Skip to main content

පුංචි තිරයට ආ පුංචි කෙල්ල සිතුම්ලි

මේ දිනවල පුංචි තිරයේ වැඩි පේ‍්‍රක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන තිබෙන පුංචි ළමා රංගන ශිල්පිනියක් මෙවර සැඳැල්ල කතාබහට එකතු කර ගත්තා.
‘‘කිරුළි’’ ටෙලිනාට්‍යය හරහා ඔබ හමුවට එන ඇය තමයි ‘‘සිතුම්ලි රුහන්සා’’

මේ සිතුම්ලිගෙ කීවෙනි ටෙලිනාට්‍යයද?2018-05-25-ent-72
මේ මගේ පළවෙනි ටෙලිනාට්‍ය. මීට කලින් වෙළඳ දැන්වීම්වල නම් ඉඳලා තියෙනවා.

වෙළඳ දැන්වීම් කීයකට විතර ඉඳලා තියෙනවද?
මේ වෙද්දී වෙළඳ දැන්වීම් 20ක් විතර කරලා තියෙනවා.

මුලින්ම වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙද්දි සිතුම්ලිට වයස කීයද?
එතකොට මට මාස 10 යිලූ. ඊට පස්සෙ අවුරුදු 3 ඉඳන් වගේ වෙළඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා.

ඉතින් කියමුකො ටෙලි නාට්‍යයක් සඳහා සිතුම්ලිට ආරාධනා ලැබෙන්නෙ කොහොමද කියලා?
මම සම්බන්ධ වුණු චට්නි වෙළඳ දැන්වීම දැකලා මේ කතාවෙ අධ්‍යක්ෂ මාමා ඒකෙ හිටපු අම්මා රුවිනි ලක්මාලි ඇන්ටිගෙන් තමයි මගෙ නම්බර් එක ඉල්ලගෙන අපේ අම්මට කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මාමලා අපේ ගෙදරට ඇවිල්ලා මාව ඉල්ලලා තියෙන්නෙ.

‘‘කිරුළි’’ නාට්‍යයේ සිතුම්ලිගෙ චරිතෙ ගැනත් කතා කරමුද?
අහිංසක චරිතයක්. අම්මාගෙන් ඈත්වෙලා වෙන ගෙදරක ඉන්නෙ. ඒ ගෙදර දුවෙක් ඉන්නවා. එයාගෙනුත් මට හරියට කරදර තියෙනවා. ඉතින් හරි දුකින් ඉන්න චරිතයක්.

රඟපාද්දි කැමරාවට මුහුණ දෙද්දී බයක් හිතුණෙ නැද්ද?
එහෙම නෑ. කියන දේ කළා. ප‍්‍රදීප් මාමා ගොඩක් උදව් කළා. දෙබස් කියලා දුන්නා. මුහුණෙ ඉරියව් ගැන කියලා දුන්නා. අඬන්න ඕනැ විදිය ඒ හැමදේම. ඒක නිසා බයක් හිතුනෙ නෑ. ප‍්‍රදීප් මාමා වගේම චමිලා නැන්දා, රිතූ නැන්දා, බිමල් මාමා, සරත් කොතලාවල මාමා ඒ හැමෝමත් ගොඩක් උදව් කළා.

එතකොට සිතුම්ලිට දෙබස් කියද්දී එහෙමත් බයක් නෑ?
පළවෙනි දවසෙ නම් වැරදුණාම ටිකක් දුක හිතුණා.

ඇයි ඒ?
මට වැරදුණාම මම මේ චරිතය හරියට කරන්නෙ නැති වුණාම මාව මේ නාට්‍යයෙන් අයින් කරයිද? කියලා හිතුණා.

සිතුම්ලි රඟපාන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
සහන් රන්වල සර්ගෙ ළමා බළකායෙන් තමයි ඉගෙන ගත්තේ. ඒකෙන් තමයි රඟපාන්න ඉගෙන ගත්තෙ.

එතකොට සිතුම්ලිගෙ පාසල මොකක්ද?
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.

පාසලෙන් ලැබෙන සහය කොහොමද රංගන කටයුතුවලට?
ඉස්කෝලෙන් ගොඩක් උදව් කරනවා. පන්තිභාර මැඩම්ගෙනුත් හොඳ සහයෝගයක් තියෙනවා. මම ඉස්කෝලෙ අමතර දෙයක් විදියට මලල ක‍්‍රීඩාත් කරනවා. ඉතින් ඒ වගෙදිත් ඉස්කෝලෙ වැඩ පාඩුවුණාම මැඩම් ගොඩක් උදව් කරනවා.

සිතුම්ලිව ඔඪ එකේ දකිද්දි යාළුවො මොකද කියන්නේ?
හොඳට රඟපානවා කියනවා. තව ටිකක් හොඳට අඬන්න ඕනෑ කියනවා.
කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අහනවා. ඒ වගේ ගොඩක් දේවල් කියනවා.

එතකොට සිතුම්ලිව ඔඪ එකේ දකිද්දි මොකද හිතෙන්නෙ?
මට ගොඩක් සතුටුයි ඉතින්.

රඟපාන්න ගොඩක් ආසයිද?
ඔව්. ගොඩක් ආසයි.

ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?
මම කැමතියි ප්ලේන් එකක පයිලට් කෙනෙක් වෙන්න.

සිතුම්ලිගෙ පවුලෙ කව්ද ඉන්නෙ.
අම්මයි, තාත්තයි, මමයි, අක්කයි.

අක්කා රඟපාන්නෙ නැද්ද?
අක්කා පොඩිකාලෙ රඟපෑවා. දැන් නෑ. එයා දැන් 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ.

අම්මගෙන්, තාත්තාගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයක්ද?
අම්මා දෙබස් කියලා දෙනවා. මාත් එක්ක ෂූටින් යන්න එන්නෙත් අම්මා. එතකොට තාත්තා අක්කව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.

ධනු විජේරත්න

 2018-05-25-ent-71

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.