Skip to main content

රංගනයට යොමු වෙන එක කාලය තිරණය කරයි

2018-05-28-ent-18රූපවාහිනි නාලිකා සංවිධානය කළ අවුරුදු කුමරි තරග කිහිපයකින්ම ජයගත් බුද්ධි ජයවර්ධන වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වේ. මේ වනවිට රංගනයටද පිවිස ඇති බුද්ධි රඟන පළමු ටෙලි නාට්‍යය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ‘අවසන් ඉනිම’ වූ ඇය එහි ‘මන්දාරා’ ලෙස චරිත නිරූපණය කරනු ලබයි.

‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මන්දාරා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?2018-05-28-ent-19
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු රංගනය. ඉතින් ගොඩක් සතුටුයි පළමු රංගනයටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන කොට.

‘අවසන් ඉනිම’ට පස්සේ?
නැහැ. මම වෙනත් ටෙලි නිර්මාණයකට දායක වුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයකට කතා කළා. නමුත්, ඒවාට දායක වුණේ නැහැ. කාලයක් යනතුරු රංගනයට පැත්තට යොමු වෙන්න නැහැ කියලා තිරණය කළා.

ඇයි රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න කැමති නැද්ද?
මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න තමයි ගොඩක් ආස. තව කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ආසයි. ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණොත් කාලය ගොඩක් වැය වෙනවා. වෙන දෙයක් කරන්න වෙලාවක් හොයාගන්න බැහැ. නමුත්, නිරූපණ කටයුතුවලදී එහෙම නැහැ.

ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයට වඩා නිරූපණ ක්ෂේත්‍රය හොඳයි කියන එකද?
මොහෙමයි, ජනප්‍රිය වෙන්න ආසාවක් තියෙනවා නම් හොඳ රංගන ශිල්පිණියක් වෙන්න. නමුත්, මගේ කැමැත්ත තමයි තව ටික කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක. රංගනයට යොමු වෙන එක ඉදිරියේදී කාලය තිරණය කරයි.

නිරූපිකාවක් වුණාහම වෙනත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා?
මේ දවස්වල මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම වගේ දායක වෙනවා. ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා නම් ආරාධනා බොහෝමයක් ලැබුණා. නමුත්, හොඳ නිර්මාණයකට තමයි දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ.

පැජන්ට්වලට වගේ සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. මොකද, මම නිරූපණ ක්ෂේත්‍රයට ආවත් පැජන්ට් එකකින් නිසා. හොඳ පැජන්ට් එකක් ලැබුණොත් ඒකට දායක වෙනවා. බලමු ඉදිරියට.

බුද්ධි ගැන කිව්වොත්?
අහිංසක කෙනෙක්. පෙනුමෙනුත් ඒ බව පේනවා නේ.

බුද්ධික සේනාධීර

2018-05-28-ent-17 

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල