Skip to main content

ලොව භයානකම කාය වර්ධන ශූරිය නැවතත් එයි

 ලොව භයානකම කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව සඳහන් කොට තිබෙනවා.

මේ වනවිට බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් අංශවල ලෝක ශූරිය වන්නේද නතාලියායි.
මීට මාස 18 කට පෙර ක්‍රීඩාවෙන් සමුගත්තත් තමන්ට තවදුරටත් ක්‍රීඩා වළල්ලෙන් බැහැරව සිටීමට නොහැකි බව පවසමින් ඇය නැවතත් මොස්කව් නගරයෙන් තරග බිමට පිවිසීමට සූදානම් වෙනවා.
“බොහෝ දෙනකුට මාව හොඳින් මතක තියෙනවා. ඔවුන් මා දුටු ගමන් මාත් එක්ක ඡායාරූපයකට පෙනී ඉන්න ඉල්ලා සිටිනවා. මේ ජනප්‍රියත්වය මට ලැබුණේ ක්‍රීඩාවෙන්. ඒ හින්දා මට ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න හිත දෙන්නෙ නැහැ” ඇය පවසනවා.
නතාලියා කායවර්ධන ක්‍රීඩාවට යොමු වූයේ ඇයට වයස අවුරුදු 14දී. එවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 40ක්වත් නැහැ. මේ වනවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 90ක්. දිනකට පැය කීපයක් පුහුණුවීම්වල යෙදෙන ඇය ප්‍රෝටීන් බහුල තම ආහාර වේලට කුළු බඩු, ලුණු හෝ සෝස් වෙනුවට යොදා ගන්නේද ප්‍රෝටීන් කුඩුයි.
ඉන්ස්ටර්ග්‍රෑමයේ ජනප්‍රිය චරිතයක් වන ඇයට අනුගාමිකයන් 1,94,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා. තමන්ට විවිධ විවේචන සහ හිත රිදෙන ඇනුම් පද එල්ල වුණත් තමන් ඒ කිසිදෙයක් නොතකා තම ක්‍රීඩා ජීවිතයේ ඉදිරියට යන බව ඇය සඳහන් කරනවා.
රුසියාවේ ඇමසන් යෝධි ලෙස හඳුන්වන නතාලියා මේ වනවිට කාය වර්ධන පුහුණුකාරියක ලෙස කටයුතු කරනවා. ඇය විවාහ වී සිටින්නේ රුසියානු පාපන්දු ක්‍රීඩකයකු වන ව්ලැඩිස්ලැව් කුස්නෙට්සොව් සමඟිනුයි.

    

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.