Skip to main content

මගේ තාත්තත් එක්ක ගීතයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා

2018-03-26-ent-25
අයේෂා රොද්‍රිගෝ යනු ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවකි. නිරූපණය තුළින් මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කටයුතු සඳහාද ඇය දායක වෙයි. එමෙන්ම මෙරට නිෂ්පාදිත බොහෝ වෙළෙඳ දැන්වීම් සඳහාද ඇය දායක වී තිබේ. ඇන්ටන් රොද්‍රිගෝ නම් කලාකරුවාගේ දියණිය වන ඇය, ගායන තුළින්ද ඉදිරියේදී මුණගැසීමට නියමිතය. ඒ පිළිබඳ සහ ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස %අද^ට සම්බන්ධ වූවාය.

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?2018-03-26-ent-31
මගේ නම අයේෂා රොද්‍රිගෝ. මම මුලින්ම ෆැෂන් ඩිසයිනින් තමයි කළේ. ඒ අතරතුරදී තමයි මම නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ. මමයි, මගේ සහෝදරයයි තමයි ආවේ. ඒ ආපු ගමන තමයි මේ වෙනකන් මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ජාත්‍යන්තර වැඩවලට සම්බන්ධ වෙන්න ලැබෙනවා, ටී.වී. කමර්ෂල් කරනවා. ඒ දේවල්වලට අවස්ථාව ලැබුණේ මේ ආපු ගමන නිසා. දැන් නම් ලංකාවෙන් පිට තමයි වැඩ සිදු වෙන්නේ. ඒ අතර ලංකාවේන් ආරාධනා ලැබුණාම ඒවා කරලා ආයෙත් යනවා. මේ හත්වැනිදා ආපහු පැරිස්වලට යනවා.

අයේෂා නිරූපණයට යොමු වෙන්නේ කොයි කාලයේද?
මම නිරූපණයට එන්නේ 2012 දී. මේ වෙද්දී ටී.වී. කමර්ෂල් රැසක් කරලා තියෙනවා. චිත්‍රපට දෙකක ප්‍රධාන චරිතවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඇයි මේ නිරූපණ ක්‍ෂේත්‍රය තෝරා ගත්තේ?
මම මුලින්ම තෝරා ගත්තේ ෆැෂන් ඩිසයිනින් පැත්ත. ඒකට පොඩි සහායක් මේ ක්‍ෂේත්‍රයෙන් සිදුවන නිසා තමයි නිරූපණයට එන්න හිතුණේ. මොකද එතකොට ක්‍ෂේත්‍රයේ අයව හඳුනා ගන්න පුළුවන්. කොහොමත් ඉස්සර ඉඳලා මම ෆොටෝ ගන්නවාට ආසයි. ඒ ආසාවත් එක්කම වෙන්න ඇති එන්න හිතුණේ.

ලංකාවේදී කරපු වැඩ ගැන ටිකක් කතා කළොත්?
මම අඹේවෙල ටී.වී. කමර්ෂල් එක කළා. "මරීනා", "සින්ගර්", "මැගී" ටී.වී. කමර්ෂල් කළා. ඒ වගේ ගොඩක් කළා.

අපි කතා කරමු ඔබේ ජාත්‍යන්තර වැඩකටයුතු ගැන?
මම පැරිස්වල ඒෂියන් යුරෝපියන් ෆැෂන් ෂෝ එකේ ප්‍රධාන නිරූපණ ශිල්පිනිය විදියට වැඩ කරනවා. ඒකේ සංවිධායක තමයි රෙක්ස් ෆර්නෑන්ඩූ. ඒකෙ වැඩ මේ දවස්වල කරගෙන යනවා.

රංගනයට ආරාධනා ලැබුණා කිව්වානේ. රංගනයට එනවා නම් නිර්මාණ තෝරා ගැනීමක් සිදු කරනවාද?
ගොඩක් දේවල් තෝරාබේරා ගන්නවා. මොකද ලංකාවේ ටී.වී. කමර්ෂල් කරද්දි වුණත් අපට හැමදේම කරන්න බැහැ. මොකද අපි ගොඩනගා ගත් ප්‍රතිරූපයක් තියෙනවා. මම ගොඩක් ආස කමර්ෂල් කරන්න. ඒ අතරතුර තමයි ෆිල්ම් දෙකට ආරාධනා ලැබුණේ. ඒකෙන් එකක් රෙක්ස් ෆර්නෑන්ඩු කරන එකක්. ඒක කරන්නේ පැරිස්වලදීමයි. ඒක තවම සාකච්ඡා මට්ටමින් යනවා. අනිත් එක සේනක විජේසිංහ අයියාගේ එකක්. ඒකේ ස්ක්‍රිප්ට් එක මේ දවස්වල කියවාගෙන යනවා. ඒ චරිතය මට හොඳයි කියලා හිතුණොත් ඒක බාරගෙන කරනවා.

ඔබ ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවක්. ඒ දේවල් එක්ක වැඩ කරද්දි ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රය ගැන දැනෙන්නේ කොහොමද?
ඇත්තටම වෙනත් රටවල නිරූපණය ක්‍ෂේත්‍රය දියුණුයි. ලංකාවට වඩා ඒ රටවල නිරූපණ ක්‍ෂේත්‍රයට හොඳ පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයත් හොඳ මට්ටමක තියෙනවා. හැබැයි පිටරටක නිරූපණ ශිල්පියෙකුට තියෙන ඩිමාන්ඩ් එක වැඩියි. එයාලාට හොඳට ගරු කරනවා. එයාලා එක්ක වැඩ කරන්න පහසුයි. හරිම ඩීසන්ට්. එයාලා ක්‍ෂේත්‍රයට ආවාම හොඳට ඉගෙන ගන්නවා. ලංකාවේ ටිකක් ඒ පැත්ත අඩු නිසා ජාත්‍යන්තරයට යන්න ලැබෙන ඉඩ ප්‍රස්ථාව අඩුයි. දැන් පැරිසීය ගත්තාම ඒක විලාසිතා කර්මාන්තයක්. අපි උත්සාහ කරනවා ලංකාවෙත් ඒ තත්ත්වය හෙමිහිට ඇති කරන්න.

ලංකාවේදී නිර්මාණ කරද්දි නිර්මාණ තෝරා ගැනීමක් කරනවාද?
ඔව්. ලංකාවේදී අපට ලැබෙන හැමදේම කරන්න බැහැ. එහෙම වුණාම ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒත් ප්‍රසිද්ධියට එහා යමක් කරන එක තමයි මගේ අරමුණ. ජාත්‍යන්තරයේදී ඒක එහෙම නෙවෙයි. මොඩ්ල් කෙනෙකුට තියෙන වටිනාකම වැඩියි. මොකද මොඩල් කෙනෙක් කියන්නේ සංකේතයක්. ඩිසයිනර් කෙනෙකුට තියෙන්නේ වෙනම වටිනාකමක්. ලංකාවේදී ඒ තැන නැති නිසා තමයි ඒ ප්‍රශ්නෙ තියෙන්‍නෙ. නැත්නම් එහෙම නිර්මාණ තෝරාගෙන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමර්ෂල් කරද්දි මට හැමදේම කරන්න බැහැ. මම කමර්ෂල් එකක් කරනවා කියන්නේ රටට කුමක් හෝ පණිවුඩයක් දෙනවා කියන එකනේ. එතකොට මම මගේ පෞද්ගලිකත්වය ගැනත් හිතන්න ඕන.

නවකයන් නිරූපණයට එකතු වෙනවා. මේ දේවල් නිසා ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රය දැන් තිබෙන තත්ත්වය හොඳයිද?
නිරූපණ ක්‍ෂේත්‍රය හොඳ ක්‍ෂේත්‍රයක්. ඒකයි අපේ වෘත්තිය. මොන වෘත්තිය වුණත් අපි අපේ වෘත්තියට ගොඩක් ගරු කරන්න ඕන. මම හිතන්නෙ අපි නිරූපණ ක්‍ෂේත්‍රයට ආවම අපි ඒක ගැන ඉගෙන ගන්න ඕන. දැන් නිරූපණ ශිල්පිනියක් කිව්වාම ගොඩක් අය හිතන්නෙ වැරදි විදියට. අන්න ඒක අපි නැතිකර ගන්න ඕන. අපි දැන ගන්න ඕන අපේ පෞද්ගලිකත්වය හදාගන්න. අපි හොඳට ඉගෙන ගෙන මේ ක්‍ෂේත්‍රයට ආවොත් කිසිම කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ.
කවුරුහරි ෆොටෝ ෂූට් එකක් කරලා ඒක සමාජ ජාලවලට දැම්මාම ඒක දකින අය හිතන්නේ ඒකයි මොඩ්ලින් කියලා. නමුත් ඒක වැරදියි. අපි අඳින විලාසිතාවෙන් විලාසිතාවට පෙනී සිටින ආකාරය වෙනස් වෙන්න ඕන. හරි ලුක් එකක් තියෙන්න ඕන. අපට ඉගෙනීමත් තියෙන්න ඕන. අපි වෙනත් රටකට යද්දි වුණත් අපට සාමාන්‍ය දැනුමවත් නැත්නම් අපෙන් වැඩක් නැහැ. අන්න එතැනයි වැරැද්ද.

ජීවිතේ තිබෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?
ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගේ තාත්තා තමයි ඇන්ටන් රොද්‍රිගෝ. මට ගීතයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. තාත්තා එක්ක තමයි ඒක කරන්නෙ. ඒකට මේ දවස්වල ටිකක් වැඩිපුර වැඩ කරනවා. ඒකේ මියුසික් වීඩියෝ එක පැරිස්වල කරන්න අදහසක් තියෙනවා. මගේ ෆැෂන් ඩිසයිනින් වැඩත් කරන්න තියෙනවා. ඒෂියන් යුරෝපියන් ෆැෂන් ෂෝ එකට ෆැෂන් ඩිසයිනින් පැත්තෙන් මගේ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ලංකාවේ අයට ජාත්‍යන්තරයට යන්න අවස්ථාවකුත් අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ තරම් දුර එන්න උදවු කරපු අය ගැන මතක් කළොත්?
ඔව්. ඇත්තටම මගේ පවුලේ අය, රෙක්ස් ෆර්නෑන්ඩු හා සජානි ෆර්නෑන්ඩු. එතකොට මට ලංකාවේදී අතහිත දුන් නම් නොකියූ හැම ප්‍රවීණයෙකුටම මම මේ වෙලාවේදී ස්තූතිවන්ත වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

2018-03-26-ent-222018-03-26-ent-232018-03-26-ent-24 2018-03-26-ent-262018-03-26-ent-272018-03-26-ent-282018-03-26-ent-292018-03-26-ent-30

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල