Skip to main content

පබෝධා සන්ධීපනී පික්පොකට් ගහපු එක ගැන කීව කතාව

මට කාගේ හරි පර්ස් එකට ගහලා එක තැන ඉන්න බෑ. ඒ නිසා ‍පොකට් එකට ගහපු ගමන් දුවනවා -  පබෝධා සන්ධීපනී  පික්පොකට් ගහපු එක ගැන කීව කතාව - Photos | paboda sandeepaniපබෝධා සන්ධීපනී කොට්ටාව පැත්තේ යන එන අයගේ සාක්කුවට විදිනවා කියලා මේ දවස්වල කතාවක් පැතිර යනවා. නිළිකම අතහැරලා “පබෝධා” පික්‍පොකට් කාරියක්වත් වෙලාද? ඒ ගැන නිළි පබෝධා සන්ධීපනී කියන්නේ මේ විදිහටයි...

මේ දවස්වල “පබෝධා” කොට්ටාව පාර දිගේ අලුත් සෙල්ලමක් පටන් අරගෙනලු නේද? 
ඔව්. මේ සෙල්ලමේ හැටියට මට වැඩිපුරම තියෙන්නේ පාර දිගේ දුවන එකයි. මොකද මට කාගේ හරි පර්ස් එකට ගහලා එක තැන ඉන්න බෑ. ඒ නිසා ‍පොකට් එකට ගහපු ගමන් දුවනවා. හැබැයි මම මේ විදිහට දුවන්නේ ‘‘රැජිනියෝ’’ ටෙලි නාට්‍යය නිසා.

කොහොමද ටෙලි නාට්‍යය තුළ මේ චරිතය ගලාගෙන යන්නේ? 
රැජිනියෝ කියන්නේ කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් කතා බහ කරන, කතිකාවක් ඇති කරන ටෙලි නාට්‍යයක්. මා එහි නිරුපණය කරන්නේ පික්පොකට් ගහන අම්මා කෙනෙකුගේ චරිතයක්. 

මේ වගේ අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීම ඔබට පහසු වුණාද? 
සාක්කුවට විදින එක නම් ‍ලේසියි. ඒත් පාර පුරා දුවන එක නම් හරිම අමාරුයි. පාරේ වාහන යන අවස්ථාවලදී තමයි මට ගොඩාක් වෙලාවට දුවන්න සිද්ධ වුණේ. එක පාරටම මම පාරේ දුවන කොට කිසිවක් නොදන්නා මිනිස්සුත් හරි හරියට කලබල වෙනවා. මේ නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒත් රංගන ශිල්පිනියක් විදිහට අපිට සමහර අවස්ථාවලදී විවිධ අභියෝග බාර ගන්න සිද්ධ වෙනවා. මේකත් ඒ වගේ වැඩක් තමයි. 

ඔබ කාලයක් පුංචි තිරයෙත් රිදී තිරයෙත් ජනප්‍රිය චරිතයක්ව හිටියා. ඒ නිසා ඔබේ රුව නිතර නිතර ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබුණා. ඒත් අද ඔබව මේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇයි ඒ? 

පුතා ලැබෙන්න හිටපු හින්දා අවුරුදු දෙකක් විතර මම කිසිම නිර්මාණයක් බාර ගත්තේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙන්න තමයි මම හැම වේලාවේම උත්සාහ කළේ.පුංචි දරු පැටියෙක් අම්මා කෙනෙකුගේ උණසුම හැම වේලාවේම හොයනවා. දරු පැටියව ගෙදර තනි කරලා දාලා මට රඟපාන්න යන්න හිතුනේම නැහැ. ඒත් දැන් පුතා ටිකෙන් ටික ලොකු වේගෙන එනවා. එයත් දැන් මගේ නිර්මාණ රස විඳිනවා. සමහර වෙලාවට පුටුවකට වෙලා වාඩි වෙලා මාව ටීවී එකේ දැක්කම අන්න අම්මි ඉන්නවා කියලා අත්පුඩිත් ගහනවා. පුතාට දැන් යමක් කමක් තේරෙන නිසා ඉදිරියේදී වැඩි නිර්මාණ ප්‍රමාණයක් බාර ගන්න හිතාගෙනයි ඉන්නේ. 

ඔබේ රංගන ජීවිතයට සැමියාගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? 
සැමියාගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ෂුටිං යන වේලාවට පුංචි පුතාව බලාගන්නෙත් එයා. කොහොමත් සිදත් මගේ ෆීල්ඩ් එක තේරුම් ගත් කෙනෙක් නිසයි පවුල් ජීවිතයි. රඟපෑමයි බැලන්ස් කරගෙන මම සතුටින් ජීවත් වෙන්නේ. 

ඔබේ ඉදිරි කලා කටයුතු පෙළගැසෙන විදිහ ගැන දැනගන්නත් ආදරණීය පාඨකයන් කැමති වෙයි? 
“උරුමයක අරගලය” කියන ටෙලි නාට්‍යයේ ෂුටිංවලට මේ දවස්වල සහභාගි වෙනවා. ඊට අමතරව “අධිරජ ධර්මාශෝක” ටෙලි නාට්‍යයේ දේවිගේ චරිතේ හඬ කැවීම් කටයුතුත් කරගෙන යනවා. තව ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරියටත් ඉඩකඩ ලැබෙන හැම වේලාවේම මම ප්‍රේක්ෂකයන් පිනවන්න බලා‍පොරොත්තු වෙනවා කියලා නම් කියන්නම ඕනේ.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.