කාවිංග පෙරේරා පසුගිය දිනවල සමාජජාලා මාධ්‍ය තුල වැඩියෙන් කතාබහට මාතෘකාවක් වුණා. ඒ කාවිංගගේ විවාහයත් සමගයි. කාවිංග පිළිබඳව නැවතත් සමාජ මාධ්‍ය තුල කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ කාවිංග සිය පියාගේ වියෝවෙන් අවුරුදු 05ක් සපිරෙන දිනයේ යෙදූ සටහනක් ගැනයි.
කාවිංග තමන්ගේ විවාහ උත්සවය දවසෙත් මවගේ සහ පියාගේ ඡායාරූප රැගෙන ඔවුන්ගෙන් ආශිර්වාද ලබාගෙන තිබුනා.
කාවිංග පියා වෙනුවෙන් යෙදූ සටහන පහතින්.
"මගෙ මතක පිටු අතර
ඔබ සැරි සරන විට
මගෙ නෙතු අගට එන
කඳුළු බිඳු වල උනුසුම
දැනෙනවා මගෙ හදවතට
සිනාසුනු මගෙ දෙතොල
වෙවුලමින් ඉකි ගසනවා.
අප්පච්චී ඔබ කොහි ගියෙද මා මෙලොව තනි කර දමා.
අනේ ඔබ මගේ ළඟ තව දිගු කලක් මගේ ආයුශත් රැගෙන සිටියානම්"
ඔබ සැරි සරන විට
මගෙ නෙතු අගට එන
කඳුළු බිඳු වල උනුසුම
දැනෙනවා මගෙ හදවතට
සිනාසුනු මගෙ දෙතොල
වෙවුලමින් ඉකි ගසනවා.
අප්පච්චී ඔබ කොහි ගියෙද මා මෙලොව තනි කර දමා.
අනේ ඔබ මගේ ළඟ තව දිගු කලක් මගේ ආයුශත් රැගෙන සිටියානම්"