Skip to main content

හැමෝම ආදරේ කරන්නේ පොඩි කාලයයි.. මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන්.." - ශ්‍රීමාලි ෆොන්සේකා


"මට කිසිම වුවමනාවක්වත් ආසාවක්වත් නැහැ.."
"අවුරුදු 13ක දුවක් ඉන්න අම්මා කෙනෙක් මම.."

ශ්‍රීමාලී ෆොන්සේකා කියන නම හා ඒ රූපය නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට හෝ දකින්න ලැබෙන්නේ වෙළෙද දැන්වීම් වලින්. එහෙම නැති නම් නිරූපනයෙන්. ඒ වගේම නිවේදනයෙනුත් දකින්න ලැබෙනවා. මිට පෙර ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබුණේ නැතත් මේ දිනවල නම් ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබෙනවා. ඒ හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනින්. නිවේදනය, නිරූපනය ,රගපෑම මේ හැම දක්ෂතාවයකින්ම දකින්න ලැබෙන ඇය ගැනයි මේ තොරතුරු.

නටන්න බැරි ශ්‍රීමාලි දැන් අඩව් කස්තිරම් සේරම අල්ලනවා කියලා ආරංචියි..?
ඔව්. මිට කලින් මම රියැලිටි තරගයකට සම්බන්ධ වෙලා නැහැ. මුල්ම වතාවට තමයි හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මම නර්තනය කියන දේ ඉගෙන ගෙනත් නැහැ. නමුත් මට හිරු රූපවාහිණියෙන් ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප නොකර ඉතාම කැමැත්තෙන් සතුටින් භාර ගත්තා. ඒ නිසා අඩව් කස්තිරම් දන්න හැම දෙයක්ම දාලා වැඩසටහන ලස්සන කරන්න උත්සහ කරනවා.
දන්නේ නැති දෙයක් භාර අරගෙන කරන එක අභියෝගයක් කියලා හිතෙන්නේ නැද්ද..?
ඒ ආරාධනාව ඇත්තටම මට නම් ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන කියලා හිතුවා. ඒ වගේම ඒ අලුත් අත්දැකීම විදින්නෙත් මම හරිම කැමැත්තෙන්. ඒ වගේ රියැලිටි වැඩසටහනකට ආරාධනා ලැබීමම මට වටිනවා. ඒ නිසා ඒක අභියෝගයක් වුණත් භාර අරගෙන හොදට කරන්න මට ආත්ම විශ්වාසයක් තියෙනවා. බොහෝ දෙනෙකුගෙන් උදව් ලැබෙනවා. ඒ නිසා සාර්ථකව කරන්න පුළුවන් කියලා හිතනවා.
නර්තනය නිසා නිළිකම නතර කරලද..? එහෙම නැති නම් ඇතැම් නළු නිලියන් වගේ සිනමා කෘති සදහා විතරයි සම්බන්ධ වෙන්නේ ටෙලි නාට්‍යවලට යන්නේ නැහැ කියලා ස්වයං වාරණ දාගෙනද ඉන්නේ..?
අලුත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ නාට්‍ය දෙකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම නවක අධ්‍යක්ෂවරයෙක් මට චිත්‍රපටයකට කතා කළා. එහි රූගත කිරීම් පටන් ගන්නේ ලබන මාසේ. හොද පිටපතක් ලැබුණොත් සිනමාවට වගේම ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා. එහෙම වාරණ දාගෙන නැහැ. 
ශ්‍රීමාලි කලාවට ඇවිත් කාලයක් ගත වුණත් නිළියක් විදිහට දකින්න ලැබෙන්නේ කලාතුරකින්..එහෙම වෙන්න හේතුව ආරාධනා නැතිකමද එහෙම නැති නම් තෝරා බේරා ගැනීමද..?
මම 2012 වර්ෂයේ විවාහක රූරැජින වුණා. ඊට පස්සේ මට වෙළෙද දැන්වීම් බොහොමයකට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. බොහෝ දෙනෙකුට මගේ රූපය මතක වෙළෙද දැන්වීම් නිසයි. මම රගපෑ සමහර චරිත ජනතාවට මතකයි. මට චරිතයේ නමින් කතා කරන පිරිසකුත් ඉන්නවා. මේ වෙනකොට මම සම්බන්ධ වෙලා තියෙන්නේ නාට්‍ය 6ක් වගේ කෙටි සංඛ්‍යාවකට. කොළඹ අවට තියෙන රූපගත කිරීම්වලට විතරයි යන්නේ. පිටපළාත්වල තියෙන ඒවා ප්‍රතික්ෂේප කරනවා. 
තෝරා ගැනීම් කරන්නේ කාගේ වූවමනාවටද..?
මගේ වූවමනාවට. මම කැමතියි ජනතාවට හිමින් ලං වෙන්න. එකපාරට ප්‍රසිද්ධ වෙනවා කියන්නේ පැවැත්මක් නැහැ. පැවැත්ම හදා ගන්න නම් හොද නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම මට කිසිම වුවමනාවක්වත් ආසාවක්වත් නැහැ නිතරම ටි වී එකේ පෙනී ඉන්න. 
ශ්‍රීමාලි හිතනවද රූපය වගේම දක්ෂතාත් පිහිටලා තියෙනවා කියලා..?
මම ලස්සනයි වගේම මට දක්ෂතාවයකුත් තියනවා කියලා මට හිතෙනවා. 
ජනප්‍රිය බොහෝ දෙනෙක් සරල ජිවිත ගත කරනවා කිව්වාට එහෙම නැහැ කියලා බැලූ බැල්මට පෙනෙනවා. අඩු තරමින් බස් එකකවත් යන්නේ නැහැ.. ඔබත් එහෙමද..?
මම බස්වල ඕනෑතරම් ගිහින් තියෙනවා. යන්න බැරිකමකුත් නැහැ. නමුත් දැන් යන්නේ නැහැ. ඒත් මම ගොඩාක් සරල කෙනෙක්. මගේ ජිවිතේ ලොකු බලාපොරොත්තු ඉලක්ක නැහැ. අද දවස ජිවත් වෙනවා.
ශ්‍රීමාලි කියන්නෙත් ආඩම්බර චරිතයක්ද..?
කොහෙත්ම නැහැ. ආඩම්බර වෙන්න හේතු නැහැ. රූ රැජිනක් වුණා කියලා ඒ ක්‍රවුන් එක ඔලුවේ දාගෙනම ඉන්නේ නැහැනේ. ඒ වගේ තමයි ආඩම්බරකම පැත්තකින් ගලවලා තියලා තියෙන්නේ.
විලාසිතා කියන්නේ ජිවිතේ වැදගත්ම දෙයක්ද..?
මම ලස්සනට ඉන්න ආසයි. ඒ නිසා මට විලාසිතා වැදගත්. කොහොමත් මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඒ නිසා අලුත් විලාසිතා ගැන ඉන්නේ අවධානයෙන්. මට ගැලපෙන විලාසිතා කරනවා. 
ඔබ විවාහක වුණත් බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ..ඒ නිසා ඔබෙන් ආදරේ ඉල්ලන තරුණයින් බොහොමයක් ඇති..?
ආදරේ කියන්නේ පොඩි කාලයක් තියෙන දෙයක් හැටියටයි මම දකින්නේ.කවුරු කොහොම කිව්වත්  ඕනෑම මනුස්සයෙක් ආදරේ කරන්නේ කෙටි කාලයයි. ආදරේ සුන්දර දෙයක් වුණත් ඒ ආදරේට පැවැත්මක් නැහැ කියලයි මට නම් දැනෙන්නේ. මම කියන්නේ මගේ අත්දැකීමෙන්. මම ඕන තරම් ආදරේ අත්විදලා තියෙනවා.
විවාහ ජිවිතේ ගැන කිව්වොත්..?
මගේ සැමියා ඉන්නේ විදේශ රටක. මගේ දුවට වයස අවුරුදු 13යි. මමයි දුවයි දෙන්නම ඉතාලි යනවා සැමියාව බලලා එන්න. 
විවාහ වුණත් ඔබ ලස්සනට ඉන්න කාන්තාවක්. ලස්සනට ඉන්න මොනවාද විශේෂයෙන් කියලා කරන්නේ..?
මම හොදට වතුර බොනවා. ස්භාවික ආහාර කන්නේ. විශේෂයෙන්ම පළතුරු එළවලු. ආහාර පාලනය තමයි මගේ ලස්සන වීමේ රහස. 
ශ්‍රීමාලි ලස්සන වෙලා ඉන්නේ මේකප්වලින් කිව්වොත්..?
කොහෙත්ම නැහැ. මට ඉස්සර ඉදලම තියෙන්නේ නැචුරල් බියුටි එකක්.
ඇග හදා ගන්න ජිම් යන්නේ නැද්ද..?
මම ජිම් යන්නේ නැහැ 

හර්ෂණී වීරරත්න

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල