Skip to main content

ආදරේ කියන්නේ හැමෝටම සුවිශේෂී දෙයක්

2018-04-19-ent-145
රංගන ශිල්පිනියක් ලෙස ‘සිදූ’ ටෙලිනාට්‍ය ඔස්සේ රසික ආදරය දිනාගත් මනීෂා චංචලා ගායිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙසද කටයුතු කරයි. ක්ෂේත්‍ර තුනක් ඔස්සේ තමන්ගේ දක්ෂතාවය සහ හැකියාවන් වලින් ඉදිරියට පැමිණෙමින් සිටින ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට ඇයව මෙලෙස එක් කර ගනු ලැබුවෙමු.

මේ දිනවල වැඩකටයුතු ගැන කිව්වොත්?2018-04-19-ent-146
මේ දවස්වල සුපුරුදු විදිහට ‘සිදූ’ කරගෙන යනවා. ඊට අමතරව තව නාට්‍ය දෙකක් එන්න තියෙනවා. ඒ ‘සිල්ලර සමනල්ලු’ සහ ‘හිරුලි’ කියලා නාට්‍ය දෙකක්. මේ දෙක තමයි දැනට ටෙලිනාට්‍ය වශයෙන් දායක වෙලා තියෙන්නේ.

මෙගා ටෙලිනාට්‍ය සඳහා පමණක් දායක වෙන්නේ ඇයි?
එක දිගට මෙගා ටෙලිනාට්‍ය වලට දායක වෙනවා කියලා මගේ පැත්තෙන් මම හිතන්නේ නැහැ. ‘සිදූ’ ඉවර වෙන්නත් තව ටික කාලයයි තියෙන්නේ. ඒකත් එක්ක තමයි මම අලුත් ටෙලිනාට්‍ය දෙකක් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතිං රැල්ලට යනවා කියල මම හිතන්නේ නැහැ. මම දෙයක් ඉවර කරලා තමයි දෙයක් පටන් ගන්නේ. හොඳ නිර්මාණ වලට දායක වෙන එක තමයි මගේ මතය.

රයිගම් ටෙලි සම්මන උළෙලේදී ජනප්‍රිය කිරුළ අහිමි වුණා නේද? ඒ කියන්නේ අවසානයේදී ඔබේ ජනප්‍රියත්වය අඩු වුණාද?
එහෙම දෙයක් වුණේ නැහැ. ජනප්‍රියත්වය කියන දේ අඩුවක් වුණේ නැහැ. නිර්දේශ වුණා. එතනදී නිර්දේශ වුණ හැමකෙනෙක්ම ජනප්‍රියත්වය එක විදිහට තියෙන අය. එකම මට්ටමේ ජනප්‍රියත්වයක් තියෙන අය. කොහොම වුණත් ජනප්‍රිය සම්මානය යන්නේ එක්කෙනෙක්ටනේ. කාට ගියත් ක්ෂේත්‍රයේ කෙනෙකුටනේ ලැබෙන්නේ. ඉස්සරහට තවත් හොඳ වෙන්නනේ ඒක ලැබන්නේ. අන්තිම දෙන්නා වෙන්න පුළුවන් වුණ එකත් සතුටක්. ඒ වගේම තමයි ජනප්‍රිය කිරුළ ලැබුණු නයනතාරටත් මම සුබ පතනවා. සතුටුයි නිර්දේශ වෙන්න පුළුවන් වෙච්ච එකටත්.

අවසන් දෙදෙනා දක්වා නිර්දේශ වෙලා සම්මාන නොලැබුණ එක ගැන දුකක් නැද්ද?
නැහැ. එහෙම දුකක් නැහැ. මොකද කියනවා නම් අදටත් ජනප්‍රියත්වය කියන දේ ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගෙන්නේ. ප්‍රේක්ෂකයා අපිට තියෙන ආදරේ තමයි යම්කිසි සම්මානයක් තුළින් අපිට ලැබෙන්නේ. අද වෙනකොට ලංකාවේ කොයි තැනකට ගියත් ඒක අපිට හම්බෙනවා. විශේෂයෙන්ම මට ඒ දේ ලැබෙනවා. ඉතිං මම හිතන්නේ නැහැ ඒක ජනප්‍රියත්වය අඩුවීමක් කියලා. හැමෝම එදා වගේම අදටත් මට ආදරේ කරනවා කියලා හිතනවා.

රංගනයට අමතරව නිවේදන කටයුතුත් කරනවා නේද?
මම ලැබෙන ඔක්කෝම එකට බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. එ නිසා මට කාලය කළමනාකරණය කරගන්න එක එච්චර අපහසු දෙයක් නෙමෙයි. දේවල් තෝරලා බේරලා තමයි බාර ගන්නේ. ඉතිං කරන්න පුළුන් විදිහට දේවල් බාරගන්න නිසා කාලය සහ කරන කාර්යය හරියාකාරව කරන්න මට පුළුවන්කමක් ලැබිලා තියෙනවා.

රංගන ශිල්පිනියක් වීමද ජීවිතේ තිබ්බ බලාපොරොත්තුව?
නැහැ. මට රංගන ශිල්පිනියක් වෙන්න හීනයක් තිබ්බේ නැහැ. මාව ගොඩක් දෙනා දැන ගන්නේ ගායන ක්ෂේත්‍රයෙන්. හැබැයි ඊට කලින් තමයි මම නිවේදනයට ආවේ. මුල්ම කාලේ කොහොමත් නිවේදනය තමයි කළේ. ඊට පස්සේ ගායනයට ක්ෂේත්‍රයට ආවා. එතනින් තමයි රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව උදා වුණේ. හැබැයි හොඳ ගායිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව තිබ්බේ.

ගායිකාවක් වෙන්න හීන තිබුණ කෙනා අද වෙද්දී හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක් වෙලා නේද?
ගායන ක්ෂේත්‍රය තුළින් හෝ රංගනය තුළින් හෝ අද වෙද්දී ගොඩක් දෙනා මට ආදරය කරනවා කියල හිතනවා. කිසිමදෙයක පසුතැවීමක් නැහැ. ගායනය, නිවේදනය, රංගනය කියන මේ ක්ෂේත්‍ර තුනෙන්ම මම සාර්ථකයි කියලා මම දන්නවා. ඉස්සරහටත් මෙම ක්ෂේත්‍රයන් තුළින් ස්ථාවරත්වයක් පවත්වාගෙන හොඳ විදිහට ප්‍රතිපත්තිත් සමග ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ගායනය පැත්තේ අලුත් වැඩ ගැන කතා කළොත්?
දැන් මාසෙකට කලින් මගේ අලුත් ගීතය වන ‘මගේ කියා’ ගීතය එළිදැක්වූවා. ඉතිං තව මාස දෙක තුනකින් හොඳ නිර්මාණයක් මගේ රසිකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

නවතම ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳටම හොඳයි.

වැඩියෙන්ම රසික ප්‍රතිචාර තියෙන්නේ නිවේදනයටද? රංගනයටද? ගායනයටද?
මම දායක වෙන ක්ෂේත්‍රයන් තුනෙන්ම ලැබෙන ප්‍රතිචාර අඩුවක් නැහැ. ඒ කියන්නේ මම ඒ තුනටම සාධාරණයක් කරනවා කියලා හිතෙනවා.

සිනමාව තුළින් දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
සිනමාවට අකමැත්තක් නැහැ. මම සිනමාවට දායක වුණා. හැබැයි රංගනයෙන් නෙමෙයි. මම චිත්‍රපට තුනකට පසුබිම් ගායනයෙන් තමයි දායක වුණේ.

ඇයි රංගනයෙන් සිනමාවට දායක වෙන්න කැමැත්තක් නැද්ද?
ඇත්තටම මට සිනමාවට දායක වෙන්න ලැබුණු ගොඩක් අවස්ථාවන් මඟහැරුණා. අධ්‍යාපනය ලබන කාලේ තමයි සිනමාවට මට අවස්ථාවන් ලැබුණේ. ඉස්සරහට හොඳ අවස්ථාවක් ආවොත් බාරගෙන කරනවා.

ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අපි තාම ක්ෂේත්‍රයට අලුත්. ප්‍රවීණයන් එක්ක තමයි අපේ ගමන අපිට යන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ට තියෙන අත්දැකීම් අපේ දේවල් හදාගන්න පිටුවහලක් වෙනවා. අදටත් අපේ නාට්‍යවල ඉන්න ප්‍රවීණ කලාකරුවන් උදව් කරනවා සහ ඔවුන්ට ලැබිච්ච දැනුම අපිට දෙනවා. ඉතිං ඒ දේවල් නිසා අපි මේ කලාව පිළිබඳව ගොඩක් දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා කියල කියන්න පුළුවන්.

ක්ෂේත්‍රය තුළ ඔබ කාව හරි අනුගමනය කරනවාද?
නැහැ. එහෙම දෙයක් නැහැ. මම කැමති මගේ අනන්‍යතාවයක් හදාගෙන ඉදිරියට යන්න.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ආදරේ කියන්නේ හැමෝටම සුවිශේෂී දෙයක්. පුංචි කාලේ ඉඳන්ම මැරෙන තුරාවටම අපි ආදරේ බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ නොඅඩුවම මට ඒ ආදරේ ගොඩක් ලැබෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල