Skip to main content

රැකියාවක් කරන ගමන් තමයි මම නිරූපණ කටයුතු කරන්නේ


2018-03-23-ent-169
විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු කරන දිල්මිණි ඉද්දමල්ගොඩ අද "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය රංගනයට පිවිසිමේද බලාපොරොත්තුවකින් පසුවේ.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ?2018-03-23-ent-171
2014 වසරේදී. මනාලියන් දැක්මක් සඳහා මනාලියක් ලෙස පෙනී සිටිමින් ඊට දායක වුණා. ඒ නිරූපණ ප්‍රසංගයෙන් පස්සේ කැමැත්තක් ඇති වුණා නිරූපණය පැත්තට යොමු වෙන්නේ. ඔය විදිහට තමයි නිරූපිකාවක් වුණේ.

දැනට ඔබ වැඩිපුර දායකත්වයක් දීලා තියෙන්නේ?
නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉඳලා තියෙනවා. මම දැනට රැකියාවක් කරනවා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකාරිණියක් විදිහට. ඉතින් ඉඩ ලැබෙන පරිදි තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ. කොටින්ම කිව්වොත් නිරූපණ වැඩ කරන්නේ මම %හොබි^ එකක් විදිහට.

රැකියාවක් කරන කොට නිරූපණ වැඩ වලට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද?
කොහොමත් මම වැඩක් කරන කොට හොඳට තෝරලා බලලා තමයි ඒ වැඩේ භාර ගන්නේ. මොකද රැකියාවකට නොගැළපෙන නිරූපණ වැඩක් භාරගන්න බැහැ මට. මොන දේ කළත් මම මුලීකත්වය දෙන්නේ මගේ රැකියාවට.

පාසල් අවධියේ කලාවට ඔබගේ කැමැත්තක් තිබුණද?
මම පාසල් යන කාලේ නර්තනය, රංගනය වගේම ගීත ගායනයටත් යොමු වෙලා හිටියා. පාසලේ කලා උළලේදී මම අනිවාර්යයෙන්ම මොනවා හෝ අංගයකට දායක වෙනවා.

රඟපාන්න ආස නැද්ද?
ආසයි. මට ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා ගොඩක් ආරාධනා ලැබුණා. ඒත්, මට ඒවා ගැළපුණේ නැහැ. මට ගැළපෙන්නේ නැති දේවල් කොහොමත් මම භාරගන්නේ නැහැ. හොඳ නිර්මාණයක් හරහා රංගනය පැත්තට යොමු වෙන්න ආසයි. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් බොහෝ විට මම එහි රඟපාවි කියලා හිතනවා.

නිරූපිකාවක්ට අද සමාජයේ මොනවගේ පිළිගැනීමක් තියෙනවාද?
හොඳ දේවල් කළොත් හොඳ පිළිගැනීමක් තියෙනවා. නරක දේවල් කළොත් බලන්නේ වැරදි කෝණයකින්. ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕනා. ගොඩක් දක්ෂ නිරූපිකාවක් අද ලංකාවේ ඉන්නවා. ඔවුන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ජයග්‍රහණ පවා අරගෙන එනවා. ඒ වගේම තමයි සමාජයේ ඔවුන්ට හොඳ පිළිගැනීමකුත් තියෙනවා.

මොනවද ඔබට තියෙන ඉලක්ක?
මම ගොඩක්ම කැමතියි මනාලියක් විදිහට හැඩ වෙලා මනාලියන් දැක්මවල් වලට සහභාගි වෙන්න. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ ආසව වගේම කැමැත්ත. ඊට අමතරව හොඳ නිර්මාණයක් හරහා රංගන ශිල්පිණියක් විදිහට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අදහසකුත් තියෙනවා.

උදව් කරපු අය?
මට ගොඩක්ම උදව් කරන්නේ මගේ යාළුවෝ තමයි. ඊට අමතරව ‘මෙනුක’ බ්‍රයිඩ්ල් හවුස් එකේ චමරි අක්කා. අරූණි අකක්, ලක්ප්‍රිය ගුණරත්න අයියා, අකිල අයියා, මිථුන් වික්‍රම්තිලක අයියා, චින්තන එම්. හේරත් අයියා වගේම තව ගොඩක් අය ඉන්නවා වචනයකින් හෝ උදව් කරපු. ඒ වගේම මගේ පවුලේ හැම දෙනාම මට හැම වෙලාවේම උදව් කරනවා.

බුද්ධික සේනාධීර


Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල