, පිළිගැනීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. නමුත් ලාංකීය කලාකරුවට වඩා ඉන්දීය හෝ වෙන යම් විදේශීය කලාකරුවන්ට මුල් තැනදීලා මේ අපේ පිරිසට වෙන අසාධාරණය ගැන ඇත්තටම කලකිරීමෙන් මම ඉන්නේ. ඉතින් අපේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. ඒ නිසාම නුදුරේදීම ඒතීරණය මට ගන්න සිදුවේවි.
කලාව ගැන කලකිරීමක් ද ඔබට තියෙන්නේ.?
කලාව ගැන මට කවදාවත් කලකිරීමක් ඇති වෙලා නෑ. මේ පවතින ඉන්දීය රැල්ලත් එක්ක අපේ කලාකරුවාට පවතින්න අවකාශයක් නිර්මාණය නොවීමයි මට තියෙන ගැටලුව. නිහඬව සිටින බලධරයින්ගේ හඬ අවධි කරලා කලාව වෙනුවෙන් හඬක් නැගිය යුතු මොහොතකයි අපි මේ ඉන්නේ.
මේ දිනවල විකාශය වන සහෝදරයා ටෙලි නාට්‍ය ගැනත් කතා කරමු.
‘සහෝදරයා’ කියන්නේ මිනිස්සු වගේම කලාකරුවො හැටියට අපි ලබපු ජයග්‍රහණයක ප්‍රතිඵලයක්. මොකද මේ නාට්‍ය ජාතික නාළිකාවක විකාශය වීමම ලොකු ජයක් හැටියටයි මම දකින්නේ. හරසුන් ටෙලි නාට්‍ය කලාවෙන් එහාට ගිහින් අතිශයෝක්තියෙන් තොරව ස්වාභාවිකවම මිනිස් හදවත ස්පර්ශ කරන්න තරම් සමත්වුණු සාර්ථක නිර්මාණයක් හැටියටයි ‘සහෝදරයා’ ගැන මගේ කියැවීම වෙන්නේ.
ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු
ඇත්තටම ගොඩක් හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබෙනවා. දැනට අවුරුද්දකට විතර කලිනුයි මම මෙහි වැඩ කළේ. ඉතින් කාලීන අවශ්‍යතාවක් හැටියට සහෝදරයාට ලැබෙන ඒ ප්‍රතිචාර ගැන මට තියෙන්නේ සුබවාදී ආකල්පයක්.
සහෝදරයා හි ඔබේ චරිතය ගැනත් යමක් කියන්න ඇති?
ඒ චරිතය අස්වාභාවික චරිතයක් ‍නෙවෙයි. එදිනෙදා ජීවිතේ අපට හමුවෙන චරිතයකටයි මම රංගනය ලබා දෙන්නේ. මගේ කලා ජීවිතේ මතෛක් ලබපු හැම අත්දැකීමකම ගැබ්වෙලා තිබුණු සාරය එකතු කරලයි මම ඒ චරිතෙට පණ දෙන්නේ. ඉතින් මතෛක් කරපු සහ මට ලැබුණු චරිත අතරින් මට ලැබුණු වටිනාම අවස්ථාවක් තමයි සහෝදරයො. නාමල් ජයසිංහ සහෝදරයටත් මම ස්තුති වන්ත වෙනවා මට අවස්ථාව ලබාදීම පිළිබඳව.
ඇයි දැන් ඔබ වැඩිය දකින්න නැත්තේ?
අපිට අපේ කලාත්මක හැකියාවන් ප්‍රේක්ෂකයින්ට ලබාදෙන්න තරම් අවස්ථා මේ රටේ දැන් ඉතුරුවෙලා නෑ. ඒ අසාධාරණය නිසා කලාකරුවා හොඳ නිර්මාණකරණයන්ට යොමුවීමත් දකින්න ලැබෙන්නෙත් නෑ. අපේ කලාකරුවා රැකගන්න නම් විදේශයට ආවඩන්නේ නැතුව දේශීය කලාකරුවා අගයන්න ඔහුට ඒ අවස්ථාව ලබාදෙන්න. එතකොට අපිත් නිතරම විශිෂ්ට නිර්මාණ හරහා දැකගන්න හැකියාව ලැබේවි.
ඔබ කොහොමද චරිතයක් තෝරාගන්නේ?
මේ පවතින තත්ත්වය අනුව අපිට චරිත තෝරාගන්න තරම් දැන් අවස්ථා ඉතිරිවෙලා නෑ. මම ආර්ථික වාසිය ගැන හිතලා චරිත තෝරාගන්න කෙනෙක් ‍නෙවෙයි. ඒ නිසාම ඒක මගේ අර්ථිකයටත් ලොකු පහරක්. හැබැයි එහෙමයි කියලා නැවත ආපස්සට යන්නත් මට බෑ. දිගටම මේ අවාසනාවන්ත තත්ත්වයම තිබුණොත් රටට වටිනා කලාකරුවන් රැසක් අහිමිවී යාම නොවැළැක්විය හැකි වේවි.
රොෂාන් රවීන්ද්‍ර කියන නළුවව ඔබ කොහොමද දකින්නේ?
ඇත්තටම අනුකම්පා හිතෙනවා. සමස්ත කලාකරුවා ගැනම මට ‘පව්’ කියලා තමයි හිතෙන්නේ. අපේ රඟපෑම දැකලා ප්‍රේක්ෂකයෝ අපිව තක්සේරු කළාට ඒ කලාකරුවාගේ ජීවිතය ගැන දකින්නේ ඒ කලාකරුවම විතරයි.
ඔබ කියන විදියට කලාකරුවාට වන අසාධාරණයට ඔබ ළඟ තියෙන විසඳුම මොකක්ද?
රටේ තීන්දු තීරණ ගන්න යාන්ත්‍රණයක් තියෙනවා. එතැනදී බලධරයින් කලාකරුවාව රූකඩ හැටියට තම වාසිය උදෙසායි පාවිච්චි කරන්නේ. රටේ සමස්තයම පිරිහිලා තියෙන තත්ත්වයක කලාව විතරක් පිරිහෙන්න බෑ කියලා අපි කොහොමද හිතන්නේ. ඉතින් අදාළ බලධාරීන්ගෙනුත් විසඳුමක් එන්න ඕනි.
පෞද්ගලික ජීවිතේ විස්තර ගැනත් කතා කරමු.
මම විවාහවෙලා මේ වෙනකොට අවුරුදු 12ක් 13කට ආසන්නයි. අපේ පුතාට අවුරුදු 12යි. දුවට අවුරුදු 10යි. ඉතින් මොන ප්‍රශ්න කොයි විදිහට ආවත් අපි සතුටින් ජීවත් වෙනවා.
ඔබට තියෙන රංගන පරාසය ගැන මොකද හිතෙන්නේ?
ඒක මම මගේ මේ විෂය වෙනුවෙන් වුණු මහන්සියේ ප්‍රතිඵලයක්. එහෙම නැතුව කෙනෙක් කියනවා නම් ඒක වාසනාව හෝ දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කියලා. මම කියන්නේ නෑ ඒක එහෙම ‍නෙවෙයි මගේ මහන්සියේ කැපවීමේ මේ විෂය වෙනුවෙන් කරපු ඒ හැදෑරීම්වල ප්‍රතිඵලය තමයි මගේ මේ හැකියාව. මගේ රංගන පරාසය.
අද වෙනකන් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
ආපු ගමන ගැන මට සතුටුයි. මම තෝරාගත්ත චරිත මට ලැබුණු අවස්ථා අද මම ඉන්න තැනට අවශ්‍ය වටපිටාව සකසා ගන්න ආකාරය මේ සමස්තයම ගැන මට සතුටු වෙන්න පුළුවන්.
විදේශීය ටෙලි නාට්‍ය රැල්ලට අභියෝග කරන්න තරම් හොඳ නිර්මාණ දැන් රටේ බිහිවෙනව ද?
නිර්මාණයක් බිහිවෙන්න නම් අවශ්‍ය ඉඩකඩ නිර්මාණය විය යුතුයි. ඕනිම රටක කලාව ගැන දේශීයත්වයට මුල්තැන දුන්නු ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ රටෙත් එහෙම තීන්දු තීරණ ගත යුතු කාලයක් දැන් එළැඹිලා තියෙන්නේ. ටෙලි නාට්‍ය අභාවය ගැන කතා කරන පිරිසට මම දුන්නු විසඳුම තමයි මේ පවතින විදේශීය රැල්ල අයින් කරලා මෙගා රැල්ලත් අයින් කරලා කොටස් 50කට පමණ සීමාවුණු නිර්මාණ බිහිවුණොත් වසරක් නැත්නම් දෙකක් තුළදී අපිට මේ ක්ෂේත්‍රයේ සැබෑ වර්ධනයක් දැක ගන්න හැකියාව ලැබෙයි කියන කාරණය. ඉතින් කලාකරුවෙක් හැටියට අපි කියන දේවල් ගාණකටවත් ගන්නේ නැතුව මෙගා රැල්ලට අහුවෙලා පස්සේ දේශපාලන අත‍පොවලා දැන් කලාවේ අඩුපාඩු හොයන්න ඒක නම් මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.
මොනවද ඉදිරි වැඩ කටයුතු?
සිනමා හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් අධ්‍යක්ෂවරයෙක් හැටියට ඉස්සරහට ඒමයි මගේ ඉදිරි බලා‍පොරොත්තුව. නමුත් ඉදිරියේදී වාතාවරණය අනුවයි අපිට අපේ අරමුණු ගැන තීන්දු තීරණ ගන්න වෙන්නේ. ඉතින් මට මගේ දරුවෝ දෙන්නගේ අනාගතේ ගැන හිතන්න ඕනි. ඒ නිසාම මේ වසරේ අවසානය වෙනකොට රටින් පිටවෙන්න තීරණයක් ගන්න වෙයි. බලමු ඉතින් කැමැත්තකින් ‍නෙවෙයි ඒ තීරණය ගන්නේ. වෙන කිසිවක් නොකර බැරිකමට. පක්ෂ පාට දේශපාලනයක් මං ළඟ නෑ. හරි දේ වෙනුවෙන් සාධාරණය වෙනුවෙනුයි මම යමක් කියනව නම් කියන්නේ.

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල