Skip to main content

අහිමිවී ගිය සියඹලන්ගමුවේ ඇත් රජු සහ ගල්ගමුවේ දළ පුට්ටුවා වෙනුවෙන් ජීවමාන පිළිරු දෙකක් ඉදිකිරීමට තරුණ පිරිසක් මුල් පියවර තබයි

අහිමිවී ගිය සියඹලන්ගමුවේ ඇත් රජු සහ ගල්ගමුවේ දළ පුට්ටුවා වෙනුවෙන් ජීවමාන පිළිරු දෙකක් ඉදිකිරීමට තරුණ පිරිසක් මුල් පියවර තබයි  | Living statues siyabalangamuwe tusker and gallgamuwe tusker  පසුගිය කාලයේ වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව වාසීන්ගේ ම සිත්සතන් කම්පා කළ හස්ති ඝාතන කිහිපයක් සිදුවිය. ඒවා අතරින් වඩාත් සංවේදී සිදුවීම් දෙක්ක වූයේ ගල්ගමුව අවට සැරිසැරූ සියඹලන්ගමුවේ ඇත් රජුගේ සහ දළ පූට්ටුවා නමින් හැඳින්වුණු ඇත් රජුගේ ඝාතන දෙකය. සියඹලන්ගමුවේ ඇත් රජු ගල්ගමුව, සියඹලන්ගමුවේ සිට ප්‍රවාහනය කෙරෙන අතර මඟදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය ගිය අතර දළ පූට්ටුවාගේ මරණය සිදුවූයේ ඇත් දළ සොරු‍න්‍‍ගේ වෙඩි පහරකිනි.
මෙම ඝාතන දෙකින් ගල්ගමුව ප්‍රදේශවාසීන් කෙතරම් කම්පාවට සහ සංවේගයට පත්වීද යත් එම සතුන් සිහිකොට මතක බණ සහ සාංඝික දානාදී පිංකම් ද සංවිධානය කොට තිබිණ.
එමෙන්ම එම කම්පාව සහ සංවේගය ඇතිවී නැතිවී යන උද්වේගයක් නොවන බව සනාථ කෙරෙන මානුෂීය ඉදිරි පියවරක් පිළිබඳවද අපට අසන්නට ලැබිණ. ඒ එම සතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු ගල්ගමු‍වේ උස්ගල - සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේ එම සතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ දැනඋගත් තරුණ පිරිසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටීමය.
'සොබාදමේ කැපකරුවෝ' නමින් පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය මඟින් ඉදිකිරීමට යෝජිත මෙම ස්මාරකය නම් කොට ඇත්තේ 'සත්ව අවිහිංසා පිළිරුව' යනුවෙනි. සත්ව අවිහිංසාව පරමාදර්ශයක් සේ සලකන අතරේ බරපතල අයුරින් සත්ව ඝාතන ද සිදුකෙරෙන අප රටේ සත්ව අවිහිංසා පිළිරුවක් ඉදිවන ප්‍රථම අවස්ථාව ද බොහෝවිට මෙයම වනු ඇත.
'සොබාදමේ කැපකරුවෝ' නම් සංවිධානය මේ වන විට ද ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයක් වන අතර එනමින් ගල්ගමුව ලංකා බැංකු ශාඛාවේ ගිණුමක්ද අරඹා තිබේ. මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ගල්ගමුවේ උස්ගල සියඹලන්ගමුවෙහි පදිංචි ක්‍රිෂාන්ත නන්දසේන මහතාය.
මෙහිදී එම සතුන් දෙදෙනාගේ ඡායාරූප පරිගණක මගින් විශ්ලේෂණය කොට එම සතුන්ගේ සජීවී හැඩයන් සහ ප්‍රමාණයන් සේම ඔවුනට ආවේනික අංග ලක්ෂණද ඒ අයුරින්ම නිරූපනය කරමින් මෙම ස්මාරකය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ඒ අතර එහි ස්ථාපිත කරන ඵලකය මඟින් සත්ව අවිහිංසාව පිළිබඳ පණිවිඩය මුළු රටටම ලබා දීමට අපේක්ෂා කෙරේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.